• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!

June 22, 2022
in Heart
Reading Time: 7 mins read
A A
සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!
Share on WhatsAppShare on Facebook

හිත කොණකවත් නළු උණක් තිබුණෙ නැහැ…
දුෂ්ඨයෙක් නොහිටියොත් කොහොමද වීරයෙක් ඇතිවෙන්නේ…
දුෂ්ඨයා නැත්නම් විසිල් ඇංකෝර් කොහෙන්ද?
කිසිම දවසක මම ‘ස්ටන්ට්’ නළුවෙකු ඉල්ලලා නැහැ…
ඒ පැන්න පැනිල්ලට කකුල කැඩිලා මාස 9ක්ම ඇඳේ හිටියා…
අදටත්, ඒවා දකින කොට හිතට එන්නේ මාර ‘කික්’ එකක්…
ගාමිණී අයියාට කොහේ ගියත් මාව නැතුවම බැහැ…

එක්දහස් නවසිය හැත්තෑ පහ අවුරුද්දේ බොක්ස් ඔෆීස් වාර්තා තිබ්බ ‘කතුරු මුවාත්’ චිත්‍රපටය වෙනුවෙන් එහි අධ්‍යක්‍ෂ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මහත්තයා දුෂ්ට නළුවෙක් හෙව්වලු.
දුෂ්ට නළුවෙක්ය කිව්වේ ගමේ – ගොඩේ තාලෙට වලියට එනකොට සරම බාගයක් කෙළවරකින් උඩට ගන්න ජාතියේ දුෂ්ටයෙක් නෙවෙයි ඔහු හෙව්වේ. ඔහුට ඕනෑ වුණේ ගාම්භීර පෙනුමක් තියෙන ටිකක් ‘හයිෆයි’ ලෙවල් එකේ දුෂ්ට නළුවෙක්ව.., කොහොමින් හරි ‘කතුරු මුවාත්’ ෂූටිං පටන් ගත්තා… දුෂ්ටයගේ කොටස් තියෙද්දී අනෙක් සීන් ටික ෂූට් කරන්න ගත්තා. යන-එන අතරමග කේ. ඒ. ඩබ්ලිව්. මහත්තයා දුෂ්ටයට හරි යන පොරකුත් හොයනවා… ඔය අතරවාරයේ ‘කතුරු මුවාත්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන ඔස්වල්ඩ් ජයසිංහගේ කාර් එක කැඩිලා ඔහු එයාගේ හොඳම ගජයෙක් එක්ක දවසක් සෙට් එකට ආවා. ‘ආ පයින්ම යන්නෙ නැතුව ආ එකේ සෙට් එකේ කට්ටියව අඳුනගෙනම පලයං’ ඔස්වල්ඩ් ජයසිංහ තමන්ගෙ ගජයට කිව්වා. ගජයත් කාර් එකෙන් බැස්සා. ප්‍රධාන නළුවගේ ප්‍රමාදයෙන් කලබල වුණු කේ. ඒ. ඩබ්ලිව්. මහත්තයත් ඉස්සරහට දුවං ආවා… එයාගේ ඇසිස්ටන් ඩිරෙක්ටර් වාකිෂ්ඨ මහත්තයා එක්ක.., වාහනය ළඟ ඔස්වල්ඩ් එක්ක හිටිය ජවසම්පන්න තරුණ මනුස්සයව දැක්කම ඔහු ගැස්සිලා හිටියා. ‘මෙන්න වදේ මම හොයපු දුෂ්ටයා..’ කේ. ඒ. ඩබ්ලිව්.ගේ හිතට ඉද්ද ගැහුවා වාගේ වැදුණා… සිතුවිල්ල ඒක… වාකිෂ්ඨත් එය දිවැසින් අනුමත කළා වාගේ ඔහු දිහාවේ බලලා ‘නියමයි’ කියන්නා වාගේ ඉඟි කළා. සියල්ල අවසානයේ ‘කතුරු මුවාත්’ සමග පංකාදුපහේ දුෂ්ටයෙක්ව කේ. ඒ. ඩබ්ලිව්. නම් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා විසින් සිනමාවට හඳුන්වලා දුන්නා. පළමු චිත්‍රපටයේ පූර්ව දර්ශනයේදීම ඒ දුෂ්ට නළුවට තව චිත්‍රපට පෝලිමකුත් ආවාය කියමුකෝ.., මිනිහට වැඩේ රහ වැටුණා..,
ඒ කියන්නේ.., ඔව්… මුලින් අදිමදි කළාට මේ අති දක්‍ෂ දුෂ්ට නළුවට ඉන්පස්සේ රඟපෑම ‘ඇඩික්’ වුණා. ඒ ‘ඇඩික්’ එක කොයිතරම් ප්‍රබලද කියනවා නම් සිංහල සිනමාවේ ප්‍රසිද්ධම දුෂ්ටයා විදියට ඔහු විරුදාවලිය ලැබුවා. අදටත් ඒ ප්‍රසිද්ධිය එහෙමමයි. දන්නවද එයා කව්ද කියලා.., ඒ ‘රෙක්ස් ජෝශප් කොඩිප්පිලි.., සිනමාවට එයා ජනප්‍රිය වුණේ ‘රෙක්ස් කොඩිප්පිලි’ යන නමින්..,
රෙක්ස් කොඩිප්පිලි සිනමාවට නැතුවම බැරි නොම්මර එකේ දුෂ්ටයෙක්… හැබෑ සටන්කරුවෙක්… ස්ටන්ට් කෙනෙකුවත් ඉල්ලුවේ නැති සටන් නළුවෙක්. ඇත්තටම ඔහු ගැන ලියන්නට වටිනවා..,
ඒ හින්දමයි… පෙම්වතුන් සහ වීරයන් ගැන කලා තොරතුරු සටහනක් කරන්න ‘හාට්’ මැද පිටුවට අද ඔහුව එක්කාසු කරගෙන ආවේ.

