ආණ්ඩුව ජනමතයට ගරු කරමින් රට ස්ථාවර කිරීමට වහා පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සඳහන් කරනවා.
ජනමතයට හිසනමා රට ස්ථාවර කරන තෙක් අඛණ්ඩව උස්ඝොෂණ මාලාවක් ආරම්භ කරන බවද සංගමය කියා සිටිනවා.
ජනතාවගේ ප්‍රබලම ඉල්ලීම් වන්නේ පවතින පාලන ක්‍රමය වෙනස් කර ඒ වෙනුවට රටට හිතැති දේශපාලන ක්‍රමයක් බිහි කිරීම බව ද රජය මර්දනය හා ප්‍රචණ්ඩත්වය මුදා හැර ජනතා අරගලය යටපත් කිරීමට උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට ඇති බවයි එම සංගමය කියන්නේ.
ඔවුන් නිවේදනයක් නිකුත් කර පවසන්නේ සියලු දේශපාලනඥයන් එක්ව පවතින දේශපාලන අස්ථාවරය අවසන් කළ යුතු බවයි.
වත්මන් ජනාධිපතිවරයා සහ වත්මන් ආණ්ඩුව පත්කිරීමටත් විශේෂයෙන් කාබනික පොහොර භාවිතය සම්බන්ධව ආණ්ඩුවේ ස්ථාවරත්වය ඉහලින්ම ආරක්ෂා කළ එක් සංගමයක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) දැන් ආණ්ඩුවේ පාලනය පිළිබඳව මෙවැනි අදහස් දැක්වීම් මවිතය දනවන සුළු බවයි එම සංගමයට අයත් නොවන සමහර වෛද්‍යවරු කියා සිටින්නේ.










