අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පණිවුඩයක් රැගෙන එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තෙවැනි තනතුර දරන වික්ටෝරියා ජේන් නුලාන්ඩ් මහත්මිය ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව ඇය ලබන මාර්තු 22 වැනි දින ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
එම සංචාරය අතරතුරදී නුලාන්ඩ් මහත්මිය ඉන්දියාවේ හා බංග්ලාදේශයේ සංචාරයක නිරතවීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.