කොහොමද ඉතින්… ආයුබෝවන් කිව්වා ඔන්න..?
ඔබටත් එලෙසම වෙන්න ඕනෑ…

මේ දවස්වල තොරතුරු එහෙම කොහොමද..?
මේ දවස්වල ‘දෙවනි ඉනිමේ’ ෂූටිං සමග දවස ගෙවෙනවා. ඒක තමයි ඔබේ ප්‍රශ්නයට දෙන්න පුළුවන් කෙටිම උත්තරය.

හිතන විදියට මම මේ ඉන්නේ… සිංහල සිනමාවේ ප්‍රවීණම දුෂ්ට නළුවා ඉදිරිපිට..?
හැමෝම මං ගැන එහෙම කියනවා මට ඇහෙනවා. හිතන විදියට ඒක ඇත්ත… මම සිංහල චිත්‍රපට කලාවේ මුල්බැහැගත්ත දුෂ්ට නළුවෙක්.

ඔබේ නළුකම අහම්බයක්… කියමුද ඒ ගැන කෙටි විස්තරයක්..?
හිත කොනකවත් නළු උණක් තිබුණෙ නැහැ… මම ප්‍රිය කළේ නිලධාරි සේවයට. ඒ අනුව යුද හමුදා පොලිසියට බැඳුණා. එතැනදී ලබාගත් පන්නරය අති විශිෂ්ටයි. විශේෂයෙන්ම විනය, ආත්ම දමනය, ඉවසීම, ඕනෑම තැනක නොසැලෙන ශක්තිය, පිළිවෙළට වැඩ කටයුතු කිරීම යන දේවල් ඉතාම හොඳින් ප්‍රගුණ කළා. ඉන්පස්සේ හෝටල් සේවයට බැඳුණා. ඒ රැකියාව තුළ සාර්ථක වීමට බොහෝ විට බලපෑවේ ඉහතකී විනයගරුක පැවැත්මයි කිව්වොත් හරියට හරි.

ඉන්පස්සේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ කේ. ඒ. ඩබ්ලිව්.ගේ ඇහැට ඔබව හසුවුණා..?
ඒක අදටත් හිතාගන්න බැරි මහ පුදුමයක් ඇත්තටම… ඇයි ඉතින් මට ඕනෑ වුණේ හෝටල් සේවය හරහා සාර්ථක දිගු ගමනක් යන්න. ඒ දිගු ගමන තුළ කොයි මුල්ලකවත් නළුවෙක් හිටියෙ නැහැ.

