• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ජනාධිපතිතුමනි… බුකි-කප්පම් මාෆියාවෙන් ක්‍රිකට් මුදාගන්නා ‌මෙහෙයුම වහාම අරඹන්න

November 23, 2019
in News, Sports
Reading Time: 1 min read
A A
ජනාධිපතිතුමනි… බුකි-කප්පම් මාෆියාවෙන් ක්‍රිකට් මුදාගන්නා ‌මෙහෙයුම වහාම අරඹන්න
Share on WhatsAppShare on Facebook

පසුගිය 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දීමට මෙරට ජනතාව කටයුතු කළේ මහත් බලාපොරොත්තු ගොන්නක් සහිතවය. ඒ අතරින් ප්‍රධානම අපේක්ෂාව වූයේ රටේ ආරක්ෂාවය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ආරක්ෂාව පිළිබඳ ඇතිව තිබූ බිය දුරු කරලිය හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් බව බහුතර ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය විය. තමන් පිළිබඳ ජනතාව තැබූ විශ්වාසය තහවුරු කරමින් නව ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. ආරක්ෂාව තහවුරු කිරීමට අමතරව ඉතා ඉක්මනින් ජයගත යුතු තවත් අභියෝග රාශියක් ජනාධිපතිවරයා සතුව ඇත. ජාති ආගම් භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාම ආදරය කළ ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමද ඒ අතර ඇති ප්‍රධාන අභියෝගයක් බව අපේ අදහසය.
ලෝක සිතියමේ පුංචි තිතත් බඳු වූ ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවෙන් මුළු ලෝකය ජයගත්තේ මීට වසර 23කට පමණ පෙරය. නමුත් මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පවතින්නේ ලෝක කුසලාන තරගාවලියකට සෘජුව සුදුසුකම් ලැබීමටවත් නොහැකි තත්ත්වයකය. ලබන වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට නම් ශ්‍රී ලංකාව එයට පෙර පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කළ යුතුව ඇත. 1996 වසර වන විට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් බොහෝ ඈතක සිටි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පවා එම තරගාවලියට සුදුසුකම් ලබා ඇති පසුබිමක ශ්‍රී ලංකාවට අත් වී ඇති ඉරණම ඉතා කනගාටුදායකය.
1996 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අත් වූ ඉරණමට වගකිව යුත්තේ මුදලට ගිජු බවින් ක්‍රිකට් පරිපාලනයට පිවිසි පිරිස් බව බොහෝ දෙනාගේ අදහසය. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට වැඩිම මෙහෙයක් ඉටු කළ දේශපාලනඥයා වන්නේ ගාමිණී දිසානායක මහතාය. ඉන්පසු එකල මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය සිදු කළේ ආනා පුංචිහේවා වැන්නන්ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්වරුන් වූ ඔවුන් ක්‍රිකට් පරිපාලන සිදු කළේ මුදල් හම්බ කිරීමේ අරමුණෙන් නොව තම අතේ ඇති මුදල්ද ඒ සඳහා වියදම් කරමිනි. ඉතා දුප්පත් මට්ටමක පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය රටේ අංක එකේ මුදල් ගැවසෙන ස්ථානයක් බවට පත් වූයේ 96 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුවය. ක්‍රීඩාව දියුණු කිරීම පසෙකලා මුදල් හම්බ කිරීම සහ තම පෞද්ගලික ව්‍යාපාර දියුණු කර ගැනීම අරමුණු කර ගත් පිරිස් ක්‍රිකට් පරිපාලනයට එකතු වන්නේද ඉන් අනතුරුවය.
