• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෛත්‍රී කරපු ඉල්ලීමට පුටින් වහා ප්‍රතිචාර දක්වමින් ලියුමක් එවයි! රුසියානු තානාපතිවරයා ලියුම අරන් මෛත්‍රීගේ ගෙදරටම එයි!

June 22, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මෛත්‍රී කරපු ඉල්ලීමට පුටින් වහා ප්‍රතිචාර දක්වමින් ලියුමක් එවයි! රුසියානු තානාපතිවරයා ලියුම අරන් මෛත්‍රීගේ ගෙදරටම එයි!
Share on WhatsAppShare on Facebook

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා විසින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‌වෙත ලිපියක් එවා ඇති අතර එය අද දිනයේදී රුසියානු තානාපති යුරි මැටෙරි මහතා විසින් හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණ බාර දීමට පියවර ගෙන තිබිණ.

Aeroflot ගුවන් යානය පිළිබඳව ඇතිවී තිබුණු මතභේදාත්මක තත්ත්වය සමථය කිරීමේ අරමුණින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාට ජුනි මස 05 වන දින ලිපියක් යොමු කරන ලදී. අදාල ලිපියෙන් එතුමා ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාව දැනට වැටී තිබෙන අර්බුදය හමුවේ රුසියානු සංචාරකයන් මෙරටට පැමිණීමට බහුලව භාවිතා කරන රුසියානු ජාතික ගුවන් සේවාව මෙරටට පැමිණීම නොවළක්වන ලෙසත්, එසේ වුවහොත් එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සහ විදේශ විනිමයට මරු පහරක් වන බැවින් මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසත්ය.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ගරු යුරි මැටෙරි මහතා විසින් රුසියානු ජනාධිපතිවරයා ගේ පිළිතුරු පණිවුඩය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ප්‍රකාශයට පත් කරන ලදී. එම ලිපියේ අන්තර්ගත කාරණා පිළිබඳව ඉතා ඉක්මනින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කොට සාධනීය පිළිතුරක් රුසියානු රජය අපේක්ෂා කරන ආකාරයට ලබා දීමට මැදිහත් වන බව සඳහන් කරන ලදී.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ රජය සමඟ සාකච්ඡා කොට සාධනීය පිළිතුරක් රුසියානු රජය අපේක්ෂාවෙන් සිටින බව රුසියානු තානාපතිවරයා මෙහිදී පැවසීය.

තවද තානාපතිතුමන් සඳහන් කර සිටියේ තෙල් අර්බුදය සහ පොහොර ගැටළුව පිළිබඳව ඉතා සාධනීයව සලකා බැලීමට හැකි වන අතර ශ්‍රී ලංකා පාර්ශවයේ යහපත් මැදිහත්වීමක් තවමත් දක්නට නොලැබෙන අතර මීට වඩා උනන්දුවෙන් සහ කැපවීමෙන් කටයුතු කරයි නම් ඒ පිළිබඳව වඩාත් සක්‍රීය දායකත්වයක් ලබා දීමට හැකි බවය.

21 වන සංශෝධනය සහ සර්ව පාක්ෂික ආණ්ඩුවේ අපේක්ෂා කරන ව්‍යුහය පිළිබඳව දීර්ඝව මෙහිදී තානාපතිවරයා සාකච්ඡා කර අතර දෙරටේ තිබෙන්නා වූ මිත්‍රත්වය පලුදු නොවී ඉදිරියට ගෙන යාමේ වැදගත්කම පැහැදිලි කරන ලදි.

Aeroflot ගුවන් ගමන් නැවතත් ආරම්භ කිරීමට අවශ්‍ය වන රුසියානු ජනාධිපතිවරයා සහ රජය අපේක්ෂා කරන එකඟතාවය ඉතා ඉක්මනින් ලබාගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත් වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ඉතා ඉක්මනින් එම එකඟතාවය ලබාගැනීමට මැදිහත් වන ලෙසත් ඉල්ලා සිටින ලදී.

SendShareShare
Previous Post

සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!

Next Post

ඔස්ට්‍රේලියාවට උපහාර දක්වන්න සිකුරාදා කහ ඇඳලා මැච් එකට එන්න!

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.