රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය නායක ධුරයට පත් කිරීම සදහා පාර්ලිමේන්තුවේ වටිනා කාලයෙන් වරුවක්ම විනාශ වූ බවත්, රුපියල් කෝටි ගණනක් වැය වූ බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.
එදින රහස් ජන්දයක් පැවැත්වීම හේතුකොටගෙන ඊටද විශාල මුදලක් වැයවූ බව එම ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේවෙතත් එපමණ මුදලක් හා කාලයක් වැය වුවද සියඹලාපිටිය මහතා එම තනතුරේ සිටියේ පැය 24ක් පමණි.
මෙහි ඇති විහිලු සහගතම කාරණය වන්නේ මීට පෙර දෙවතාවක් ඉල්ලා අස්වී තිබියදී නැවත් වතාවක් ඒ මහතා එම තනතුරට ඉදිරිපත් වීමය.










