සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා හට හිමිවීමට නියමිත බව එම සංගමය ප්‍රකාශ කර තිබුණද එය පී.එස්.එම්. චාල්ස් මහත්මියට ලබා දීමට කටයුතු කර ඇත.
පසුගිය දිනවල එම සංගමය ප්‍රවෘත්ති සාකච්ජාවක්ද කැදවමින් කියා සිටියේ පාදෙණිය මහතාට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරය ලබාදීමට තීන්දු කර ඇති බවකි.
එමෙන්ම පුවත්පත්වල ප්‍රවෘත්ති පළ කරමින් සහ ඇතැම් වෙබ් අඩවිවල පුවත් පළ කරමින් එම ලේකම් ධූරය පාදෙණිය මහතාට හිමිවන බවට මතයක් සමාජගත කිරීමට කිසියම් කණ්ඩායමක් සංවිධානාත්මකව කටයුතු කර තිබිණ.
ඉකුත් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන අවස්ථාවට පාදෙණිය මහතා සහභාගී වීම සම්බන්ධයෙන් විශාල චෝදනාවක් එල්ල වූ අතර රාජ්‍ය සේවා කොමිසම මගින් ඒ පිළිබදව පරීක්ෂණයක් පැවැත්වීමටද පියවර ගෙන තිබිණ.










