• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!

May 12, 2022
in Heart
Reading Time: 9 mins read
A A
ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!
Share on WhatsAppShare on Facebook

ටෙලිය අද දියාරු සරුවපිත්තල ශෝකාන්තයක්…
මගේ අනන්‍යතාවය මා සතුයි…
දැන් නම් සියල්ල විකාරයක් වෙලා…
මංම හදාගත්තු රාමුවක් තිබ්බා…
මට ලැබෙන චරිතය කළුද, සුදු ද, වයසද, තරුණද කියන මිම්ම කවදාවත් මට තිබුණේ නැහැ…

ටෙලිනාට්‍ය කලාව ගැන කතා කරනවා නම්.., ඇත්තමයි කියන්නෙ අතළොස්සක නාට්‍ය ප්‍රමාණයක් හැරුණු කොට එය අද ‘අන්තිමයි…’ තවත් විදියකට කියනව නම් ‘චාටර්…’ රැල්ලට අහුවෙලා ඔහේ ගහගෙන යන මෙලෝ රහක් නැති අද ටෙලිනාට්‍යවලට වඩා.., මීට දශක කිහිපයකට පළමුව ටෙලි තිරය විසිතුරු කරපු ටෙලිනාට්‍ය කලාව හුඟාක් වෙනස්. මතකද දන්නේ නැහැ, එක්දහස් නවසිය අසූව – අනූව දශකයේ ටෙලිවිෂන් එක ළඟ ඉඳගත්ත අයට නම් ඒ ටෙලි වසන්තය මතක ඇති… දවසටම එක ටෙලිනාට්‍යයයි… සතියටම ටෙලි හතයි.., නිදසුනක් විදියට දෙනවා නම් සිකුරාදා රෑ 8.30ට බලන ටෙලිනාට්‍යයේ ඊළඟ කොටස බලන්න සතියක් ඇඟිලි ගණින්න ඕනෑ. ඒ ඇඟිලි ගැනීම තුළ හරිම අලංකාර කුතුහලයක් තිබුණා. ඊළඟට මොනවා වෙයිද..?
හැමෝම බලා හිටියා, ඒ විතරක් යැ… කොටස් විස්සකින් වාගේ කතන්දරෙත් ඉවරයි…, කතන්දරය ඉවර වුණත් ඒ ගැන මාස ගණනක් කතා කරන්න රසුමුසු තැන්ද ඒ ටෙලි කතන්දරවල තිබුණා… අදටත් ඒ ගැන මතක් කර කර රසවිඳින ප්‍රේක්‍ෂකයන් ඕනෑ තරම්. මේ පාර ‘මව්රටේ – ‘හාට්’ එක සරසන්න මැද පිටුවට ආවෙත් ඒ ලස්සන ටෙලි අතීතය ගැන ආඩම්බරෙන් කතා කරන්නට පුළුවන් ප්‍රවීණ චරිතාංග නිළියක්.., යොවුන් කෙල්ලක කාලේ ඉඳන්ම ප්‍රවීණයන් සමග ගැටෙමින් සිය හැකියාව ඔප්නංවා ගත් මේ අති දක්‍ෂ රංගනවේදිනිය ඉහත කී ටෙලි කලාවේ ස්වර්ණමය යුගය හැඩකරලන්නට තම දායකත්වය නොමසුරුව තිළිණ දුන්නා. බොහෝ විට නපුරු චරිතවලට කොටු වුවද ඈ ඉදිරිපත් කළ සෑම නිරූපණයක්ම ප්‍රේක්‍ෂක සිතට තදින් කාවැදුණාය කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. පාරට්ටුව ඇති.., ඔන්න අපි ඈ හා දොඩන්නයි සූදානම.., මේ පිළිසඳර සුනීතා විමලවීර සමගයි…

ඉතින් කොහොමද, සුනීතා… කියන්න ඔබේ තොරතුරු කොහොමද..?
තොරතුරු නම් වරදක් නැහැ… කතා කරන්න කලින් ‘මව්රට’ පත්තරේට ස්තුති කරනවා… ඇතැමුන්ට අමතකව ගිය සුනීතා විමලවීර කතාබහකට කැඳෙව්වාට.

