• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අම්මාවරුනේ අම්මාවරුනේ සම්මා සම්බුදු අම්මාවරුනේ…

May 22, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
අම්මාවරුනේ අම්මාවරුනේ සම්මා සම්බුදු අම්මාවරුනේ…
Share on WhatsAppShare on Facebook

කාන්තාව කියන කෙනා එක් එක් භූමිකාවන් හරහා සමාජය සමග ගැටෙනවා. ඒ කාන්තාව යම් දවසක මාතෘත්වයට පත්වුණාම මේ විශ්වයේ උත්තරීතරම කෙනා බවට පත්වෙනවා. අම්මා සියලු ප්‍රශ්න විඳ දරාගන්නේ තම දරුවන් වෙනුවෙන්. අම්මා කෙනෙක්ගේ ආදරය අසීමාන්තිකයි. ඇගේ ඒ ආදරේ නිර්මලයි.

පසුගියදා අප රටේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා ඡන්දයක් පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 අතරින් එම ධුරයට කාන්තාවකගේ නමත් යෝජනා වුණා. ඇය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මියයි. නමුත් ඇයට නියෝජ්‍ය කතානායක තනතුර ලබාගන්නට හැකියාව ලැබුණේ නැහැ. මීට මාස කිහිපයකට කලින් ඇය පාර්ලිමේන්ුව තුළදී වාචික හිංසනයටද ලක්වුණා ඔබට මතක ඇති.

එම සිදුවීම නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නටද කතානායකවරයාට සිදුවුණා. ඒ කොහොම වුණත් පාර්ලිමේන්තුව වැනි උත්තරීතර තැනක කාන්තාවකට හිමි තැන ලබාදෙන්න අද වෙද්දී පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතරයක් කැමැති නැති බව රට ඉදිරියේම ඔප්පු වී හමාරයි. ස්ත්‍රී – පුරුෂ සාමානාත්මතාව තවමත් තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණක් බව ඒ මන්ත්‍රීවරුන් සපථ කළා.

මාර්තු 08 වැනිදාට අපේ රටේ මහ ඉහළින් කාන්තා දිනය සැමරුවත් කාන්තාවන්ගේ අයිතිවාසිකම් තහවුරු වෙලා නැති බව කනගාටුවෙන් වුණත් සඳහන් කළ යුතුයි. කාන්තාවගේ ගරුත්වය අහිමි වෙලා. පාරවල් ගානේ ගෑස් පෝලිම්වල, භූමිතෙල් පෝලිම්වල කාන්තාවන් රැය පහන් කරන තැනට අද පත්වෙලා. මේ දුක්විඳීම් දරාගන්න බැරිව මානසික අසහනයට පත්වුණු අම්මලා මානසික දැඩි පීඩනයකින් ඉන්නේ. දියවැඩියාව, හදවත් රෝග, රුධිර පීඩනය, වකුගඩු ආබාධ වැනි තත්ත්වයන් සඳහා ලබා දෙන ඖෂධ නොමැතිව ඔවුන් කබලෙන් ළිපට වැටිලා. බෙහෙත් තිබුණත් ඒවායේ මිල දෙගුණ තෙගුණ වෙලා. රජයේ රෝහල්වල බෙහෙත් නැහැ.

අම්මා කෙනෙකුගේ දවස ආරම්භ වෙන්නේ අලුයම හතරට විතර. දරුවන් සුව නින්දේ පසුවන ඒ වෙලාවෙ අම්මා අවදි වෙලා දවස පටන්ගන්නේ දරුවන්ට ස්වාමියාට ආහාර පිළියෙල කරමින්. කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා ගායනා කරන ‘ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩනා…’ කියන ගීය කොයි තරම් අර්ථාන්විතද කියලා හිතෙනවා. ආහාර පිළියෙල කරලා, දරුවන් පාසල් යවලා, නිවෙස අතුපතුගාලා, රෙදි සෝදලා, වළං සෝදලා තවත් දහසකුත් එකක් කාර්යයන් ඇය කරන්නේ මොහොතක හෝ අස්වැසිල්ලක් නොලබා.

ඒ සියල්ල අවසන් කරලා ඇය රාත්‍රී නින්දට යන්නේ හෙට අලුයමින් උදාවන නව දවස ගැන හිතමින්. මේක තමයි අම්මා කෙනෙක්ගේ දින චර්යාව. හැම අම්මා කෙනෙක්ම කැමැතියි දරුවන් හොඳ රැකියාවක් කරලා වාහනයක් ගන්නවට. ඒ වාහනේ දරුවන් සමග යන්න අම්මලා කොයි තරම් කැමැතියිද? ඒ සෑම අම්මා කෙනෙකුගේම අහිංසක බලාපොරොත්තුවයි.