ප්‍රවීණ සිනමා නළු ඔස්වල්ඩ් ජයසිංහ තමයි ඔබව ඒ පොයින්ට් එකට ගෙනිච්චෙ..?
ඔස්වල්ඩ් ජයසිංහ මා සමග හමුදා සේවයෙහි හිටපු මගේ ගජයා… එවකට ඔහු ජනප්‍රිය කඩවසම් නළුවෙක්… ‘කතුරු මුවාත්’වලට ෂූටිං යන්න හදන වෙලාවේ මිනිහගේ කාර් එක කැඩිලා මගෙන් ‘ලිෆ්ට්‘ එකක් ඉල්ලුවා. මමත් ගියා ඉතින් එකපයින්ම යාළුවගේ උදව්වට… සෙට් එක ළඟින් එයා බහිනකොට මමත් බැස්සා වාහනෙන්. දොරත් ඇරගෙන මම හිටගෙන ඉන්න කොට අධ්‍යක්‍ෂතුමා කේ. ඒ. ඩබ්ලිව්. එතුමගේ ඇසිස්ටන් ඩිරෙක්ටර් එක්ක එතැනට ඇවිදින් මා දිහාවේ ටිකක් බලා ඉඳලා… චිත්‍රපටයේ පොඩි රෝල් එකක් කරන්න කැමැතිද ඇහුවා… මගේ හිතකවත් නොතිබුණු දෙයක් නිසා මම ආයෙ දෙපාරක් නොහිතා ඒ ආරාධනාව ප්‍රතික්‍ෂේප කරලා ආවා. මෙන්න වදේ… ආයෙම සතියකට පස්සේ මාව හෝටලේටත් හොයාගෙන ආවා කියමුකෝ. බේරෙන්නට බැරිව ගියා… ඔස්වල්ඩ් ජයසිංහත් ඒකට අනුබල දෙනවා… පස්සේ ඉතින් ගිහිල්ලා සීන් එක කළා… තත්පර ගණනයි… ඔස්වල්ඩ් ජීවරාණි එක්ක ෂොපිං කරන අතර මම ගිහින් ඇගේ පර්ස් එක උදුරං දුවනව එච්චරයි. වැඩේ ඉවර කරලා හෝටලේට ආවා… දවස් දෙක තුනකට පස්සේ කේ. ඒ. ඩබ්ලිව්. ආයෙම හොයං ආවා… ‘කොහොමද එදා සීන් එක… හොඳට තිබුණද මං ඇහුවා.., ‘ඒක නියමයි… ඔයා මරු එකට කළා ඒකයි අද ආවේ කියලා. ‘මට තේරුණේ නැහැ… මොකක්ද මේ කියන්නෙ කියලා… මම ඒ පටලැවිල්ල තුළ ඉන්නකොට එතුමා කිව්වා ආයෙම.., එදා ඔයාට දුන්නේ පොඩි ට්‍රයල් එකක්… ට්‍රයල් එක ටොපේ ටොප්… ‘කතුරු මුවාත්’ ෆිල්ම් එකේ ප්‍රධාන දුෂ්ටයාට අපි ඔයාව තෝර ගත්තා’ කියලා.

ඔබව උඩ ගිහිං බිමට වැටුණා වගේ දැනුණද..?
එහෙමමත් වුණේ නැහැ. හැබැයි මට හිතාගන්න බැරි වුණා මේ මොනවද වෙන්න යන්නෙ කියලා. එදා අර සීන් එකෙන් ඒ චැප්ටර් එක ඉවරයි කියලනේ මම හිතුවේ… කොහොමත් මම පසුබෑවේ නැහැ. හොඳ සතුටින් ‘කතුරු මුවාත්’ චිත්‍රපටයේ දුෂ්ටයට රඟපෑවා.

එතැනින් නතර වෙනවා කියලා හිතුවද..?
එහෙම හිතුවේ නැහැ… නමුත් ‘කතුරු මුවාත්’ පූර්ව දර්ශනයෙන් පසුව මට චිත්‍රපට පෝලිමට එන්න ගන්නකොට එහෙම හිතන්න ඉඩක් තිබුණේ නැහැ. ඒ අතර වාරේ ‘කතුරු මුවාත්’ බොක්ස් ඔෆිස් වාර්තා තියෙන කොට මම සිංහල සිනමාවේ දුෂ්ටයා ලෙස නම් දරා අවසන්… මතක හැටියට ඒ ‘එක්දහස් නවසිය හැත්තෑ එක.’

