1796 ජෙනර්ගෙ එන්නත

වර්තමානයේ කොරෝනා මෙන් 1796ට පෙර වසූරිය වේගයෙන් ව්‍යාප්ත වූ රෝගයක් බවට පත්විය. මෙය වළක්වාගත නොහැකි වේ යැයි වැඩි පිරිසක් භීතියට පත්වූහ. එහෙත් 1796 දී ජෙනර් නම් ඉංග්‍රීසි වෛද්‍යවරයකුගේ උත්සාහය මත ඊට එන්නතක් සොයාගැනුණු අතර එම එන්නත මගින් වසූරිය පාලනය කිරීමට හැකි විය. රෝගය පැතිරීම අඩුවී තත්ත්වය සාමාන්‍ය විය.
වැටුණු ආර්ථිකය සහ වැවිලි සංගමය

1847 සිට 1850 අතර කාලය තුළ බි්‍රතාන්‍යයේ ආර්ථික තත්ත්වය පහත වැටීම මත මෙරට වගා කටයුතුද ශීඝ්‍රයෙන් පහත වැටිණි. එම හේතුව මත සියලු සංවර්ධන කටයුතු අඩාළ විය. වතු වගා ඇතුළු අනෙකුත් වගා දිනෙන් දින පහත වැටීමට පටන්ගත් අතර වතු වගාකරුවන් තම වැවිලි ආරක්ෂා කරගැනීම පිණිස 1854දී ‘වැවිලිකරු සංගමය’ පිහිටුවා ගන්නා ලදී. එමගින් වැවිලි කර්මාන්තයේ ආරක්ෂාවට හේතු යෙදිණි.
ප්‍රශ්න අඩු කිරීමට බාර් වහයි

1853න් පසු මෙරට ඇතැම් පළාත්වල විවිධ ප්‍රශ්න පැනනැගීම ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. ඒ අනුව මධ්‍යම පළාතේ මේ තත්ත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර ආණ්ඩුකාර ඇන්ඩර්සන් බුද්ධිමත්ව සොයාබලා එම ප්‍රශ්න වැඩිවීමට සහ දුරදිග යෑමට හේතුව මත් වතුර බව වටහාගෙන මධ්‍යම පළාත තුළ තිබූ සියලු සුරාසල් වසාදැමීමට නියෝග කළේය. ඒ අනුව තත්ත්වය කෙටි කලකදී වෙනස් වීමට හේතු යෙදිණි.











