ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන මහජන බැංකුව, එක්සත් රාජධානියේ කීර්තිමත් ‘ද බෑන්කර්’ (The Banker) සඟරාව විසින් යළිත් වරක් ලොව විශිෂ්ටතම බැංකු 1000 අතරට ඇතුළත් කර තිබේ.
මෙම ශ්‍රේණිගත කිරීමත් සමගින්, ලොව ප්‍රමුඛතම බැංකුවක් ලෙස මහජන බැංකුව ගොඩනඟා ගෙන ඇති ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් වෙයි.
ලන්ඩන් නුවර Financial Times විසින් 1926 වසරේ සිට ප්‍රකාශයට පත්කරන The Banker සඟරාව රටවල් 180ක් වෙත බෙදාහැරේ. ප්‍රධාන වශයෙන් ඒකාබද්ධ ස්ථර 1 ප්‍රාග්ධනය (Consolidated Tier 1) පදනම්ව විශිෂ්ටතම බැංකු 1000 ශ්‍රේණිගත කරනු ලබයි.
ලොව විශාලතම බැංකු ආයතන 5,000කට වැඩි ප්‍රමාණයක, තොරතුරු අන්තර්ගත දත්ත ගබඩාවක් තුළින් The Banker සඟරාවේ ලොව විශිෂ්ටතම බැංකු 1000 වාර්ෂිකව තෝරාගන්නා අතර, මෙය ලොව ශක්තිමත්ම බැංකු හඳුනාගන්නා ලොව සුවිශේෂ මඟපෙන්වීමක් ලෙස සැලකේ.











