• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

‘ටොප්’ කියලා සෑහීමකට පත්වෙන්න චරිත මහ ගොඩක් මම කරලා නැහැ!

June 22, 2022
in Heart
Reading Time: 7 mins read
A A
‘ටොප්’ කියලා සෑහීමකට පත්වෙන්න චරිත මහ ගොඩක් මම කරලා නැහැ!
Share on WhatsAppShare on Facebook

රංගනය සඳහා ලැබෙන ඇතැම් අවස්ථාවන් මගේ පෙනුම නිසා අහිමි වුණා…
රංගනය කියන්නේ ‘රඟනොපා රඟපෑ යුතු’ සුවිශේෂී කලාවක්…
නළු නිළියො ගැන ඕපාදූප අහන්න අපි ඒ දවස්වල හරිම කැමැතියි…

මේ දවස්වල ‘පීතෘ’ ටෙලිනාට්‍ය ගැන කවුරුත් අතැන, මෙතැන කතාබහ කරනවා. ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ ආනන්ද අබේනායකගේ තවත් නිර්මාණශීලී මෙහෙවරක් වූ ‘පීතෘ’ ටෙලි කතාවේ ‘ගෞරි’ගේ චරිත නිරූපණය කරන උමාලි තිලකරත්න තරමටම ඇගේ තාත්තා විදියට රඟපාන ප්‍රියන්ත සිරිකුමාර ගැනද හැමෝම හැමතැනකම වාගේ කතා කරන්න අරගෙන තියෙනවා කිව්වොත් ඒක බොරුවක් හෝ අතිශයෝක්තියක් එහෙම නෙවෙයි. ‘ඒ තාත්තා නම්.., ඇත්තටම මරු ඇක්ටිං ආ…’ බොහෝ දෙනෙකු සරලව ප්‍රියන්ත සිරිකුමාර ගැන… එහෙම වර්ණනාවක් දෙනවා..,
ඒක ඇත්ත.., ඒ කිව්වා වාගෙම ප්‍රියන්ත සිරිකුමාරගේ ‘රඟපෑම්’ රංගනයක් නොවන තරමටම ස්වාභාවිතයි.., ලොකුවට හිතට නොගෙන සරලව රඟපාන සෙට් එකෙන් බැහැර වූ කළ එදිනෙදා සාමාන්‍ය ජීවතය තුළදී ද සරල චරිතයක් වූ ‘ප්‍රියන්ත සිරිකුමාර’ තමා ගැන සරලව කතාබහ කරන්නට ‘මව්රට’හි අප වෙන් කරගත් මිතුරු හෝරාව සමග එක් වූයේ මෙලෙසිනි.

කොහොමද මේ දවස්වල ජීවිතේ, ගෙවීගිය දින කිහිපය තුළ ඔබ බොහෝ කාර්යබහුලව හිටියා..?
ඔව්… ඔබේ අනුමානය හරි… මගේ අලුත්ම චිත්‍රපටය නිසා මම කාර්යබහුලව හිටියා.

ඒ ඔබේ පළමු සිනමා රංගනය..?
නැහැ… මීට පළමුව මම ‘තණ්හා රතී රඟා’ චිත්‍රපටයේද රඟපෑවා. ඊට පළමුව ඉලන්ගෝ රාමනාදන්ගෙ කෙටි චිත්‍රපටයක් වූ ‘සයිලන්ස් ටියර්ස්’ (Silent Tears) සඳහා ද මම රංගනයෙන් දායක වූවා.
ඊයේ පෙරෙයිදා රූගත කිරීම්වල නිරතව සිටියේ මම ප්‍රධාන චරිතයක් රඟපාන ‘බෙන්ඩ් ඉන්ද කොෆින්’ (Bend in the Cofin) චිත්‍රපටයෙයි. ඒ මගේ පළමු වෘත්තාන්ත චිත්‍රපටයයි. එයද ඉලන්ගෝ රාමනාදන්ගේ නිර්මාණයක්.