අසූව, අනූව දශකයේ ටෙලිනාට්‍ය බලපු කට්ටියට නම් ඔබව කවදාවත් අමතක වෙන්නේ නැහැ සුනීතා..?
ඒක නම් ඇත්ත.., අදට වුණත් මගතොටදී මුණගැහෙන අය කතා කරන්නේ ‘දූදරුවෝ’ ගැන… එහෙමත් නැත්නම් ‘එකගෙයි කුරුල්ලෝ’ ගැන… ‘දිය සුළියේ’ ‘නඟා’ කොයිතරම් නපුරු වුණත් ප්‍රේක්‍ෂකයෝ ඒ චරිතය පුදුම විදියට එයාලගේ හිතට ගත්තා. ඇත්තටම කියනවා නම් ඒක ටෙලි වසන්තයක්… දිමුතු මුතුවලින් ආරම්භ වුණු ඒ ටෙලි වසන්තය නරඹන ප්‍රේක්‍ෂකයෝ ගැහැනු – පිරිමි බේදයක් නැතිව… වයස් බේදයක් නැතිව දඩිබිඩියේ වැඩකටයුතු අහවර කරලා ටීවී එක ළඟ ඉඳගත්තා.

ඒ අලංකාර ටෙලි වසන්තයට ඔබ පය තැබුවේ ‘හුමාලය’ තුළින්..?
නැහැ… මම ආවේ ‘යශෝරාවයේ – අචලා’ කියන ඉස්කෝලේ යන පුංචි කෙල්ලගේ චරිතයෙන්… මතකයි නේද… බලදේව සර් පොත් අරන් දුන්නා කියලා… මගේ අම්මා විදියට රඟපාපු එලන් සිල්වෙස්ටර් මහත්මිය ඇවිදින් ගේට්ටුව ළඟ කෑගහන්නේ අන්න ඒක තමයි මම රඟපෑ පළමු ටෙලි චරිතය.

ඒ චරිතය කුඩාවට පෙනුණත් ඔබ එතැනින් හරි ඉක්මනට රසිකයන් අතරට ගියා..?
ඔව්… මම පාරෙ යන කොට කොල්ලො, කෙල්ලෝ වාගෙම… මට වඩා වැඩිමහලු අයත් ‘ලාබයි ලාබයි කීර ලාබයි…’ කියලා කෑ ගහන්න ගත්තා.

පරාක්‍රම නිරිඇල්ලට ඔබට මුණගැහුණේ කොහොමද එතකොට..?
පරාක්‍රම නිරිඇල්ල නම් ප්‍රවීණ නිර්මාණකරුට මාව මුණගැහුණේ ඔහුගේ අති විශිෂ්ට නිර්මාණයක් වූ ‘ගැලිලියෝ ගැලිලි’ වේදිකා නාට්‍ය තුළින්. එතකොට මම ඉස්කෝලේ යන කෙල්ලක්. පාසල් වේදිකාව තුළ හුඟාක් කතාබහට ලක්ව හිටපු මට දවසක් ගුරුවරියක් කිවුවා.., ‘අන්න සුනීතා… සරසවිය පත්තරේ… වේදිකා නාට්‍යයකට අලුත් නිළියක් ඉල්ලලා ඇඩ් එකක් දාලා තියෙනවා, පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න’ය කියලා.

ඒ කියන්නේ පාසල් ගුරුවරියන් ඔබේ රංගන හැකියාව ගැන දැන උන්නා..?
අනිවාර්යයෙන්ම… ඔවුන් හැමෝම මට නිතරම කියනවා… අවවාද කරනවා. මගේ හිතට මතක් කරලා දෙනවා. ‘මට හොඳට රඟපාන්න පුළුවන්’ කියන කාරණය ගැන.

