• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

දැදුරු ඔය අතුරුදන් වෙන සලාපුරේ වැලිතලාව

November 27, 2019
in Holiday
Reading Time: 3 mins read
A A
දැදුරු ඔය අතුරුදන් වෙන සලාපුරේ වැලිතලාව
Share on WhatsAppShare on Facebook

කොළඹ පැත්තෙ ඉඳන් හලාවතට ඇවිත් හලාවත නගරය මැද තියෙන වට රවුම ළඟින් වම් පැත්තට හැරුණු අපි වෙරළ පැත්තට තියෙන මාර්ගයේ ගමන් කළේ හලාවත වෙරළ උද්‍යානයටත් දැදුරු ඔයේ ගං මෝයටත් යන්න හිතාගෙන. කලපුව හරහා හදලා තියෙන පාලමෙන් එගොඩ වෙලා අපි වෙරළ උද්‍යානයට ආවා. වෙලාව හවස හතරට කිට්ටුයි. බොහෝ දෙනෙක් වෙරළේ විනෝද වෙමින් සිටියා.

රට මැද පළාත්වලට නම් මේ දවස්වල හවස දෙක තුන වෙනකොට වැස්ස පටන් අරගෙන. ඒත් හලාවතට වැස්සක සේයාවක්වත් තිබුණෙ නැහැ. තරුණ පිරිස් බෙර ගහමින් සින්දු කියමින් විනෝද වෙන අතරෙ කුඩා ළමයි රළ පාගමින් සරුංගල් යවමින් විනෝදවෙන ආකාරයයි දකින්න ලැබුණේ. මේ වෙරළ තීරය දිය නාන්න නම් සුදුසු නැහැ. රළ පහර ගොඩක්ම සැරයි. ඒ වගේම මුහුද තරමක් ගැඹුරුයි. වෙරළේ ඉඳලා කෙටි දුරක් යද්දි එකවරම ගැඹුරු බවට පත්වෙනවා. ඒ බවට අනතුරු හැඟවීම් සහිත දැන්වීම් පුවරු වෙරළ උද්‍යානය දිගටම සවි කරලා තිබුණා.
ටික වෙලාවක් වෙරළ උද්‍යානයේ ගත කරලා අපි පිටත් වුණේ දැදුරු ඔයේ ගං මෝයට යන්න. කලපුවත් මුහුදත් අතරෙ තියෙන කුඩා ගොඩබිම් තීරය දිගේ වැටුණු මාර්ගයේ කිලෝමීටර් දෙකකට ආසන්න දුරක් යන්න ඕනෑ ගං මෝයට. පටු පාර දෙපැත්තෙම තිබුණෙ ගෙවල්. එක පැත්තකින් මුහුද. අනිත් පැත්තෙන් කලපුව. මෝයට කිට්ටුවම පදිංචිවෙලා ඉන්න අපි දන්න කියන මාකස් අයියගෙ බෝට්ටුවෙන් කලපුව හරහා ගිහින් ගං මෝයට යන්නයි අපේ බලාපොරොත්තුව. මාකස් අයියගෙ ගෙදර ළඟමයි බෝට්ටු නවත්තන තොටුපොළ තියෙන්නේ. හදිසියේම දැන්වුවත් ඔහු ඒ වෙනකොටත් බෝට්ටුව ගමනට සූදානම් කරලයි තිබුණේ.
දැන් තමයි ගමනට හොඳම වෙලාව. මුහුදු යන බෝට්ටු කලපුව හරහා ඇවිත් මුහුදට යන්නෙ මේ වෙලාවට තමයි. කලපුව මැදින් මෝය පැත්තට යන අතරෙ අපිට ඒ වගේ බෝට්ටු සෑහෙන ප්‍රමාණයක් දැකගන්න ලැබුණා. කුඩා ඔරුවලින් ගිහිල්ලත් කලපුව මැද්දෙ මාළු අල්ලනවා. කලපුව දෙපැත්තේ බොහෝ තැන්වල දකින්න තිබුණෙ කඩොලාන ශාක. ඒ වගේම තැන් තැන්වල මාළු අල්ලන අය, දැල් එළන අය, දැල් අදින අය. මේ තමයි ධීවර ජනතාවගේ ජීවන රටාව.
වටපිටාව බලාගෙන කලපුව පහුකරගෙන අපි ආවේ ගං මෝයේ තියෙන වැලි තලාවකට. එතැන පුංචි දූපතක්. දැදුරු ඔය මුහුදට වැටෙන තැන මේ වගේ වැලි එකතු වෙලා කුඩා දූපත් කිහිපයක්ම හැදිලා තියෙන හැටි අපට දැකගන්න ලැබුණා. බෝට්ටුව නවත්තලා අපි ඒ වැලි තලාවකට බැහැ ගත්තා.