කොහොමද ඔබ නළුවෙක් වුණේ… ඒක අහම්බයක්ද..?
නැහැ… ඒක අහම්බයක් නෙවෙයි… කුඩා කාලේ ඉඳන්ම කලාවට ලොකු ඇල්මක් තිබුණා. පවුලේ හැමෝටම වාගේ චිත්‍රපට බලන ආශාව සීමාවක් නැතුව තිබුණා. ‘චිත්‍රපට පිස්සුව’ කියල කිව්වත් හරි ඒකට… ඒ අතර සිනමා පත්තර බලන්න තිබුණු කැමැත්ත… මං වාගේම අපේ පවුලේ අනෙක් අක්කලා, අයියලාත්… ගෙදරට ගේන සිනමා පත්තර බලුවේ එක පොරයට නළු නිළියො ගැන විස්තර කියවන්න… රසවත් ඕපාදූප අහන්න අපි ඒ දවස්වල හරිම උනන්දුයි. කෙටියෙන් කියනවා නම් මම නළුවකු වුණේ කලාවට තිබූ ඇල්ම නිසයි.

බොහෝ කලා ශිල්පීන් වාගෙම ඔබද රංගන චාරිකාව ඇරැඹුවේ වේදිකාවෙන්..?
වේදිකාව කියන්නේ බොහෝ ප්‍රවීණයන් සමග ගැවසෙන්න අවස්ථාව ලැබුණු තැනක්. එතැනදී රංගනය වාගෙම කලාවේ බොහෝ ඉසව් කරා යොමු වන්නටත් ඒ ගැන අධ්‍යයනය කරන්නටත් මට හැකියාව ලැබුණා. පරාක්‍රම නිරිඇල්ල, සුගතපාල ද සිල්වා, හර්බට් රංජිත් පීරිස් වැනි කෘතහස්ත කලා ශිල්පීන් යටතේ විවිධ වැඩමුළුවලට සහභාගි වුණා.

රංගන කලාවට සමගාමීව ඔබ වේශ නිරූපණ කලාවත් හැදෑරුවා..?
වේශ නිරූපණ ශිල්පය ගැනද හිතේ ලොකු ඇල්මක් තිබුණා… එහි පරතෙරට යන්න හිතුණා… ඒ උනන්දුව නිසාම රංගනයට වාගෙම එයටත් විශේෂ තැනක් දුන්නා.

බොහෝ කලාකරුවන් රංගනය සහ අධ්‍යක්‍ෂණය තෝරා ගනිද්දී.., ඔබ රංගනය සහ වේශ නිරූපණය තෝරාගත්තා..?
ඔව්… ඒ මගේ හිතට දැනුණු විදිය. රංගනය සමග වේශ නිරූපණයත් ඉගෙනගත්තා නම් වඩා හොඳයි කියලා හිතුණා. ඒ වාගෙම එයට තවත් හේතුවක් වුණේ, මගේ බාහිර පෙනුමයි. බොහෝ විට මට හිතුණේ මගේ බාහිර ස්වරූපය නිසා මට රංගනය සඳහා ලැබෙන ඇතැම් අවස්ථාවන් අහිමිව ගියාය කියලයි. ඒ හින්දාම මම වේශ නිරූපණ ශිල්පයද හදාරන්න ගත්තාය කිවුවොත් හරියටම හරි මං හිතන්නේ.

ඔබ දක්ෂ රංගන ශිල්පියෙක්, ඇයි ඒ දක්‍ෂතාවය බාහිර පෙනුම මුල්කොට අවතක්සේරුවකට බඳුන් කළේ..?
මෙහෙමයිනේ.., ඕනෑම විෂයකදී අපි කවුද.., අපට හිමි තැන කොතැනද… කළ හැකි දේ මොනවාදැයි කියන කාරණය හොඳින් තේරුම්ගත යුතුයි.
ඉතින් එතැනදී මමද මා කවුද… කුමක් කළ යුතුද… කියන කාරණය තේරුම් ගත්තා. ඒ අවබෝධය තුළ තමයි මම රංගනය සමග වේශ නිරූපණ ශිල්පය තෝරා ගත්තේ. කලාව තුළ දිගුකාලීනව රැඳී සිටින්නයි මට ඕනෑ වුණේ.

