ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති සහ හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා ශ්‍රීලනිපයෙන් ඉවත් වී සමගි ජන බලවේග (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රමුඛ නව ලංකා නිදහස් පක්ෂයට (NLFP) එක්වීමට තීරණය කර තිබේ.
ඊයේ (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශ්‍රීලනිප නායකයින්ගේ “කුමාරතුංග භීතිකාව” දිනෙන් දින ඉහළ යමින් පවතින බැවින් ශ්‍රීලනිපයේ තමන් දැරූ සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.
“මම මගේ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයට ඉදිරිපත් කර තිබෙනවා. මෙයට ප්‍රධාන හේතුව ශ්‍රීලනිප නායකයන්ගේ ‘කුමාරතුංග බිය’ දිනෙන් දින වැඩි වීමයි. මෙච්චර කල් ඉවසීමෙන් ඒවාට මුහුණ දුන්නත් ඉවරයක් නෑ වගේ.” යැයි හෙතෙම කීය.