1996 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය ගැන කතා කිරීමේදී ඕනෑම අයකුගේ මතකයට මුලින්ම නැඟෙන්නේ තිලංග සුමතිපාල මහතාගේ නමය. 1997 වසරේදී පළමුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරයට පත් සුමතිපාල මහතාගේ සහාය හිමි නොවන කණ්ඩායමකට ක්‍රිකට් නිලවරණය ජය ගත නොහැකි තත්ත්වයක් ඇති වන තරමටම සුමතිපාල නාමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර ඇති සම්බන්ධය බලවත් වී ඇත. 1997 වසරේ සිට මේ දක්වා වරින් වර වැඩිම කාලයක් ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේද තිලංග සුමතිපාල මහතාය. නැතිනම් ඒ මහතාගේ සහාය හිමිවන වෙනත් අයකුය. එම තත්ත්වය යම් තරමකින් හෝ වෙනස් වී ඇත්තේ අතුරු පාලක මණ්ඩල මඟින් ක්‍රිකට් පරිපාලනය ගෙන ගිය කාලවලදී පමණක්ය.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කළ කාලයේ අතුරු පාලක මණ්ඩල හරහා ක්‍රිකට් පරිපාලනය ගෙන යෑමට කටයුතු කළේ මේ හේතුව නිසාමය. තම ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු වුවද, සුමතිපාල පරිපාලනය හරහා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදු වන හානිය මහින්ද රාජපක්ෂ මහතා හොඳින් දැන සිටීම එයට හේතු වූ බව විශ්ලේෂකයන්ගේ අදහස විය. නමුත් 2015දී පත් වූ යහපාලන රජය එතෙක් පැවැති අතුරු පාලක මණ්ඩලය විසුරුවා හරිමින් ක්‍රිකට් නිලවරණය නැවත කැඳවීමට කටයුතු කළේය. එම නිලවරණය ජය ගනිමින් නැවත වරක් ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට පත් වූයේද තිලංග සුමතිපාල මහතාමය. ඒ අවස්ථාවේ ක්‍රීඩා ඇමැතිවරයා ලෙස කටයුතු කෙරුවේ දයාසිරි ජයසේකර මහතාය. 2015 වසරෙන් පසු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති වූ දරුණු කඩා වැටීම, යහපාලන රජය ජනතාව අතර මෙතරම් අප්‍රසාදයට ලක් වීමටද බලපෑ ප්‍රධාන කරුණක් විය. රටේ ආරක්ෂාව බිංදුවට ඇද දමමින් සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන් අප්‍රේල් 21 වැනිදා බෝම්බ මාලාවක් එල්ල කරද්දී, ක්‍රිකට් ක්‍රීඩාව බිලිගත් ත්‍රස්තවාදය පසුගිය සිවු වසර පුරාම දිනෙන් දින වළපල්ලට ගෙන ගියේය. 1996 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට දරුණුම විනාශයක් අත් වූයේ පසුගිය වසර 4 තුළදී බව විචාරකයන්ගේ අදහසය. ක්‍රීඩාවක් ලෙස ජාත්‍යන්තරයේ අත් වූ දරුණු පරාජය පමණක් නොව ක්‍රිකට් පරිපාලනය තුළ සිදුවූ මහා පරිමාණ දූෂණ වංචා රාශියක් එම කාලය තුළ අනාවරණය විය.
ඒ අතරින් ප්‍රධාන වූයේ රූපවාහිනී විකාශය අයිතිය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු මුදල් වෙනත් විදේශීය ගිණුමකට බැර කිරීමට උත්සාහ දැරීමය. එක් අවස්ථාවක පමණක් නොව අවස්ථා කිහිපයකදී එලෙස උත්සාහ දැරීම සම්බන්ධයෙන් සැක පිට ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ ප්‍රධානියාද අත්අඩංගුවට පත් විය. ක්‍රිකට් තරග අතරතුර ඔට්ටු ඇල්ලීම සඳහා පැමිණි ප්‍රධාන පෙළේ විදේශීය ඔට්ටුකරුවන් කිහිප දෙනකු ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට පත් වූ අතර තරග පාවාදීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් පළමු වරට ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් කිහිප දෙනකුට චෝදනා එල්ල වූයේද පසුගිය වසර 4 තුළදීය. එම කාලය තුළදී ක්‍රිකට් ආයතනයේ මුදල් අවභාවිත කරමින් රට වටා පැතිර සිටි තම හිතවාදීන් සතුටු කිරීමට ක්‍රිකට් පරිපාලනය කටයුතු කළ ආකාරය සහ ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් ක්‍රීඩාවද සූදු අන්තුවන්ගේ තිප්පොළක් විය. පසුගිය ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා ක්‍රිකට් ආයතනයේ මුදලින් සංචාරයේ නිරත වූ පිරිස 20කට වැඩි විය. පසුගිය පරිපාලනය තුළ සිදු වූ මේ සියලුම අකටයුතුකම් පිළිබඳව “දැන් ඉරිදා මව්රට” දිගින් දිගටම අනාවරණය කළේය.
