ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ ජනාධිපති රාජපක්ෂ මහතා කළ සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිවරයාගේ නියෝගයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ලැබුණු උපදෙස් අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඉක්මනින් ඉල්ලා අස්වනු ඇතැයි ‘ද මෝනිං’ පුවත්පත වාර්තා කරයි.
රහස්‍ය මූලාශ්‍රවලට අනුවල පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තාක්ෂණික සහය දීර්ඝ කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද පළමු කොන්දේසිය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති කබ්රාල් මහතා ඉවත් කිරීමට දන්වා ඇති බවද එම වාර්තාවේ සදහන්ය.
අද ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබුනද නිවාඩ් කබ්රාල් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කතා කර ඔහු ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධී බව පැහැදිලි කර ඇති බවද වාර්තාවේ දැක්වෙයි.
ඊට ප්‍රතිචාර වශයෙන් අගමැති රාජපක්ෂ මහතා කබ්රාල් මහතාට පවසා ඇත්තේ තවදුරටත් ප්‍රමාද නොකර තම තනතුරෙන් ඉවත් වන ලෙසත් එසේ කිරීම ඔහුට වඩා හොඳ බවත්ය.
වත්මන් භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා මහ බැංකුව භාර ගැනීමට නියමිත බව තව දුරටත් දැක්වෙයි.
කෙසේ වෙතත් ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දන්වා ඇති බවට පැතිර යන කටකතා අසත්‍ය බවත් තමනට එවන් දැනුම් දීමක් කර නැති බවත් මහ බැංකු අධිපති අජිත් කබ්රාල් මහතා පැවසූ බවය.
මේ අතර මහ බැංකු අධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා පවසා නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, එවැනි වාර්තාවල කිසිදු සත්‍යතාවක් ද නොමැති බවයි.