අපේ රටේ දරුවන් දස දහස් ගානක් ඉදිරි සතියේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙනවා. දරුවෙක් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන වයස දක්වා උගන්වන්න, පෝෂණය කරන්න කොයි තරම් නම් වෙහෙසක් ගන්නවද? දරුවන් මේ තැනට ගේන්නට අම්මා කෙනෙක් කොයිතරම් නම් දහ දුක් විඳින්න ඕනෙද? නමුත් අද වෙද්දී ඒ අම්මලාට තමන්ගෙ දරුවන්ට හරියට කෑම වේලක් දෙන්න බැරි තත්ත්වයකට රට පත්වෙලා ඉවරයි. ආහාර ඇතුළු සියලු වෙළෙඳ භාණ්ඩවල මිල අහස උසට නැඟලා. විදුලි කප්පාදුව පැය ගණනාවක් දක්වා දීර්ඝ කරලා. දරුවන්ට පාඩම් කරන්න විදියක් නෑ. උපකාරක පන්තියකට යවන්න විදියක් නෑ.

දහසකුත් එකක් ප්‍රශ්න මැද අපේ අම්මාවරුන් අසරණ වෙලා. මෙලෙස දුක් විඳින අම්මලා ගැන සොයා බලන්න ‘මව්රට’ පත්තරේ අපි කටයුතු කළේ අපේ හදවතේ ඔවුන් ගැන තියෙන ගැඹුරු සංවේදීතාව නිසාමයි.

අද වෙනකොට අම්මා කෙනෙක් උදේට නැඟිටින්නේ වෙනදා නොතිබුණු මානසික ආතතියකින්. උදේ නැඟිටලා හිතන්න වෙලා තියෙනවා අද දවස ගෙවන්නේ කොහොමද, කන්නේ කොහොමද, දරුවන් ඉස්කෝලේ යවන්නේ කොහොමද කියන දේවල්. මේ නිසාම කාන්තාවන්ට දැඩි මානසික ආතතියක් ඇතිවෙලා. දරුවන් කිරි ඉල්ලා අඬනවා. නමුත් වෙළෙඳ පොළේ අද වෙද්දී කිරිපිටි නැහැ. ඇතැම් සුපිරි වෙළෙඳසල්වල කිරිපිටි තිබුණත් ඒවා මිලදී ගන්න තරම් වත්කමක් බොහෝ දෙනකුට නැහැ. පෙර තිබූ මිල වගේ දෙගුණයකට වඩා ඒවායේ මිල ඉහළ ගිහින්. ඉතින් කොහොම දරාගන්නද මේ ප්‍රශ්න.

දරුවන්ද සමග ගෑස්, භූමිතෙල් පෝලිම්වල දවස් ගණන් ගතකරන අම්මලාව අපට මුණගැහෙනවා. පාන්දර දෙක පමණ වෙද්දී පෝලිමට ගිහින් පැය හත අටක් නිකරුණේ ගතකරලා ආපහු හිස් අතින් එන්න ඒ අම්මලාට සිදුවීම කොයි තරම් ඛේදජනක තත්ත්වයක්ද? මේ විදියට පෝලිමට ආපු අම්මා කෙනෙක් හැඬූ කඳුළින් ඇහුවේ,

‘දරුවො බඩගින්නේ අඬනකොට අපි දෙන්නේ ඇඟේ තියෙන මස් ටිකද…?” කියලයි. ඒ තරමටම ඔවුන් අසරණයි. ආහාර ටික පිසගන්න, වතුර ටික රත්කරගන්න ගෑස් නැහැ. කොයි තරම් දුෂ්කරතාවකටද ඔවුන් පත්වෙන්නේ. ඒ වගේම ඉන්ධන හිඟයත් උග්‍ර අතට පත්ව තිබෙන අවස්ථාවක ඒ කාන්තාවන්ගේ ස්වාමිපුරුෂයන්ට රැකියාවට යන්න විදියක් නැහැ. එදිනෙදා රැකියා කරන ඔවුන්ගෙ ත්‍රිරෝද රථවලට ඉන්ධන නැහැ. සැතපුම් ගණන් දිගු ඉන්ධන පෝලිම්වල පැය ගණන් ගතකරලා තෙල් ටිකක් ගහගෙන එළියට එද්දී ඇඳිරි වැටිලා. කොහොමද කුලී ගමනක්වත් යන්නේ? ඒ නිසා දෛනිකව මුදලක් උපයන මිනිසුන්ට ආදායමක් නැහැ.