ඉතින් ඔබ ‘සරසවිය’ට අයැදුම්පතක් දැම්මා..?
අයැදුම්පත් දාන්න නෙවෙයි තිබුණෙ… සම්මුඛ පරීක්‍ෂණය පවත්වන තැනට එන්න කියලයි තිබුණෙ… අම්මා එක්ක තමයි ගියේ… මගේ තාත්තා කලා පවුලකින් පැවැත එන කෙනෙක්, ඔහු ‘සයිමන් විමලවීර’ ප්‍රවීණ කලාකරු සිරිසේන විමලවීර’ කියන්නෙ තාත්තගේ සමීපතම ඥාතියෙක්. ඒ නිසාමද දන්නේ නැහැ… තාත්තයි, අම්මයි දෙන්නම මගේ රංගන හැකියාවට අත-හිත දෙන්න මැළිවුණේ නැහැ. ඔන්න ඉතින් මමයි, අම්මයි ගියා කියන්නකෝ… සම්මුඛ පරීක්‍ෂණයට. දාහක් විතර ඇවිදින් හිටියා.

ඒ දහසක් දෙනාව දැක්කම ඔබට ‘නෝ චාන්ස්’ කියලා හිතුණද..?
එහෙමම හිතුණෙ නැහැ… මට මා ගැන විශ්වාසයක් තිබ්බා. නාට්‍යයක කොටසක් කරලා පෙන්නුවා… ගෙදර ඇවිදින් සතියකට පස්සේ ‘පෝස්ට්කාඩ්’ එක ආවා මාව තෝරගත්තා කියලා. ‘ගැලිලියෝ ගැලිලි’ නාට්‍යයේ මට තිබුණේ සේවිකාවක වෙනුවෙන් රඟන චරිතයක්.., ඒ චරිතය ප්‍රධාන චරිතයක් නොවුණට… එච්. ඒ. පෙරේරා, පරාක්‍රම නිරිඇල්ල සහ නාලන් මෙන්ඩිස් වැනි ප්‍රවීණයන්ගේ ඇසුර තුළින් මා ලද පන්නරය අසීමිත වුණා. නිළියක ලෙස දුර ගමනක් එන්නට ඒ පන්නරය මට දුන්න දැනුම් සම්භාරය අති විශාලයි.

එතැනින්මයි ‘යශෝරාවය – අචලා’ චරිතය ඔබට ලැබුණේ..?
පරාක්‍රම නිරිඇල්ල මහත්තයා මට කතා කලා… චරිතය ගැන කිව්වා… කැමැති නම් කරමු සුනීතා… ඒක ඔය වයසෙට ඉන්න පාසල් යන කෙල්ලකගේම චරිතයක් කියනකොට මම කැමැති වුණා.

එතැනදී ද ඔබට මහ ගොඩක් ප්‍රවීණයන්ගේ ඇසුර ලැබුණෙ..?
මම කියන්න ගියෙත් ඒ කතාවම තමයි… ‘යශෝරාවය’ හරහා මම ඇසුරු කළ මම එකට ගැටුණු ප්‍රවීණයන් පිරිස අසීමිතයි. මම හරිම වාසනාවන්තයි කියලා ඒ ‘සෙට්’ එකේ රඟපාන කොට මට හිතුණා.