වේදිකාවේදී ඔබ රංගනයට වැඩිය වේශ නිරූපණය තුළ කැපී පෙනුණා..?
ඔව්… බොහෝ ප්‍රවීණ නාට්‍ය නිර්මාණකරුවන්ගේ නිර්මාණ සමග වේශ නිරූපණය තුළින් මගේ හැකියාව පෙන්නන්නත්… තව, තව නොදත් දේ ඉගෙන ගන්නටත්, නොසිතූ අත්දැකීම් තුළින් වේශ නිරූපණ කලාව දියුණු කරගන්නටත් මට හැකියාව සහ ඉඩ ලැබුණා.

‘ග්ලැඩියේටර් ප්‍රේමය’ තුළින් වේදිකා රංගනයට ඔබ අවතීරණ වුණා..?
වේදිකා නාට්‍ය කිහිපයකම රඟපෑමේ වරම උදාවුණා.., ඒ අතර ප්‍රවීණ නිර්මාණකරුවන් වූ නාමල් ජයසිංහ සහ ප්‍රසන්න මහගම වේදිකාවට ගෙන ආ ‘ග්ලැඩියේටර් ප්‍රේමය’ විශේෂයි.

වේශ නිරුපණය සහ රංගන කලාව යන ඉසව් දෙකෙහිදීම ඔබ සම්මානයට පාත්‍ර වුණා..?
යෞවන නාට්‍ය සම්මාන උළෙලවලදී රංගනයට වාගේම වේශ නිරූපණ කලාවටත් මට සම්මාන ලැබුණු අවස්ථා වාගෙම සම්මානවලට නිර්දේශ වූ අවස්ථාද තිබුණා.

ටෙලි කලාව තුළින් පුංචි තිරයට පැමිණි කතාව ඇරැඹෙන්නේ කොතැනින්ද..?
ඒ ආරම්භය හදලා දෙන්නේ සම්මානනීය අධ්‍යක්‍ෂ පරාක්‍රම නිරිඇල්ලයි… අනූ ගණන්වල මුල් භාගයේ කළ සිංහල අවුරුදු ඒකාංගික ටෙලියකට එතුමා මට කතා කරනවා. එතකොට මට වයස අවුරුදුු 18ක් වාගෙ ඇති. ඒ ආසන්නයේදීම වාගේ… සුගතපාල ද සිල්වා නම් නිර්මාණකරු රචනා කළ බර්ට්‍රම් නිහාල් අධ්‍යක්‍ෂණය කළ ‘ඉසුරු ගිර’ ටෙලිනාට්‍යයේ රඟපෑවා. ඊටත් පස්සේ හර්බට් රංජිත් පීරිස්ගේ ‘දියසේන’ නාට්‍යයටද එක්වුණා.

මතක හිටින චරිත අතරට ආවේ ‘මේ වසන්ත කාලයයි’ ටෙලියෙන්..?
ඔව්… ඒ මම දීර්ඝව රංගනයෙහි යෙදුණු ප්‍රධාන චරිතයකට ජීවය දුන් පළමු ටෙලිනාට්‍යය. අදටත් ඒ ගැන කවුරුත් කතා කරන කොට ඇත්තම සතුටුයි. ‘මේ වසන්ත කාලයයි’ ටෙලියෙ එන බොහෝ දර්ශන හරිම සිත්කලුයි. තවමත් ඒ සුන්දර රූප රාමු ගැන ඇතැමුන් කතා කරනවා.

රංගනයයි… වේශ නිරූපණයයි යන ශිල්පයෙන් දෙකම මිශ්‍රව භාවිතයට ගත් නිර්මාණ තියෙනවද ඔබේ..?
නැහැ… කවදාවත්ම මම රඟමින් වේශ නිරූපණ කාර්යයට මැදිවෙලා නැහැ. එය මට එතරම් පහසු කාර්යයක් නෙවෙයි. රංගනය කියන්නේ ‘රඟනොපා රඟපෑ යුතු’ සුවිශේෂී කලාවක්. එම මෙහෙවර තුළදී තවත් විෂයක් පටලවා ගැනීම මට කරන්නට බැරි වැඩක්. මම රංගනයට මැදි වන්නේ එය හැකි පමණ සාර්ථකව නිම කිරීමේ කැපවීම සිතට ගනිමිනුයි. එතැනදී තව තව දේ හිතට බරක් කර ගැනීම මට කවදාවත් කළ නොහැක්කක්. අනෙක යම් නිර්මාණකරුවකු අපිව එකී නිර්මාණ මෙහෙවරට තෝරා ගන්නේ අපි ගැන ලොකු විශ්වාසයකින්. ඒ වාගේම ඔවුන් අපට පවරා දෙන්නෙ යම් වගකීමක්. අන්න ඒ වගකීම සුළුකොට තකන්න මම පුද්ගලිකව කැමැති නැහැ. ඒක මගේ අදහසක්. මම එහෙම කළ යුතු නැහැ කියා මම හිතනවා. රංගනය නම් රංගනය… වේශ නිරූපණය නම් වේශ නිරූපණය. එතැනදී අදාළ කාර්යය මැනවින් ඉටුකරලීමයි මගේ එකම අරමුණ.

රංගන මෙහෙවරකදී යම් නිර්මාණකරුවකු ඔබේ මෙහෙවර තදින් අගය කළ අවස්ථා තියෙනවද..?
‘ආ… ඔයා නියමයි’ කියා කිසිම නිර්මාණකරුවකු මාව අගය කොට නැහැ. එහෙම කළ යුතුයි කියා මා හිතන්නේද නැහැ. හැබැයි, බොහෝ අධ්‍යක්‍ෂවරුන් ඔවුන්ගේ පළමු නිර්මාණයට පසුව නැවැත නැවැතත් මාව සොයා පැමිණීම තුළ ‘මම එම නිර්මාණකරුවනට අවැසි දේ දුන්නා’ය කියන සතුටුදායක හැඟීම මගේ යටි හිතට දැනෙනවා. කොහොමත් ‘ටොප්’ කියලා සෑහීමකට පත්වෙන්න තරම් චරිත මහ ගොඩක් මම කරලා නැහැ.

ඔබ බොහෝවිට චරිත තෝරන්නෙ බේරන්නෙ..?
ප්‍රධානම කාරණය.., බාරගත් තිර පිටපතක කාර්යභාරය නිමවන තුරු තවත් චරිත නිරූපණයක් බාර ගැනීමට යෑමෙන් ඉහත චරිත රංගනයට අසාධාරණයක් විය හැකිය යන මතයට මම හිස නැමීමයි. ප්‍රේක්‍ෂකයාට මතක හිටින යමක් තිළිණ කර දීම වගේම නිර්මාණකරු අප වෙත පැවරූ වගකීම නිසි ලෙස ඉටු කිරීම යන තව කාරණයන් ඒ හිස නැමීම තුළ තියෙනවා.

‘පීතෘ’ ටෙලි කතාවේ ‘ගෞරිගේ තාත්තා’ ඔබට ලැබුණු කදිම චරිතයක්..?
ඔව්… ඉතාම කැපවීමෙන් මා කළ චරිතයක්. ලැබෙන ප්‍රතිචාර ගැන සතුටු වෙනවා. ඒ වාගෙම මාව ‘ගෞරි’ගේ තාත්තාට තෝරා ගැනීම වෙනුවෙන් ඒ ගැන අදහස් හුවමාරුවක යෙදුණු නාමල් ජයසිංහ සහ ආනන්ද අබේනායක වැනි ප්‍රවීණයන්ට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.

‘මෙය ඔබට පුළුවන්දැයි’ කියා ඔවුන් ඇහුවද ඔබෙන්..?
නැහැ… එහෙම ඇහුවේ නැහැ… කිසිදුම විමසීමකින් තොරව ඔවුන් ‘ගෞරි’ගේ තාත්තාව මට බාර දුන්නා…’ ‘ශාරීරික සහ මානසික ක්‍රියාවලියක් තුළ ගැඹුරටම යා යුතු චරිතයක්. සංවේදීව, හැඟීම්බරව නිරූපණයට මැදිවෙන්න…’ අන්න ඒ වචන විතරයි ඔවුන් මා හමුවේ තැබුවේ. ඇත්තෙන්ම කාලයට උචිත, කිසිවෙකු ටෙලි කතාවක් හරහා කතාබහ නොකළ, ඒ තිර පිටපතට මම බොහොම ඇලුම් කළා.

ඔබ දූවරු දෙදෙනෙකුගේ පියකු වීම ‘ගෞරි’ගේ තාත්තාව සාර්ථකව රඟ දක්වන්න යම් හේතුවක් වුණාද..?
සමහර විට එහෙම වෙන්න ඇති. මමත් මගේ දූවරුනට බොහෝම සමීප තාත්තෙක්.

ඔබව විචාරයට ලක්කරන්නන් අතර ඔබේ ආදරණීය පවුල විශේෂයි..?
නිගමනය වැරැදි නැහැ… මගේ බිරිය ශිරෝමි, ලොකු දූ මනුලි ලවන්‍යා, බාල දූ බීනු අසල්‍යා තමයි මගේ රංගනයේ සාර්ථක, අසාර්ථක තැන් මට පෙන්වා දෙන සුහද විචාරකයන්. තිර පිටපතක් ගැන වුවද ඔවුන් සමග සංවාදයේ යෙදීම මගේ පුරුද්දක්.

බාල දූ කවදා හෝ රංගන කලාවට පිවිසෙයිද..?
ඈ මා සමග ළමා වියේදී ඉලංගෝ රාමනාදන්ගේ ‘සයිලන්ස් ටියර්ස්’හී රංගනයට එක්වුණා. සම්මාන කිහිපයකින්ද පිදුම් ලැබුවා. අධ්‍යාපනයෙන් පසුව ඈ රංගනය තෝරා ගනීවිද නැද්ද තවම දන්නේ නැහැ. තීරණය ඇය සතුයි.

ඔබ වැඩිපුර ප්‍රිය කරන්නේ රංගනයටද, වේශ නිරූපණ කලාවටද..?
උත්තරය සරලයි… මම වඩාත්ම ප්‍රිය රංගන කලාවටයි.

කතාබහ අවසන් කිරීමට පළමුව කියන්න තව යමක් ඔබට තියෙනවද..?
ඔව්… මෙය කිව යුතුම කතාවක්. කලා ශිල්පියකු ලෙස, රංගනවේදියෙකු ලෙස අද මම සිටින තැන කොතැනද… එහි ගෞරවය හිමිවිය යුතු මා ගරු කරන ප්‍රවීණයන් අතර ‘රසාදරී පීරිස්’ සහෝදරියත්, ප්‍රවීණ කලා ශිල්පී ධම්ම ජාගොඩ මහතාගේ ප්‍රිය බිරිය මානෙල් ජාගොඩ මහත්මියවත් මෙතැනදී දයාවෙන් මතක් කර සිටිනවා.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

තානාපතිවරුන්ටත් ගමන් බිමන් යන්න තෙල් නෑ! බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කෝච්චියෙන් යාපනේ ගිහින්! (VIDEO)

Next Post

ගෝල්ෆේස් අරගලයේ දැන් ඉන්නේ පට්ට තක්කඩියෝ ටිකක්! කුඩුකාරයෝ ටිකක්! අරගලකරුවො එළවලා දාන්න කියලා විමල් පාර්ලිමේන්තුවේදී නොකියා කියන හැටි බලන්න! (VIDEO)

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.