කඩෙන් කෑම වේලක් ගත්තොත් වේල් දෙක තුනක් බඩගින්නේ ඉන්න සිදුවෙනවා. ආහාරවල මිල ගණන් ඒ තරම් වැඩිවෙලා. පාන් ගෙඩියක් රුපියල් 170ක් දක්වා වැඩි කරලා. හිතන්න පුළුවන්ද දුප්පත් මිනිහෙක් කොහොම කුසගින්න නිවාගන්නවද කියලා…

අම්මා කෙනෙක් දරුවන් වෙනුවෙන් කරන අසීමිත කැපකිරීම ගැන රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා රචනා කළ අපූරු ගීයක් මතකයට නැඟුණා. “දවසක් පැල නැති හේනේ” කියන ඒ ගීය ගායනා කළේ විශාරද ගුණදාස කපුගේ මහත්තයා. දුප්පත් අම්මා කෙනෙක් මහ වැස්සේ තෙමෙමින් තම පුංචි දරුවාව නොතෙමා ආරක්ෂා කරගන්න දරන උත්සාහය ඒ ගීයෙන් මනාව ඉදිරිපත් කරනවා. මාතෘත්වයේ උත්තරීතර බව ගැන කියැවෙන පටාචාරා කතාවත් ඒ ගීය තුළින් පිළිබිඹු වෙනවා. දුක් විඳින දහසක් අම්මලාගේ දරු සෙනෙහස පිළිබඳ මතක් කර අපේ දෑසට කඳුළක් එක්කරවන්නට ඒ ගීය සමත් වෙනවා.

ජීවිතය ඉදිරියට මොන ප්‍රශ්න ආවත් අම්මා කෙනෙක් දරුවෙක්ව තම ජීවිතය තියෙන තුරු රැක ගන්නවා. ඒ ගැන මේ පද පේළියෙන් මනාව ඔප්පු කරන්නට පද රචකයා සමත් වෙනවා.

‘නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණු දා
නුඹෙ සෙනෙහස සුවඳ දිදී
දැනුණා මට අම්මේ…’

අද අපේ නිවෙසට ඇදහැලෙන්නේ අගහිඟකම් නමැති අනෝරා වැස්සයි. අපේ අම්මා සියලු‍ දුක් කම්කටොලු තම කරපිට පටවා ගනිමින් දරුවන් ආරක්ෂා කරන්නට වෙහෙසෙනවා. මේ උතුම් ගුණයෙන් යුක්ත වූ අම්මාවරුන් මේ මිහිමත කොයිතරම් නම් ඇද්ද? ඒ මවුවරුන්ට මේ ගීය උපහාරයක්ම වේවා…

අපි පුංචි කාලේ අම්මා අපේ හිසේ තෙල් ගාලා පොත් බෑගය කරට දාලා අකුරු කරන්නට එක්කරගෙන ගියා. අපි ටිකෙන් ටික ලොකු වෙනකොට අම්මා සතුටු වුණා. අදටත් ඒ අසීමිත ආදරය අපේ මතකයට නැගෙනකොට නෙතට කඳුළක් උනන්නේ නොදැනීමයි. අම්මා අපිව මෙලොවට බිහිකරලා හොඳ නරක කියා දීලා සමාජයට යොමු කරන්නේ අනන්ත වූ දුක් කම්කටොලු‍ විඳිමින්. ඇයට හිමි නොවූ ලෝකය අපට හිමිකර දීමටයි.

අම්මා ගැන කියද්දී මහගම සේකරයන්ගේ ‘ප්‍රබුද්ධ’ කාව්‍යයේ මේ පද පෙළ මා මතකයට නැඟෙන්නේ නිතැතින්මයි.

“ගල්වා හිසෙහි තෙල් යහමින්
එල්ලා කරෙහි පංචායුධය
අල්ලා ගෙන අතින් මා
පාසලට එක්ක ගිය
අකුරු නූගත් අම්මා ඔබය….’

අම්මා කියන අහිංසක ගැහැනියකට දුකක් නොදෙන්නට සමාජය ඉඩ සැලැස්විය යුතුයි. මේ ලෝකයේ අපිට නැඟී සිටින්නට එළිය දෙන්නේ හිරු සහ අම්මාම පමණක් බව මතක තබාගත යුතුයි. අම්මා කෙනෙක්ට දුකක් දෙන්නට එපා. ප්‍රේමකීර්ති ද අල්විල් මහතාගේ ගී පදයක් අප මතකයට නැඟෙන්නේ අපි පුංචි කාලේ ඉඳන්. අද වෙනකල් අපේ ජීවිතය ලස්සන කළේ ඒ අම්මායි. අම්මේ, ඔබට අපි සදා ණයගැතියි…

“ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ….
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුලැඟිල්ලේ එල්ලී….”

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ගෝඨා ඇයි හරීන්ගේ කලිසම ගැලෙව්වේ! එහෙම කළේ ඇයි කියලා මුජිබර් කියනවා! (VIDEO)

Next Post

ගෝඨා-රනිල් ආණ්ඩුවට වෙන්න යන දේ ගැන ප්‍රවීණ ජ්‍යොතිෂවේදී තොටවත්ත විග්‍රහකරයි…

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාව තුළ වත්මන් දුම්වැටි භාවිතය අවම කිරීමේ ක්‍රියාවලියට මෙන්ම මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති සාර්ථක කර ගැනීමට ද දැවැන්තම බාධාවක් වී...

Read more
ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.