• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කවුද මේ හේලි

December 1, 2019
in Heart
Reading Time: 1 min read
A A
කවුද මේ හේලි
Share on WhatsAppShare on Facebook

සම්මාන පිට සම්මාන ගත්ත “වෙස්” ටෙලිනාට්‍යය ඔබට මතක ඇති. එහි නිර්මාතෘ ධනුෂ්ක රත්නායක සද්ද, බද්ද නැතුව ටෙලිනාට්‍ය කලාව උඩුයටිකුරු කරමින් වෙනස්ම වැඩකට අතගහලා. ඒ තමයි හේලි ටෙලිනාට්‍යය. ඉතින් හේලි ගැන ඔබ අසා තිබුණා නම් එය එන්නේ කවද්ද කියලා ඔබ ඇඟිලි ගනිමින් ඉන්නව ඇති. ඉතින් ඒ දවස තමයි හෙට. හෙට දවසේ සිට දිගහැරෙන හේලි ගැන අපි ඔහු සමඟ කතා කළා.
පෙරුම්පුරලා කාලෙකට පස්සේ එළියට එන හේලි ගැන කතා කරමුද?
අවුරුද්දක් විතර නිහැඬියාවකින් පස්සෙ තමයි හේලි නිර්මාණය කළේ. ඉතින් 02 සිට මගේ ඒ නිහැඬියාවේ වෙනස දැක බලා ගන්න පුළුවන්. මම හිතනවා වෙස් ටෙලිනාට්‍ය කලාවට ආදරය කළ පිරිස හේලි නාට්‍යයත් වැලැඳ ගනීවි කියලා. හේලි රාත්‍රි 9.30ට දෙරණ රූපවාහිනියෙන් දැකබලා ගන්න පුළුවන්.
තවමත් ඔබ හෙළි නොකළ හේලිගේ රහස දැන්වත් අපට කියන්න?
කතා සාරාංශය මම දැන්ම කිව යුතු නැහැ. සතියක් යනකොට ඒ කතාව මොන වගේද කියලා රසික රසිකාවියන්ට දැකගන්න පුළුවන්. මොකද හේලි කුතුහලයක් ඇතිව නරඹන කොට හේලි ගැන හොයන්න ගොඩ දෙනෙක් උත්සාහ ගන්නවා. එතකොටයි නිර්මාණය සාර්ථකයි කියලා මම විශ්වාස කරන්නේ.
වෙස් ටෙලිනාට්‍යය සමස්ත ටෙලිනාට්‍යවලට වඩා අතිශය ජනප්‍රිය වුණා. හේලිත් ඒ වගේ ජනප්‍රිය වෙයිද?
මම කිසිම ටෙලිනාට්‍යයක් අභියෝග කරගෙන නිර්මාණයක් කරන්නේ නැහැ. මොකද හැමෝම මහන්සි වෙලා තමයි නිර්මාණයක් හදන්නේ. ඉතින් මමත් කලාකරුවෙක් විදියට ඇයි තවත් ටෙලි නාට්‍යයක් වට්ටන්නේ. මම නිරන්තරයෙන්ම හිතන්නේ වෙනස් අලුත් විදියේ දෙයක් කරන්න තමයි. ඉතින් වෙස් ටෙලිනාට්‍යය ඉහළින් ඔසවා තැබුවේ රටේ ප්‍රේක්‍ෂකයන්. ඉතින් මට දැන්ම හේලි ගැන අනාවැකි කියන්න බැහැ. මම විතරක් කරපු වැඩක් නොවේ හේලි. ඒ නිසා ලැබෙන නොලැබෙන හැම වරප්‍රසාදයක්ම අපේ කණ්ඩායම සතුටින් භාර ගන්න සූදානම්. ප්‍රේක්‍ෂක ප්‍රතිචාර අනුව තමයි මේ හැම දේම.
ලංකාවේ මේ තරම් දක්‍ෂ රංගන ශිල්පීන් සිටිද්දී ඇයි ඔබ හේලි සඳහා විදේශීය රංගන ශිල්පිනියක් තෝරා ගත්තේ?
