ගේල්ෆේස් ප්‍රහාරය සම්පූර්ණයෙන්ම හෙළා දැකීමට පියවර ගෙන ඇති විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඊට ජනාධිපතිවරයාගේ සම්බන්ධයෙක් නොමැති නම් එය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය සහ එහි ප්‍රතිවිපාක
නිරායුධ සාමකාමී විරෝධතාකරුවන්ට බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගාලු මුවදොරදී එල්ල වූ ප්‍රහාරය නීතිගරුක වෘත්තිකයන් පිරිසක් ලෙස වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය දැඩි ලෙස හෙළා දකිමු.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගෙනහැර දක්වන ලද නව දේශපාලන සංස්කෘතිය පිළිබඳ සියලු බලාපොරොත්තු සහ අපේක්ෂාවන් මෙම ම්ලේච්ඡ ක්‍රියාවෙන් බිඳ දමා ඇත.
මෙම තීරණාත්මක අවස්ථාවේදී වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් පාලනයෙන් අප අපේක්ෂා කළේ විරෝධතාකරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීමට රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය ම්ලේච්ඡ ලෙස භාවිතා කිරීමට වඩා සම්මුතියක් තුළින් ජාතියේ දැවැන්ත හා ඓතිහාසික දුක් වේදනා සමනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමයි.
විරෝධතාකරුවන් මෙම පරිශ්‍රයෙන් ඉවත් වන බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබියදීත්, එසේ කිරීමට පැය කිහිපයකට පෙර ඔවුන්ට පහර දීම, ඕනෑම සංවේදී පුද්ගලයෙකුට පෙනෙන්නේ පළිගැනීමක් සහ අතිශයින් අනවශ්‍ය දෙයක් ලෙස ය.
අපි ජනාධිපති වික්‍රමසිංහ මහතාගෙන් සහ ඔහුගේ රජයෙන් ඉල්ලා සිටින්නේ ඔවුන් මේ ක්‍රියාව හා කිසිදු සම්බන්ධයක් නොමැති නම් එය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර මෙම ම්ලේච්ඡ ක්‍රියාව වහා විමර්ශනය කර සියලු වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙසයි.
මෙවැනි ම්ලේච්ඡ ක්‍රියාවන් නැවත සිදුවීම වැළැක්වීම සඳහා වික්‍රමසිංහ මහතා ඇතුළු වගකිවයුත්තන් එය බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත යුතු බව අපි නැවතත් අවධාරණය කරමු. විශේෂයෙන්ම මෙම බරපතල ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අප ජාතික සහ ජාත්‍යන්තර සහය අපේක්ෂා කරන මොහොතක රට තුළ සාමකාමී බව සහතික කිරීමට අපගේ නායකයින් ගත හැකි සෑම පියවරක්ම ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය