• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සිසිර – ඉන්ද්‍රානි සුසංයෝගයේ නොමැකෙන මතකය

December 7, 2019
in Heart
Reading Time: 2 mins read
A A
සිසිර – ඉන්ද්‍රානි සුසංයෝගයේ නොමැකෙන මතකය
Share on WhatsAppShare on Facebook

සිංහල ගීත වංශකතාවේ හඬ පෞරුෂය ගත්කල මුලින්ම මතකයට එන්නේ මේ දෙපළ පිළිබඳවයි. ගීතය යනු මිනිසුන්ගේ මනස වෙනස් කිරීමට බොහෝ සේ උපකාර වන සාධකයක්. ගායකයකු මෙන්ම තනු රචකයකු වූ සිසිර සේනාරත්න මහතා 2015 වර්ෂයේ පෙබරවාරි 04 දින සමුගන්නා විට අසූ වියේ පසුවූ අතර, 2019 ජුනි 23 සමුගත් ඉන්ද්‍රානි සේනාරත්න මහත්මිය සමුගන්නා විට 83 වැනි වියේ පසුවිණි. ඔවුන් ශ්‍රී ලාංකිකයන් පමණක් නොව මුළු මහත් ලෝකවාසීන්ගේම සිත්සතන් අමන්දානන්දයට පත්කළ විශේෂ මෙහෙයක් ඉටුකළ සුමිහිරි කටහඬ දෙකකි. එදා සිසිර සේනාරත්න මහතා 1956 ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඇසුරට පත්වුණේ අවුරුදු 14දීය. ඒ රේඛාව චිත්‍රපටයෙනි. එහි ගීතයක් තුළින් සංගීත ලෝකයේ ඔහු ස්වර්ණ රේඛාවක් වන්නට ඔහුට හැකි විය. ඔහුගේ ජීවිත සහකාරිය වන ඉන්ද්‍රානි සේනාරත්න හමුවූයේද රේඛාව චිත්‍රපටයේදීමය. ඔහු 1962 වර්ෂයේ මැයි 31 වැනි දින ඉන්ද්‍රානි සේනාරත්න මහත්මිය සමඟ විවාහයට පත්විය. ඔවුන් අප අතරින් වෙන්වී ගියාට පසුව අපට ඉතිරිව ඇත්තේ ඔවුන්ගේ දරුවන් තිදෙනාගේ කටහඬ පමණකි. ඒ සංජය සේනාරත්න, සමීර සේනාරත්න, සුභානි සේනාරත්න විජේතිලකයි. ඒ සුමිහිරි ගීතවල පැවැත්ම පිළිබඳව අලුත් තොරතුරු සොයා අපි ඔවුන්ගේ එකම දියණිය සුභානි සේනාරත්න විජේතිලක මහත්මිය සමඟ පිළිසඳරක යෙදුණෙමු.
අනෙක් හැම සංගීතඥයෙක්ම මියගියාම දරුවන් ගීත ගායනා කරලා අනාගතයට රැගෙන යනවා. ඇයි ඔයාලා මේ ක්ෂේත්‍රයේ වැඩිය දකින්න ලැබෙන්නේ නැත්තේ?
එහෙම පේන්න නැති වුණාට ක්ෂේත්‍රයේ රැඳී සිටිනවා. මගේ ලොකු මල්ලි සංජය සේනාරත්න ජර්මනියට ගිහින් අවුරුදු 30ක් ඒ රටේ සින්දු කියනවා. සංගීත භාණ්ඩ වාදනය කරනවා. පොඩි මල්ලි සමීර සේනාරත්න ගණකාධිකාරවරයෙක්. ලංකාවේ සංගීත වැඩසටහන්වලට ඔහු තමයි සහභාගි වෙන්නේ. ඔහුගේ පුතාටත් ගායන හැකියාව තියෙනවා.
ඔබටත් දියණියක් සහ පුතෙක් ඉන්නවා. ඔවුන් මුනුබුරකු හා මිනිබිරියක වශයෙන් සීයගෙ, ආච්චිගෙ ගීත ඉදිරියට ගෙනයෑමට කටයුතු කරන්න අදහසක් නැද්ද?
මගේ දුවට ලස්සන සින්දු කියන්න හැකියාවක් තියෙනවා. මම හිතනවා ඇය ආච්චිගේ ගීත අනාගතයට රැගෙන යයි කියලා. ඒ වගේම දැනටමත් සමීර මල්ලිගේ පුතා සින්දු කියනවා.
මොනවාද අම්මා, තාත්තා ජීවත්වෙලා ඉන්නකොට කියලා තියෙන්නේ මේ ගීතවල පැවැත්ම පිළිබඳව?
මුල් ගායනයට හානි වෙන්නේ නැතුව නොවෙනස්ව මේ ගීත රැකගන්න කියලා තමයි කිව්වේ.
ඔයාලගේ කුඩා කාලය ගැන මතකයට නැඟුවොත්?
අපිට ප්‍රීතිමත් ළමා කාලයක් තිබුණා. පවුලේ අපි ඔක්කොම අම්මාට තාත්තාට බයයි. ඒ වුණාට එයාලා හිටියේ අපිට යාළුවෝ වගෙයි. මම මුලින් අධ්‍යාපනය ලැබුවේ අනුලා විද්‍යාලයේ. පසුව කොළඹ මියුසියස් විද්‍යාලයෙන්. මල්ලිලා දෙන්නා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන්.
කොහොමද මවුපියන්ගේ සංගීත ආභාසය ලැබුණේ?
අපි පුංචි කාලේ අපට නිතරම ඇහෙන්නේ ලස්සන මිහිරි සින්දු. විශේෂයෙන්ම තාත්තා අපි පොඩි කාලේ රෑට පැරැණි හින්දු සින්දු කැසට් දාලා අහනවා. අද වගේ සීඩී තිබුණේ නැහැ. ඒ කාලේ අපිටත් ඒවා ඇහෙනවා. ඒ දවස්වල අපි නින්දට යන්නෙත් ඒවා අහගෙන. අපිට හොඳ සංගීත වටපිටාවක් පුංචි කාලේ ඉඳන් ලැබුණා. මම බටහිර සංගීතය හැදෑරුවා. මල්ලිලා දෙන්නා පෙරදිග සංගීතය හැදෑරුවා. ඒ වුණත් නිතරම ගිටාරය, සර්පිනාව, පියානෝව ඇහිලාම වාදනය කරන්න හැකියාව ලැබුණා. මගේ ලොකු මල්ලි සංජයට තමයි සංගීත භාණ්ඩ වාදනය හරි විදියටම කරන්න පුළුවන්.
තාත්තගේ ආදරේ දුවකුට මහ ඉහළයි. ඔබටත් ඒ වගෙයි. ඒ වෙනුවෙන් ගායනා කළ ගීතයක් තියෙනවා නේද?
ඔව්. මම පොඩිකාලේ තාත්තා “ආලෝකේ පතුරා මුළු ලෝකේ ඔපලා චන්ද්‍රා හෙමින් එයි” කියන ගීතය මා වෙනුවෙන් ගායනා කළ ගීතයක්. මුලදි “මගේ දෝණි” කිව්ව කොටස වෙනුවට පසුකාලීනව “මගේ මැණික” කියලා හර්බට් එම්. සෙනෙවිරත්න මාමාත් එක්ක කතා කරලා හඳපානේ චිත්‍රපටයට උචිත විදියට ඒ ගීතය වෙනස් කරලා හැදුවාලු.
අම්මා කුඩා ළමයින් සඳහා විශේෂ මෙහෙයක් කළා නේද? ඒ ගැන සඳහන් කළොත්?
ඔව්. ළමයි සඳහා ග්‍රැමෆෝන් යුගයේ අම්මා ගායනා කළ ගීත තමයි අදටත් යොදාගන්නේ. විශේෂයෙන් අද පෙර පාසල්වල දරුවද ඒ ගීත යොදාගන්නවා. පරිසරය සම්බන්ධයෙන් අම්මා ගීත ගායනා කළා. “වනමල් පියලි සලා” ඒ ගීත විශේෂයි.ඇය ගුවන්විදුලියේ කරුණාරත්න අබේසේකර මහාතගේ සරස්වතී මණ්ඩපයේ ළමා ගීත ගායිකාවක් ලෙසින් ක්ෂේත්‍රයට එන්නේ. පසුව “හඳ මාමා” වැඩසටහන කාලයක් මෙහෙව්වා. ඒ ගීත අතර “සුදු සඳ එළියේ”, “හොඳ හොඳ ළමයින් අපි වාගේ”, “වෙසක් කැකුළු අතු අග”, “දඟකාරි මම මද්දුම දෝණි”, “මල් සූටික්කෝ” වැනි ගීත උදාහරණ ලෙස සඳහන් කරන්න පුළුවන්.
සංගීත ක්ෂේත්‍රයේ කා වෙනුවෙන්ද තාත්තා ගීත රචනා කරලා තියෙන්නේ?
ගොඩාක් ගීත තාත්තා රචනා කරලා ගායනා කරපු ගීත. අනෙක් අය සඳහාත් ගීත රචනා කළා. ඒ අතර එච්.ආර්. ජෝතිපාල මහතාට රචනා කළ ගීතයක් තියෙනවා “ඔබෙ පෙම් වදන් නැහැ එදා මෙන් ඇසෙන්නේ”.
අම්මාව, තාත්තාට මුණගැහුණේ ඉස්සෙල්ලාම ‘රේඛාව’ චිත්‍රපටයේ ගීත ගායනා කරනකොටලු නේද? ඒ ආදර කතාව ගැන කවදාවත් කියලා නැද්ද?
‘රේඛාව’ චිත්‍රපටයේ ගීත ගායනා කරන්න ඉන්දියාවට යන අතරතුර තමයි ඇසුර පටන් අරන් තියෙන්නේ. අම්මා ලියවිල්ලක් පුරවන්න බැරිව තාත්තාගෙන් අහගෙන තියෙනවා. ඒ වෙලාවේ තමයි මුල්ම හමුවීම.
මවුපියන්ගේ විශේෂිත පොත් තිබුණාද?
අපේ අම්මාට හොඳට ලියන්න හැකියාවක් තිබුණා. ඇය ලිව්ව පොතක් තමයි “රන් පියවර” කියන පොත. ඒ පොත ලිව්වේ එයාලගේ වෘත්තීය ජීවිතයේ රසවත් අත්දැකීම් පිළිබඳව. ඊට අමතරව තාත්තා සේවය කළ ශ්‍රී ලංකා රේගුවේ සියලුදෙනා තාත්තාට “නිල්මිණි දෑස” කියලා චරිතාපදානයක් ලබාදුන්නා. ඒ වගේම ලොකු උත්සවයකුත් පැවැත්වූවා.
මොනාද මවුපියන්ට ලැබුණු විශේෂිත සම්මාන?
1966 වර්ෂයේ ‘හඳපාන’ චිත්‍රපටයේ හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් සරසවි සම්මානයට පාත්‍ර වුණා.
“සිසින්ද්‍රා” කියන්නේ මොකක්ද?
ඒ තාත්තා සහ අම්මාගේ නමින් ඒ දෙදෙනා ලොව රටවල් ගණනාවක පැවැත්වූ ප්‍රසංගයක්. “සිසින්ද්‍රා” වැඩසටහන් පනහකට අධික සංඛ්‍යාවක් පැවැත්වූවා.
වැඩියෙන්ම ප්‍රසිද්ධියට පත්වුණේ තාත්තාගේ, අම්මාගේ කුමන ගීතද?
තාත්තාගේ “ඕලු, නෙලුම් නෙරිය රඟාලා”, “මගේ පුතුට මල් යහන හදන්නයි ගොළු හදවතේ”, “නුහුරු නුපුරුදු රහස පිළිබඳ ආදරෙයි මං ආදරෙයි” සහ “පිදුරු සෙවිකළ පැල්පතේ ඇති”.
රසික රසිකාවියන් ඒ දවස්වල වැඩියෙන්ම ඉල්ලුවේ මොන ගීත කියලාද මවුපියන් කිව්වේ?
“මගේ පුතුට මල් යහන හදන්නයි” කියන ගීතය.
සුභානිගේ පවුල ගැන කතා කළොත්?
මගේ මහත්තයා සුමිත් විජේතිලක. ජලවිදුලි උපදේශකයකු ලෙස සේවය කරනවා. පුතා තරිඳු විජේතිලක. දුව සුභානි විජේතිලක.
සුභානිට විශේෂයෙන් මොනවාද කියන්න තියෙන්නේ?
ඇත්තටම මෙවැනි මවුපියන් ලැබීම වාසනාවක්. අපේ මවුපියන් ජීවිතය වින්දා වගේම පුදුම විදියට ජීවිතය සැලැසුම් කළා. අපි තුන්දෙනාගේම ජීවිතවලට බරක් වුණේ නැහැ. රටට බරක් වුණෙත් නැහැ. අපිටත් හොඳින් ජීවත් වෙන්න මුදල් ලබාදුන්නා. එයාලගේ ජීවිතේ අවසන් කටයුතු කරන්න පවා මුදල් වෙනම තැන්පත් කළා. අපිට ඒ තිබුණේ ඒ අවසන් කටයුතු කරන්න විතරයි.
නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

එක ‌කෝටිපතියෙක් සභාපතිකම භාරගනී: අනෙක් ‌කෝටිපතියා බෑ කියලා

Next Post

සෙනසුරු අපලෙට කියාපු විසඳුම

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.