ඉන්ධන පෝලිමක සිටියදී හදිසි හෘදයාබාධයකට ලක්ව ඊයේ දිනයේත් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මියගොස් ඇත්තේ පොතුවිල් ප‍්‍රදේශයේ පුද්ගලයෙකි. ඔහු සමෘද්ධි සංවර්ධන නිළධාරියෙකු බව පැවසේ.
ඉන්ධන ලබා ගැනීම සදහා පෝලිම්වල සිටියදී පෙරේදා දිනයේ දී පුද්ගල මරණ තුනක් සිදුව තිබිණ.
ඌරුගස්මන් හන්දිය, කින්නියා සහ මතුගම යන ප‍්‍රදේශවලින් එම මරණ වාර්තා විය.