‘හුමාලයේ’ නපුරු ‘මද්දුමී’ගේ චරිතය ලැබුණේ ඉන්පස්සෙද..?
නැහැ… නැහැ… මම තවම එතැනට ආවේ නැහැ.., ‘යශෝරාව’යේ රඟපෑවාට පස්සේ ආයෙම වේදිකාවට ආවා. ඒ පියවරේදී මම වේදිකා නාට්‍ය කිහිපයකම ‘ධර්මසිරි බණ්ඩාරනායක’ වැනි ප්‍රවීණයන් සමග රංගන කටයුතු කිරීමේ වාසනාව මට උදාවුණා. ඔය අතර තමයි විජය නන්දසිරි මහත්තයගේ නිෂ්පාදනයක් වෙච්චි, උදය කාන්ත මහත්තයගේ අධ්‍යක්‍ෂණයක් වෙච්චි ‘හුමාලය’ ටෙලිනාට්‍යයේ චරිතය මට ලැබෙන්නේ. ඒ සඳහා උදය කාන්තට මාව හඳුන්වලා දුන්නේ රාජා සුමනපාල අංකල්. මාව දැක්ක ගමන්ම වාගේ උදය කාන්ත යම්තමට වාගේ හිනාවෙලා කිව්වා ‘හුමාල’යේ මද්දුමී ඔයාම තමයි, ඒකට වෙන කාවවත් හරියන එකක් නැහැ සුනීතා කියලා.

‘හුමාලයේ’ නපුරු ‘මද්දුමී’ට බොහෝ ප්‍රතිචාර ලැබුණා..?
එය අසීමිතයි.., දේවිකා මිහිරාණිගේ චරිතය ‘හුමාලයේ’ ප්‍රධානම චරිතය වුණාට ‘මද්දුමී’ තමයි එහිදී වැඩිපුර කතාබහට බඳුන්වුණේ. ඉන්පස්සෙ උදය කාන්තගේම ‘එකගෙයි කුරුල්ලෝ’ සහ ‘දිය සුළිය.., සුදත් සේනාරත්නගේ ‘ගිගිරි වළලු’ එක පෙළට ලැබුණා.

ඒ කදිම චරිත අහුර ඔබ බලාපොරොත්තු වූවක්ද නැත්නම් නොසිතූ පුදුමයක්ද සුනීතා..?
ප්‍රවීණයන් සමග ඇසුර තුළ නොසිතූ ලෙස ගුණාත්මක චරිත ලැබෙන විට මම එක්තරා මවිතයකට පත්වුණා නොකීවොත් නම් එය මුසාවක්. මොකද කෙටි කාලයක් තරුණ කෙල්ලක වූ මට ඒ වාගේ ප්‍රතිචාරයක් ඒ ප්‍රේක්‍ෂකයන්ගෙන් වාගේ ප්‍රවීණ නිර්මාණකරුවන් එකතුවකින්ද ලැබේ යැයි මම හිතුවේ නැහැ.

‘ගිගිරි වළලු’ ටෙලි කතාවේ නපුරු ‘නැන්දා’ ප්‍රේක්‍ෂකයන්ගේ උදහසට ලක්වුණා..?
අපේ ගේ අවට අසල්වාසීන් මූණට මුණගැහෙන හැම වෙලාවකම කියනවා.., ‘අම්මෝ දරුවෝ… ආයෙ නම් ඒ වගේ චරිත කරන්න එපා… බලන් ඉන්න බෑ බඩ, පපුව දාලායනවා’ කියලා.

මැදිවියේ අම්මා කෙනෙක් කුඩපාරක් දුන්නා කියලත් ආරංචියි..?
මැදිවියේ අම්මා කෙනෙක් නෙවෙයි. වයස 35ක, 40ක විතර මැදපෙරදිග වැඩ කරන අම්මා කෙනෙක්.., දවසක් මම ගමනක් යද්දි මාව දැකලා ඉද්දගැහුවා වාගේ නතර වෙලා මං දිහා බලන් හිටියා. ඉන්පස්සේ උඹ නේද අර රටගිය අම්මගේ අහිංසක දරුවව මහ වැස්සේ එළියට දාලා දොර වැහුවේ කියලා කුඩේ උස්සලා ගහන්න ආවා. අහලපහළ කට්ටිය තමයි මාව බේරගත්තේ. ‘ගිගිරි වළලු’ එකේ චරිතය ටිකක් මෝරපු චරිතයක් වුණත් ඒ චරිතය රඟපාන කොට වුණත් මම හිටියේ හුඟාක් තරුණ වයසේ.

