අද දින නියෝජ්‍ය කතානායක ධූරය සදහා පැවැති රහස් ජන්ද විමසීමේදී රංජිත් සියඹලාපිටිය මහතාට ජන්ද 148ක් හිමිවිය.
සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉමිතියාස් බකීර් මාකාර් මහතාට ජන්ද 65ක් හිමිවිය.
ජන්ද 3ක් නරක් වූ ජන්ද ලෙස ප්‍රකාශයට පත්වූ අතර විපක්ෂයට ජන්ද 3ක් වැඩිවීම විශේෂ සිදුවීමක් විය.
මන්ද යත් ජන්දය විමසන අවස්ථාවේ විපක්ෂයේ සිටියේ මන්ත්‍රීවරුන් 62ක් පමණි.