කලපුව හරහා ඇවිත් ඈතින් ඈතට පෙනෙන වැලිවලින් පිරුණු පුංචි දූපත් අතරින් මුහුදට යන බෝට්ටුවල දර්ශනය හරිම ලස්සනයි. මුහුද පැත්ත ගොඩක්ම පැහැදිලියි. ගොඩබිම පැත්ත ටිකෙන් ටික අඳුරු වෙමිනුයි තිබුණේ. ඈතින් විදුලි කොටන එළිය අතරෙ අහස ගොරවන හඬත් ඇහෙන්න වුණා. ඒ පැත්තට වැස්ස පටන් අරන්. හැබැයි හලාවත වෙරළ තීරයට තවමත් හොඳින් අව්ව. වැස්ස තව පැයකටවත් එන්නෙ නැති බව මාකස් අයියා කීවෙ අත්දැකීමෙන්. ඒ අව්වයි අඳුරයි එක්ක ගොඩබිම පැත්තෙන් දේදුනු දෙකක්ම පායලා. බොහොම අපූරු දර්ශනයක්. මුහුදු රළ වෙනස්වෙන කාලෙට වගේම දැදුරු ඔයේ වතුර මට්ටම වෙනස් වෙන කාලෙට වැලිතලාවන් සහිත මේ දූපත්වල පිහිටීම වෙනස් වෙන බව තමයි මාකස් අයියා කීවෙ.

පුංචි දූපත මැද්දෙ ටික වෙලාවක් ගත කරපු අපි අයෙත් බෝට්ටුවෙන් ගමන් කළේ ගං මෝයට ටිකක් ඈතින් තියෙන මුහුදු වැලි ගොඩදාන පැත්තට. යන්ත්‍ර යොදාගෙන බට මාර්ගයෙන් ගොඩබිම දක්වා වැලි අරගෙන එන හැටි අපට දැකගන්න ලැබුණා. වටපිටාවෙ සුන්දරත්වයට වගේම පරිසරයටත් මේ ක්‍රියාවලිය ලොකු බාධාවක් බවයි පෙනෙන්න තිබුණෙ.
සෙමින් සෙමින් සැන්දෑ සමය ළඟා වුණා. ගොඩබිම පැත්ත අඳුරු වලාකුළුවලින් පිරිලා. දේදුනු මැකී යමින් තිබුණා. ඒත් මුහුද පැත්තෙ දර්ශනය ඊට ගොඩක් වෙනස්. ඉර බැහැගෙන යන වෙලාව. කැටි වලාකුළුවලින් පිරුණු අහසේ ඉර බැහැගෙන යන දර්ශනය හරිම දැකුම්කලුයි. අපි ආයෙත් බෝට්ටුවට නැඟලා ආපහු එන්න පිටත් වුණා. කලපුව දිගේ මුහුද පැත්තට ඇදෙන බෝට්ටුවල නම් තවමත් අඩුවක් නැහැ. ඈතින් ඈතට පෙනෙන හැම දූපතකම වාගෙ කණ්ඩායම් එකතුවෙලා තවමත් දැල් අදිනවා. දැල් එළනවා. තැන තැන එළි දැල්වෙමින් තිබුණා. හැම කෙනෙක්ම තවත් කාර්යබහුල වෙලා තමන්ගෙ ජීවනෝපායෙහි යෙදෙනවා. මේ හැම දෙයක්ම බලාගෙන අපි ආයෙත් ගමන පටන් ගත්තු තොටුපළටම ආවා.

කඩොලාන මැදින් වැලි පර අතරින් ගං මෝයක් දක්වා ගිය අපූරු ගමනක් අපිව රැගෙන ගිය මාකස් අයියටත් පවුලේ උදවියටත් සමුදීලා අප ආපහු එන්න පිටත් වුණා. ගමේ හැම කෙනෙක්ම වාගෙ ගෙවල්වලින් එළියට වෙලා කතාබහ කරමින් ඉන්නවා. සමහර අය පාර අයිනෙ වාඩිවෙලා කාඞ් සෙල්ලම් කරනවා. තවත් අය දැල් මහනවා. ඒ අතරෙ පල්ලියේ ඉඳලා එන පෙරහැරක්. අඳුර වැටිලා තිබුණත් තරුණ පිරිස් වගේම ළමයි වෙරළ අද්දර වොලිබෝල් ක්‍රීඩා කරනවා. පිටතින් පෙනෙන රළු කර්කශ ජීවිතයට වඩා බොහොම නිදහස් බවකුයි පෙනෙන්න තිබුණෙ. වෙරළ තීරයෙන් එළියට ඇවිත් හලාවත නගරය පහුකරද්දී අපට දැනුණෙ වෙනස්ම පළාතකට ගිහින් ආවා වගේ කියලා. ඒ ජීවන රටාවත් පරිසරයත් ඒ තරමටම වෙනස්. හැබැයි මේ ගමන සංචාරකයන් අතර නම් ඒ තරම් ප්‍රසිද්ධ බවක් දකින්න තිබුණෙ නැහැ.

මහේෂ් ඉන්දික විජේතිලක

SendShareShare
Previous Post

තොට්ටම ගමේ විස්මිත කෙම් ක්‍රම

Next Post

මහජන බැංකුවේ ‘පැතුමක් තෑගි කරමු’ වැඩසටහන දියත් කෙරේ

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.