‘දමයන්ති’ චිත්‍රපටය තුළින් ඔබ චරිතාංග නළුවකු ලෙස ඔබේ ප්‍රතිරූපය හදාගත්තා..?
දුෂ්ට නළුවා කියන්නෙත් ‘චරිතාංග නළුවෙක්’ තමයි… දුෂ්ට චරිතයට ප්‍රේක්‍ෂකයා වෛර කළාට ‘දුෂ්ටයා’ කියන්නේ කතාපුවතක කොඳු ඇටය වැනි කොටසක්. දුෂ්ටයා නැතුව කොහොමද චිත්‍රපටයේ ‘කෙල්ලයි, කොල්ලයි’ ජනප්‍රිය වෙන්නේ. ඒ නිසා… දුෂ්ටයෙක් නොහිටියොත් කොහොමද කොල්ලා වීරයෙක් වෙන්නේ.., අපි දුෂ්ටකම් කරලා… ෆයිට් කරලා වැටි වැටි නැඟිටලා… අන්තිමේට නැඟිටගන්න බැරිවම වැටුණම තමයි ප්‍රේක්‍ෂකයෝ කොල්ලට විසිල් ගහලා ඇංකෝර් එක දුන්නේ… දුෂ්ටයා නොහිටියා නම් විසිල් ඇංකෝර් කොහෙන්ද..? ඒක අතර මැදි කතාවක්… ඔබ අහපු ප්‍රශ්නයට උත්තරය දැන් දෙන්නම්. ඔබ අනුමාන කළ දේ හරියටම හරි. ‘දමයන්ති’ කියන්නේ මගේ චරිත නිරූපණයෙහි නව නැම්මක්. මම එහි රඟපෑවේ ගීතා කුමාරසිංහගේ දෙවනි සැමියට සහ ඔස්වල්ඩ් ජයසිංහගේ මිතුරාට… එය අති සාර්ථක ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයක්. තිරගත වූයේ එක්දහස් නවසිය හැත්තෑ පහේ.

වැඩිපුරම රංගනයෙහි යෙදුණේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ චිත්‍රපටවල..?
එහෙමම නැහැ… ඔහුගේ චිත්‍රපට කිහිපයකම රඟපෑවා. ඒ වාගෙම නීල් රූපසිංහ, තිමති වීරරත්න, ලෙනින් මොරායස් සහ කේ. වෙන්කට් යන අධ්‍යක්‍ෂවරු යටතේද හැත්තෑව දශකයෙහි රංගනයෙහි යෙදුණා. ඔහොම ගිහින් මෑතක් වනතුරුම චිත්‍රපට දෙසීයක පමණ රඟපෑවා. ඒ අතර වැඩිපුර දුෂ්ට නළුවාටත් ඉඳහිටක වෙනත් සංකීර්ණ චරිතයන් එහෙමත් රඟපෑවා.

