2021-2022 ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී සිත 88.8 සහ අප සහෝදර නාලිකාවක් වන තමිල් එෆ්.එම්. සම්මාන රැසක් හිමිකර ගත්තා.
කොළඹ පැවැති මෙම සම්මාන උළෙලේදී ප්‍රශස්ථ නිර්මාණශීලී වෙළෙඳ දැන්වීමට හිමි රාජ්‍ය සම්මානය සිත 88.8 හි ක්‍රිශාන් ජීව රණසිංහ හිමිකර ගත්තා.
ප්‍රශස්ථ ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදක ජූරියේ විශේෂ ඇගැයීම හිමි වූයේ 88.8 හි අචල නඳුන් කුරුකුලසූරියටයි.
මීට අමතරව දෙමළ ප්‍රවෘත්ති අංශයේ හොඳම ප්‍රවෘත්ති නිවේදකිකාවට හිමි රාජ්‍ය සම්මානය අප සහෝදර නාලිකාවක් වන තමිල් එෆ්.එම් හි ගිරිජා ත්‍යාගරාජා හිමිකර ගත්තා
මීට අමරතව දෙමළ භාෂා අංශයේ හොඳම උදෑසන වැඩසටහන් තේමා ගීතයට හිමි රාජ්‍ය සම්මානය හිමිවුණේද තමිල් එෆ්.එම් නාලිකාවටයි.
එම නාලිකාවේම කවිරාජ් පේරිම්බරාජා ජූරියේ විශේෂ කුසලතා සම්මානයක් හිමිකර ගත්තා.
මෙලෙස සම්මාන හිමිකරගත් අප සහෝදර නාලිකාව ඇතුලු සියලු ශිල්පීන්ට නිවිස් 24 හි උණුසුම් සුබපැතුම්