2018 ඔක්තෝබර් 26 වැනිදා සිදුවූ හදිසි ආණ්ඩු මාරුවෙන් පසු ඇති වූ නව ආණ්ඩුවේ ක්‍රීඩා ඇමැතිවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත් වුවද, ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙරට ජනතාව බලාපොරොත්තු වූ වෙනස ඇති කිරීමට ඒ මහතාද අසමත් විය. හරීන් ප්‍රනාන්දු මහතාගේ පාලන කාලය තුළ පැවැත්වූ ක්‍රිකට් නිලවරණය ජය ගත්තේද තිලංග සුමතිපාල මහතාගේ ඩමි අපේක්ෂකයකු වූ ෂම්මි සිල්වා මහතාය. ෂම්මි සිල්වාගේ පාලන කාලය තුළ ක්‍රිකට් ආයතනය ගත් ප්‍රධානම තීරණය වූයේ හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමය. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීමට යැයි පවසමින් තිලංග සුමතිපාල පරිපාලනය යටතේ මෙරට ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කළ හතුරුසිංහ හිටිහැටියේ ඉවත් කිරීමෙන් ක්‍රිකට් ආයතනයට සිදුවූ පාඩුව රුපියල් මිලියන ගණනක් බව අනාවරණය වී ඇත. බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් කටයුතු කරමින් සිටි චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී ඔහුට ලබා දීමට පොරොන්දු වී ඇති වැටුප් සහ දීමනා අති විශාලය. කිසිවිටෙකත් ඒ වැටුප් සහ දීමනා හෙළිදරව් නොකර සිටීමට හතුරුසිංහ මහතා මෙන්ම ක්‍රිකට් පරිපාලනයද කටයුතු කළේය. හතුරුසිංහ මහතාට ලබා දෙන වැටුප් සහ දීමනා පිළිබඳව ක්‍රිකට් විධායක සභාවේ සාමාජිකයන් පවා නිසි ලෙස දැනුවත් වී නොතිබුණු බව පසුව අනාවරණය විය. සැමට රහසින් හතුරුසිංහ සමඟ ගිවිසුම් අස්සන් කිරීමේදී ක්‍රිකට් ප්‍රධානීන් අත යට ගනුදෙනුවක්ද සිදු කර ඇති බවට තොරතුරු දැන් දැන් අනාවරණය වෙමින් ඇත.
ඒ ආකාරයෙන් ඉතා අධික වැටුපක් ලබා දෙමින් හතුරුසිංහ මහතා ශ්‍රී ලංකාවට කැඳවූයේ ඒ හරහා පරිපාලනයේ වැරැදි වසා ගැනීමේ අරමුණෙන් බව කිසිවකුටත් රහසක් නොවීය. එහෙත් ක්‍රිකට් පරිපාලකයන් බලාපොරොත්තු වූ පරිදි බංග්ලාදේශයේදී පෙන්වූ මැජික් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පෙන්වීමට හතුරුසිංහ අසමත් වූ අතර කණ්ඩායම ලබන පරාජයන්ද දිනෙන් දිනම ඉහළ ගියේය. අවසානයේ ජාත්‍යන්තරයේ සාර්ථක පුහුණුකරුවකු වූ හතුරු පාලකයන්ගේ වැරැදි හමුවේ තම උපන් බිමේදී අසාර්ථකත්වයට පත් විය. එහෙත් හතුරුසිංහ සමඟ ඇති කර ගත් ගිවිසුම අනුව නිල කාලය අවසන් වීමට පෙර ඔහු ඉවත් කිරීමට ගත් තීරණය හේතුවෙන් ක්‍රිකට් ආයතනයට අත් වන පාඩුව අති විශාලය. එතරම් පාඩුවක් විඳ දරා ගනිමින් හතුරුසිංහ ඉවත් කෙරුවා කියා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අත් වූ සෙතක් නම් තවමත් පෙනෙන්නට නැත. අඩුම තරමේ හතුරුගෙන් හිස් වූ ප්‍රධාන පුහුණුකාර ධුරය ස්ථිර කෙනකු පත් කිරීමට හෝ පරිපාලකයන් කටයුතු කර නැත.