කොහොමත් සුනීතා ඔබට වැඩිපුරම ලැබුණේ වයසට වැඩිය වැඩිහිටි චරිත..?
ඔව්… බොහෝ විට එය එහෙම වුණා. හැබැයි ඒක මට ගානක් තිබුණේ නැහැ. මම චරිතාංග නිළියක්… මට ලැබෙන චරිතය කළුද, සුදු ද, වයසද, තරුණද කියන මිම්ම කවදාවත් මට තිබුණේ නැහැ. මට තිබුණේ එකම එක අරමුණයි… ඒ මට ලැබුණු චරිතයට කළයුතු සාධාරණය කුමක්ද, එය ඉහළින්ම ඉටුකරන එකයි මට තිබුණු ලොකුම අභියෝගය වුණේද එයයි.

ඒ අභියෝගය ඔබ ඉහළින්ම ජයගත්තා..?
අහිංසක, නිහතමානී ආඩම්බරයකින් කියන්නේ.., ජනතා සම්මාන, විචාර සම්මාන, හොඳම නැඟී එන නිළිය වාගේම හොඳම සහාය නිළියට හිමි සම්මානයන් මට උරුම වුණේ ඒ හින්දා වෙන්නැති.

තිරපිටපත් බාර ගැනීමේදී ඔබ වටා යම් සීමා තිබුණා..?
ඔව්… ඒ සීමා මා විසින්ම මා තුළ ඉදිකරගත් රාමුවක් වුණා. කොටට අඳින ඇඳුම් භාවිත කරන්නේ නැහැ. වැලඳගැනීම් සහ සිප ගන්නා දර්ශන රඟපාන්නේ නැහැ. අඩනිරුවත් චරිතවලට කැමැති නැහැ යන කරුණු සමග ඇඟපසඟ පෙනෙන ඇඳුම්වත් මම ඇන්දෙ නැහැ.

ජෝ අබේවික්‍රම සමග රඟපාන්නට ලැබුණු අවස්ථාව අහිමි වුණේද ඒ රාමුව නිසයි..?
ඔව්… ඒ ‘රතු අක්කා’ චිත්‍රපටයේ ‘රතු අක්කා’ගේ චරිතය, ජෝ අබේවික්‍රම වැනි ප්‍රවීණයකු සමග කරන්නට තිබුණු වටිනා රංගන ගනුදෙනුව මට අහිමිව ගියා… ‘රතු අක්කා’ගේ චරිතය වටා තිබුණු නිරුවත් දර්ශන කිහිපය නිසා.

සිනමාවේ ඉහළ ප්‍රතිචාරයක් ලැබුණු ‘බහු භාර්යා’ චිත්‍රපටයද ඔබ අතින් රිජෙක්ට් වුණා..?
ඔව්… කොහොමටවත් මම ‘බහුභාර්යා’හී ඒ චරිතය බාරගන්නේ නැති බව ජනප්‍රිය නළු රන්ජන් රාමනායක, උදය කාන්තට කියලා තිබුණා.

ඔබ අතින් රිජෙක්ට් වුණේ, වසන්ති චතුරාණි කළ චරිතයද සංගීතා වීරරත්න කළ චරිතයද සුනීතා..?
එය මෙතැනදී පැවසීම සදාචාරාත්මක යැයි මම හිතන්නේ නැහැ. ඒ නිසා ඔබේ ප්‍රශ්නය මම ‘රිජෙක්ට්’ කරනවා.

