ඊයේ සවස ඉල්ලා අස්වු කැබිනට් මණ්ඩලයට නව අමාත්‍යවරුන් හතරදෙනකු පත්කර තිබේ.
හිටපු අධිකරණ ඇමැති අලි සබ්රි මහතා මුදුල් අමාත්‍යවරයා වශයෙන්ද හිටපු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නැවතත් මහාමාර්ග අමාත්‍යවරයා ලෙසද හිටපු විදේශ ඇමැති ජිඑල් පිරිස් මහතා යලිත් විදේශ අමාත්‍යවරයා ලෙසද හිටපු අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා නැවතත් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දි ඇත.
මේ අනුව මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතාට එම අමාත්‍යධුරය අහිමි වී ඇති අතර අනෙකුත් අමාත්‍යවරුන් තිදෙනාට ඔවුන් හෙබවු අමාත්‍යධුරම හිමිවී ඇත.