‘කොටි වලිගයෙ’හි සංවේදී ‘පොලිස් නිලධාරියා’ගේ චරිතය ඒ අතර සුවිශේෂයි..?
සම්මාන රැසකින් මා පිදුම් ලද චරිත නිරූපණයක්… මට මතකයි. එහි එන එක් දර්ශනයක් තිබුණා… ගාමිණී ෆොන්සේකාව හැරදමා ඔහුගේ බිරිය ලෙස රඟපෑ ගීතා කුමාරසිංහ ඔහුව වෛiවරයකු ලෙස රඟපෑ රවීන්ද්‍ර රන්දෙණිය සමග පවුල් වීමට යනවා. එයින් ඉමහත් ශෝකයටපත් ගාමිණී ඒ ගැන පවසමින් ඔහුට පහළ ශ්‍රේණියේ නිලධාරියෙකු වූ මා සමග තම දුක බෙදාගන්නවා.
ඒ මොහොතේ ගාමිණීගේ ඇස්වල කඳුළු පිරෙනවා ඉබේම… ගාමිණී කවදාවත් අඬන්න ‘ග්ලිසරින්’ පාවිච්චි කරපු නළුවෙක් නෙවෙයි. දැන් මට එතැනදී කියන්න තියෙන දෙබස මම කියනවා. ‘ඔය ඇස්වල තියෙන කඳුළු පිහිද ගන්න සර්, අපි පොලිස්කාරයෝ නේද..?‘ කියලා මට කියැවෙන්නේ මම හිතුවටත් වැඩිය හැඟීම්බර තාලෙට. එතකොට ගාමිණී.., පොලිස්කාරයො වෙන්න කලින් අපි මනුස්සයෝ වෙලා හිටියා අයිසේ, මේ කඳුළු ඒ මනුස්සයගේ ඇස්වමලින් එන ඒවා..’ කියලා කියනවා. ඇත්තටම ඒ අවස්ථාව කොයිතරම් සංවේදී වුණාද කිව්වොත් මගේ ඇස්වලටත් එතැනදී ඉබේම කඳුළු ආවා. ‘කොටි වලිගයේ’ ඒ මානුෂීය පොලිස්කාරයට මම හරිම මනාපයි. හැබැයි එයින් අඟවන්නේ අනෙක් චරිත ඊට පහළින් තියෙනවාය කියන එක නෙවෙයි. මම රඟපෑ හැම චරිතයකටම මම හරිම කැමැතියි. එය ‘හොඳ, නරක’ හෝ ‘එක, දෙක’ කියා වර්ග කරන්න බැහැ.

ඔබ කවදාවත් ‘ස්ටන්ට්’ කෙනෙකු භාවිත නොකළ සටන් නළුවෙක්..?
කිසිම දවසක මම ‘ස්ටන්ට්’ කෙනෙක් ඉල්ලලා නැහැ. මගේ හැටි දන්න නිසා මට ‘ස්ටන්ට්’ කෙනෙක් දෙන්න දැයි කියල කිසිම චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක් මගෙන් අහලත් නැහැ. අභියෝගවලට මුහුණ දෙන්න කිසිවෙකු නොකරන්නට පරෙස්සම් වෙන අවදානම් සහායක දේ කරන්න මම හරිම ප්‍රියයි. ඒ ප්‍රියතමය තුළ තිබුණෙ හොඳ ගැම්මක්.

ඒ ගැම්මේ සදාතනික සිහිවටන ලෙස තුවාල, කැලැල් 45ක් ශරීරයෙහි සටහන් වුණා..?
මේ මොනවා කියනවද අදටත්, ඒවා දකින කොට හිතට එන්නේ මාර ‘කික්’ එකක්. සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් හිතට හරි ජොලි.., ‘ස්ටන්ට්’ කෙනෙක්ව ඉල්ලන සමහරදෙනා අතර මම ‘ස්ටන්ට්’ කෙනෙකුටත් වඩා හොඳින් පැන්න පිමි… ගහපු බල්ටි… කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා.

සිනමාවට ආපු කාලෙම වාගේ කොහොමද ‘ලොකුම හිනාව’ චිත්‍රපටයේ ලොරියෙන් පැන්න පැනිල්ල..?
අප්පට සිරි ගජ.., ඒක තමයි පැනිල්ල… අධ්‍යක්‍ෂ කේ. ඒ. ඩබ්ලිව්. වාගෙම නිෂ්පාදක ඊ. ඒ. පී. එදිරිසිංහ මගේ ළඟට ඇවිදින් කිහිප වතාවක්ම ‘රෙක්ස්… මේක පුළුවන් නේද… පරෙස්සමෙන් ගොයියෝ’ කියලා කිව්වා. මට නම් තඹ සතේක බයක් තිබුණේ නැහැ. හරිම තාත්විකව ඒ සීන් එක කළා. කොයිතරම් තාත්ත්විකද කියනවා නම්, කකුල කැඩිලා මාස 9ක්ම ඇඳේ හිටියා. අවසාන ටික ෂූටිං කරන්න ගියෙත් කැඩුණු කකුල එක්ක තමයි.

