හෙට පාර්ලිමේන්තු දිනයක් බැවින් පාර්ලිමේන්තුව වෙත දැඩි ආරක්ෂාවක් යෙදවීමට කතානායකවරයා සැලසුම් කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව කතානායකවරයා ආණ්ඩුවේ ප්‍රධානීන් සමගත්, ආරක්ෂක අංශ නිලධාරීන් සමගත් මේ සම්බන්ධයෙන් සාකච්ජා වට කිහිපයක් පවත්වා ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම මැතිඇමැතිවරුන්ගෙන්ද පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉල්ලීම් රැසක් පැමිණ ඇති බවද දැනගන්නට ඇත.
පසුගිය දින කිහිපයේදී මැතිඇමැතිවරුන් කිහිප දෙනකුටම එල්ල වූ දැඩි ජනතා විරෝධය හේතුවෙන් මෙම ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවද දැනගන්නට තිබේ.