තිර පිටපතේ චරිතය හැටියට අවශ්‍ය වුණේ විදේශීය රංගන ශිල්පිනියක්. ඈමී කියන්නෙ රුසියාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. හේලි නාට්‍යයට තවත් දේශීය, විදේශීය ජනප්‍රිය රංගන ශිල්පීන්, නවක රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා. අශාන් ඩයසුත් ප්‍රථම වතාවට තමයි ටෙලිනාට්‍යයක රඟපාන්නේ. සමහරවිට ඈමී මට නොලැබුණා නම් තවත් බොහෝ කාලයක් යාවි හේලි දැකබලා ගැනීමට.
රුසියානු රංගන ශිල්පිනියක් ලංකාවේ මෙවැනි නිර්මාණයකට දායක කරගැනීම සුළුපටු කාරණාවක් නොවේ. ඇයව හමුවුණු විදිය ගැන කතා කළොත්?
ඈමී ලංකාවේ නිරූපණ ක්‍ෂේත්‍රයේ වැඩ කරපු කෙනෙක්. ඇය ඉන්දියාවේ චිත්‍රපටවල වැඩ කරලා තියෙනවා. මගේ හිතවත් සහෝදරයෙක් හරහා තමයි ඈමීව අපට ලැබුණේ. ඉන්පසු ඇයව තිර පරීක්‍ෂණයකට සම්බන්ධ කරගෙන බැලුවා.
හැබැයි කාලයක් ඔබේ හිතේ තිබුණේ හේලි සිනමා තිරයට නඟන්න නේද?
හේලි ගැන මට අදහස ආවෙ වෙස් ටෙලිනාට්‍ය කරන කාලේ. මම හිතුවේ වෙස් එකෙන් පස්සෙ චිත්‍රපටයක් විදියට හේලි නිර්මාණය කරන්න තමයි. එහෙත් පසුකාලීනව මම හිතුවා සිනමාවේ තිබෙන ආකර්ෂණය ටෙලිනාට්‍ය කලාවට ගෙනාවොත් හොඳයි කියලා. කාලයක් තිස්සේ ඉඳලා ප්‍රේක්‍ෂකයන් පුංචි තිරයට ලොකු නැඹුරුවක් දක්වනවා. ඒ නිසා මම මේ ගත්ත තීරණය හරි කියලා මට හිතෙනවා.
බොහෝ දෙනෙක් නඟන චෝදනාවක් තමයි සාර්ථක නිර්මාණයක් පිටුපස කොපි කිරීමේ කලාවත් තියෙන බව. හේලි ගැනවත් ඇත්තක් කියමුද?
හේලි කිසිම කොපියක් නොවේ. එක්තරා පුවත්පතක පළවුණ නිවුස් එකක් මගේ නෙතට ගැටුණා. ඒ හරහා මගේ මනසේ ඇඳුණු රූප කතාව තමයි මූලික අඩිතාලම වුනේ.
හේලි ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් අතරතුර නීති කොන්දේසි පවා තිබුණා නේද?
මෙහෙමයි. එහිදී මම විශේෂයෙන් සඳහන් කළේ මේ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් අන්තර්ජාල හරහා හුවමාරු කරන්න එපා කියලා. අනෙක් එක මේ නිර්මාණ ඉතාමත් සැලසුම් සහගතව සූක්‍ෂ්ම ලෙස කළේ. ඉතින් අපි අවසානයේ මාධ්‍ය හමුවක් පවත්වලා තමයි පසුගියදා අන්තර්ජාලයට හේලි වීඩියෝ පට සහ ඡායාරූප මුදාහැරියේ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

රට විනාශයට ඇදදැමූ පාලකයා

Next Post

අයුක්තියට නොනැමෙන පහේ අය

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.