එදා ස්වර්ණමය දැක්මක් වූ ටෙලිනාට්‍ය කලාව අද විකාරරූපී රැල්ලක් වෙලා, ඒ ගැන යමක් කියනවද..?
ඒ ගැන දවසක් වුණත් කතා කරන්න කරුණු කාරණා තියෙනවා. ඇත්තටම කියනවා නම් හරිම ඛේදනීයයි… හරිම කනගාටුයි… අද ටෙලිනාට්‍ය කලාව මහ ශෝකාන්තයක් වෙලා. අතළොස්සක් නිර්මාණ හැරුණු කළ අද හැදෙන නිර්මාණ කෙතරම් දියාරුයිද… කෙතරම් සරුවපිත්තලද… තිරපිටපත් දෙන්නේ ෆෝන් එකෙන්. ඒකත් දවසක් හෝ පැය ගණනක් කියලහරි. එදා සෝමවීර සේනානායක සහ පරාක්‍රම නිරිඇල්ල වැනි ප්‍රවීණයන් කළ ටෙලි නිර්මාණ කලාව මොන තරම් අලංකාරයිද? ඒ තිර පිටපත් කොයිතරම් ආකර්ෂණීයද.

තිර පිටපත අරගෙන අධ්‍යක්‍ෂවරයා ගෙදරටම එනවා. ඒ ගැන පැය ගණන් කතා කරනවා. ‘යශෝරාව’යේ ‘අචලා’ගේ පුංචි චරිත කොටස වෙනුවෙන් මට ලැබුණු තිර පිටපතට පිටු ගණනක් තිබුණා මතකයි. එදා මම හිතුවා, මේ පුංචි චරිතයට මේ තරම් ලොකු කොළ මිටියක් මොකටද කියලා. සෝමවීර මහත්තයා එය පෙළගස්වලා තිබුණු ආකාරය පුදුමුකාරයි. ඔහුගේ හැම පිටපතම එහෙමයි. අඩි ගණනක් යන අන්දම නැවැතිලා බලන අන්දම බලන කොට හිස කොයිතරම් උස්සනවද… බලන පැත්ත දකුණද, වමද.., තව තැනක එක් පිටපතක ඔහු ලියා තිබුණා.., ‘චතුරී’ පැමිණ බත් ඇට කිහිපයක් කටේ දමාගෙන දකුණට හැරී වතුර උගුරු දෙකක් බී’ එතකොට අපි කරන්නේ බත් ඇට කිහිපයක් ගන්න එක… වතුර උගුරු දෙකක් බොන එක…

අනේ ඇත්තමයි.., ඒ රචනය මොනතරම් ප්‍රබලද, සිතකළුද… ප්‍රේක්‍ෂකයා වශීකෘත වුණේ එයට නෙවෙයිද..?
සෙට් එකේදී පවා කලාකරුවන් ඉන්නේ තමන්ගේ චරිතය එක්ක භාවනාවක. විවේකයක් ලැබුණාම අනෙක් රංගවේදිනියන් සමග කතා කරන්නේ තමන්ගේ චරිතය ගැන.
සෝමවීර හෝ නිරිඇල්ල යන ප්‍රවීණයන් විතරක් නෙවෙයි උදය කාන්ත, සුදත් රෝහණ, තිස්ස අබේසේකර, වසන්ත ඔබේසේකර, සුදත් සේනාරත්න, නිහාල්සිංහ වාගේම එදා ඒ ටෙලි වසන්තයට එක් අනෙකුත් ප්‍රවීණයන්ද කළ නිර්මාණකරණය කොයිතරම් චමත්කාරජනකද..? අද මොනවද මේ වෙන්නේ… හැමදේම විහිළුවක්, විකාරයක් වෙලා… සියල්ල ගුණාත්මබවෙන් බොහෝ ඈතට ගිහිල්ලා. ආයෙම වතාවක් කියනවා ඇත්තටම එය ශෝකාන්තයක්.

ඔබට නියම වූ මිලක් තියෙනවා… ඒ මිල නැති නම් ඔබ පිටපත රිජෙක්ට් කරනවා..?
ඔව්… බොහෝ නිර්මාණ ඒ මිල කිරීම මත මට අහිමිව ගියා. නමුත් දුකක් නැහැ… මගේ අනන්‍යතාවය මා සතුයි. එයට හානි කිරීමට මම හරිම අකැමැතියි. හොඳ වැඩක් මගේ වටිනාකමේ මිලට ලැබෙනවා නම් මම එයට හවුල් වෙනවා.

