• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමෙරිකාවේ නුලාන්ඩ්-ලූ-ඩෝරි අද ලංකාවට! අපි මේ පුවත කිව්වේ හරියටම මාසෙකට කලින්!

March 22, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
බයිඩන්ගේ සැර පණිවුඩයක් අරන් ලංකාවට එන්න යන යකඩ ගැහැනිය!
Share on WhatsAppShare on Facebook

දෙදින සංචාරයක් සඳහා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය අද (22) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

උප ලේකම් නුලන්ඩ් මහත්මිය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කලාපීය සහ ද්විපාර්ශ්වික ප්‍රතිපත්තිමය ගැටලු පිළිබඳ අධීක්ෂණය කරනු ලබයි.

මෙම සංචාරයේදී උප ලේකම්වරිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස්, සහ විදේශ ලේකම් ජයනාත් කොළඹගේ යන මහත්වරුන් හමුවීමට නියමිතව ඇත.

අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සහ උප ලේකම් නුලන්ඩ් මහත්මිය හෙට විදේශ අමාත්‍යාංශයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදයේ 4 වැනි සැසිවාරයේ සම සභාපතිත්වය දරනු ඇති.

විදේශ අමාත්‍යංශය නිවේදනය කළේ, නුලන්ඩ් මහත්මිය කොළඹ වරායේ සංචාරයක යෙදී, ව්‍යාපාරික ප්‍රජාව සහ සිවිල් සමාජය ද හමුවීමට නියමිත බවයි.

ශ්‍රී ලංකා – එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදය අවසන් වරට පවත්වන ලද්දේ 2019 වසරේ වොෂින්ටන්හිදියි.

මෙම හවුල්කාරිත්ව සංවාදය ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කිරීම සහ ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සහයෝගීතාවය සහ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන මාර්ග ගවේෂණය කිරීම සඳහා වැදගත් වේදිකාවක් වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා සහ ඉන්දු – පැසිෆික් ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් ඇමැන්ඩා ඩෝරි මහත්මිය ද උප ලේකම් නුලන්ඩ් මහත්මිය සමග මෙම සංචාරයට එක්ව සිටිති.

මෙම පුවත අන් කාටත් කලින් අප අතිවිශේෂ පුවතක් ලෙස වාර්තා කළේ ඉකුත් පෙබරවාරි 26 වන දිනය.

ඒ මෙසේය.

බයිඩන්ගේ සැර පණිවුඩයක් අරන් ලංකාවට එන්න යන යකඩ ගැහැනිය!

February 26, 2022 in Exclusive

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පණිවුඩයක් රැගෙන එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තෙවැනි තනතුර දරන වික්ටෝරියා ජේන් නුලාන්ඩ් මහත්මිය ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ඇය ලබන මාර්තු 22 වැනි දින ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.

එම සංචාරය අතරතුරදී නුලාන්ඩ් මහත්මිය ඉන්දියාවේ හා බංග්ලාදේශයේ සංචාරයක නිරතවීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

සිත මෙච්චර ඉක්මනට මිනිස්සුන්ගෙ සිත දිනාගත්තට සිතට එකඟවම හරිම සතුටුයි!

Next Post

යෝජනාව අපේ! ඔක්කොම අය එන්න! ‌විපක්ෂය විතරක් නෙමෙයි ආණ්ඩුවේ පක්ෂත් වර්ජනය කියද්දී මෛත්‍රී ජනපතිගේ සර්ව පාක්ෂික සමුලුවට එන්න කියයි! (VIDEO)

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.