ඔබේ නළුකම තුළ බොහෝ කැපකිරීම් සහ දරාගැනීම් තිබුණා..?
මම විතරක් නෙවෙයි. ඒ කාලේ හැම නළුවෙකු, නිළියක තුළම ඒ යහපත් ඇවතුම් – පැවතුම් තිබුණා. අපි මේ වෘත්තියට බොහොම ගරු කළා, අදටත් ඒක එහෙමයි. කනගාටුයි කියන්න, අද නවකයන් තුළ ඒ ගති පැවැතුම් නැහැ. එය එහෙම වුණේ ඇයි? වරද කොතැනද කියන්න වටහාගන්න බැහැ.

සිංහල සිනමාවේ වැඩිම මුදලක් අය කළ දුෂ්ට නළුවා ඔබ..?
ඔව්… ඒක මගේ අනන්‍යතාවය… එය මට ආඩම්බරයක්.

හොඳම දුෂ්ට නළුවා ලෙස සම්මාන ඇගැයීමක් නොලැබීම තුළ ඔබට සිදුවුණේ අසාධාරණයක් නෙවෙයිද..?
හොඳම දුෂ්ට නළුවා කියලා සම්මානයක් නොගත්තාට මට වෙන ඕනෑ තරම් සම්මාන ලැබිලා තියෙනවා. මා කළ මෙහෙවරට මට නිතර ඉතා උසස් අගැයීම් ලැබුණා. ඒ නිසා ඒ ගැන කම්පාවක් නැහැ.

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා… ඔබට දක්වපු සැලකිල්ල විශේෂයි..?
අපොයි ඔව්… රූගත කිරීමකට හෝටලයක නතර වුණත් ඔහුගේ කාමරයට ඇතුළු වෙන්න අවසර ලැබුණේ මට විතරයි. ගාමිණී අයියාට කොහේ ගියත් මාව නැතුවම බැහැ.
ඔහුගේ ඇසුර ලැබීමත් භාග්‍යයක්… මොකද ගාමිණී ෆොන්සේකා කියන්නේ විශ්වකෝෂයක්. විනාඩියක්, දෙකක් ඔහු සමග ගතකරනවා කියන්නෙත් දැනුම් සම්භාරයක එකතුවක්. ඔහුගේ ගෙදරට යන්න, එන්න අවසර තිබුණු සීමිත පිරිස අතර මමත් එක් අයකු වීම මට හිතට සතුටක්.

යුග ගණනක් පුරා සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට ජීවය දුන් ඔබ… තවමත් නළුකම සමග ගැටෙනවා..?
ඔව්… ඒක මට මහා සතුටක්. ලොකු ආඩම්බරයක්. තවත් ආකාරයකට කියනවා නම් ආශ්වාදයක්. ෂූටිං යන්න පාන්දර හතරට නැඟිටිනවා. හරි වෙලාවට මගේ රාජකාරිය කරන්න පැකිලෙන්නේ නැහැ. නවකයන් සමග වැඩ කළත් පොලිස් සේවයේදී මා ලද ‘විනය ගරුක’ බව මා තුළ තවමත් සුරැකිව තිබෙනවා.

ඒ නිසා වෙන්නැති සෙට් එකේදී හැමෝම ඔබට අසීමිතව ගරු කරන්නේ..?
ඔව්… මමත් ඔවුනට ගරු කරන නිසා ඒ ගෞරවය මටද පෙරළා ලැබෙනවා.

අවසාන වශයෙන් ප්‍රවීණයකු ලෙස නවකයන්ට යමක් කියනවා නම්..?
කලාව කියන්නේ පූජනීය විෂයක්. කලාව තුළ සාර්ථකත්වය ප්‍රගුණ කිරීමට කැපවීම, පරිත්‍යාගශීලී බව වාගෙම නිර්මාණශීලී බවද අවශ්‍යයයි.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රෝහණ විජේවීර මැරුවද-මැරුණද? සති දෙකකින් උත්තර එනවා!

Next Post

මෛත්‍රී කරපු ඉල්ලීමට පුටින් වහා ප්‍රතිචාර දක්වමින් ලියුමක් එවයි! රුසියානු තානාපතිවරයා ලියුම අරන් මෛත්‍රීගේ ගෙදරටම එයි!

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.