ඔබේ පුතුන් දෙදෙනාම රංගනයට අවතීර්ණ වෙලා..?
ඔව්… මගේ පුතුන් දෙන්නා දිවාන් සහ පවන් දැනටම රංගනයට යොමුවෙලා. එය මට සතුටක්.

අම්මාව අභිබවා යයිද පුතුන් දෙපළ..?
බොහෝ දුරට එහෙම වෙන්න පුළුවන්. මොකද තාත්තයි, අම්මයි දෙන්නම නිර්මාණශීලී කලාශිල්පීන් නිසා ඔවුනට ඒ දෙන්නගේම දායාදය උරුමයි.

ටෙලි කලාවෙන් මඳක් ඈත්ව හිටි ඔයා නැවැත ටෙලි කලාවට ආවේ ‘මහ විරු පාණ්ඩු’ තුළින්..?
මම ටෙලි කලාවෙන් සමුගත්තේ ලොකු පුතා හම්බවෙන්න හිටපු නිසයි. ඒ නැවැතීම තැබුවේ නැවැත එන පොරොන්දුව මතයි. ඒ පොරොන්දුව ඉටුකරමින් මම ආයෙම ආවේ ‘අමන්දා’ ටෙලිනාට්‍යයේ ‘අම්ම’ගේ චරිතය හරහායි. එතැන් ඉඳන් කඩින්කඩ මම රංගනයේ යෙදුණා. ඉහත කී ලෙස මගේ මිල මත ගුණාත්මක චරිත තෝරා බේරාගෙන රඟපෑවා… මේ දවස්වල ‘මහවිරු පාණ්ඩු’ හී රූගත කිරීම්වලට කාලය ගෙවෙන අතර රංගනයෙන් මා දායක වූ ‘නම්බර් 9’ විකාශනය වෙනවා.

පවුල් ජීවිතයත් රංගන ජීවිතයත් හරි ලස්සනට බැලැන්ස් කරගත් නිළියක් සුනීතා ඔබ..?
ඔව්… මගේ මහත්තයා වේෂ නිරූපණ සහ නිර්මාණ ශිල්පී නලින් ප්‍රේමතිලක සහ පුතුන් දෙදෙනා කියන්නේ මාගේ ජීවිතයේ කොටසක්… කලාව කියන්නෙත් මගේ ජීවිතයේ කොටසක්. ඒ වාගේම කලාව නිසා කවදාවත් මගේ පවුලට හානියක් වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ. ඒ තරමට මගේ ලස්සන පවුල මට හුඟක් වටිනවා. බොහෝ දේ මට ලබාදුන් කලාවටත්, ඒ අතරමැද මගේ ආදරය සහ ගෞරවය හිමිවෙනවා.

–දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අමෙරිකා-බ්‍රිතාන්‍ය-ජපාන-ඉන්දියා-කැනඩා-ඔස්ට්‍රේලියා-යුරෝපා කොමිසම ඇතුලු රටවල් 12 තානාපතිවරු කණ්ඩායමක් සජිත්ව හමුවෙයි! රට ගොඩගන්න සහාය දෙන්නත් පොරොන්දු වෙයි!

Next Post

රනිල්ට අගමැතිකම දීලා රට විනාශ කරන්න එපා! සල්ලිවලට මන්ත්‍රීවරු ගන්න හදන්න එපා! මහානායකහිමිවරුන්ට පිටුපාන්න එපා! එහෙම වුණොත් අරගලය දරුණු වේවි! මහාසංඝරත්නයෙන් සහ කාදිනල් හිමියන් ආණ්ඩුවට අවසන් ‌නිවේදනය දෙයි! (VIDEO)

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.