කෙසේ නමුත් යහපාලන ආණ්ඩුවේ අවසන් සති දෙක තුළදී සංශෝධිත ක්‍රීඩා පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට හැකි වීම ක්‍රීඩා ඇමැතිවරයකු ලෙස හරීන් ප්‍රනාන්දු මෙරට ක්‍රීඩාවට ලබා දුන් ප්‍රධානම දායාදය ලෙස හැඳින්විය හැකිය. එම පනතේ ප්‍රධානම කරුණ වනුයේ මින් ඉදිරියට සූදු ව්‍යාපාර හා සම්බන්ධ කිසිවකුට ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ විය නොහැකි බවට වන නීතියය. පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව නීතියක් බවට පත් වූ එම පනත පසුගිය අගෝස්තු 21 වැනි දින සිට බලාත්මකය. තම පවුලට සම්බන්ධ සූදු ව්‍යාපාරයක් පවතින බවට තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුව තුළ සිදු කළ කතාවකදීම පවසා ඇත. එබැවින් මින් ඉදිරියට ක්‍රිකට් ආයතනයේ කටයුතු හා සම්බන්ධ වීමේ කිසිදු ඉඩකඩක් සුමතිපාල මහතාට නීතියෙන් හිමි වී නොමැත. මන්ත්‍රීවරුන් බහුතරයකගේ ඡන්දයෙන් සම්මත වූ මෙම පනතට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළදී කතා කළ එකම මන්ත්‍රීවරයා වූයේ සුමතිපාල මහතා පමණක් වීමද කැපී පෙනෙන කරුණක් විය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපතිවරයා ලෙස පත් වන මොහොත වන විට ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් මෙරට තුළ ඇති වී තිබෙන තත්ත්වය එසේය. නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් තරුණ කණ්ඩායමක් විස්සයි විස්ස තරගාවලිය ජය ගනිමින් පාකිස්තානයේදී පෙරළියක් සිදු කළද, ඕස්ටේ්‍රලියාව සමඟ පැවැති තරගාවලියේදී නැවත වරක් ශ්‍රී ලංකාව සුපුරුදු පරාජිත තත්ත්වයට පත් විය. ක්‍රිකට් ක්‍රීඩාව සමඟ සම්බන්ධ වීමට තිලංග සුමතිපාල මහතාට නීතියෙන් ඉඩ කඩ අහුරා ඇති නමුත් තවමත් ක්‍රිකට් ආයතනයේ පරිපාලනය හිමි වී ඇත්තේ ඔහුගේ අනුගාමිකයන්ටය. එබැවින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩ ගැනීමට නම් පළමුව සිදු කළ යුත්තේ දූෂිත පරිපාලනය ඉවත් කිරීම බව සියලු දෙනාගේම අදහස වී ඇත.
ගෝඨාභය රාජපක්ෂ යනු රට ජාතියට පණ මෙන් ආදරය කරන මෙන්ම රට ජාතිය විනාශ කරන්නන්ට එරෙහි සෘජු තීන්දු ගැනීමට නොපැකිළෙන නායකයකු බව රටේ ජනතාවගේ විශ්වාසයය. ආරක්ෂක ලේකම් ධුරය දැරූ සමයේදී ඒ මහතා එය මොනවට ඔප්පු කර ඇත. මෙරට සියලු ජනතාව පවුරක් ලෙසින් එකතු කළ, ශ්‍රී ලාංකිකයන්ගේ පොදු ආගමක් බඳු වූ ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට ජනාධිපතිවරයා හැකි සෑම දෙයක්ම සිදු කරනු ඇතැයි මහත් බලාපොරොත්තුවෙන් ජනතාව මඟ බලා සිටින්නේද ඒ නිසාය. තම පාලන කාලය තුළ සියලුම ආයතනයන්හි පාලනය සඳහා නියම සුදුස්සන් පත් කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේද සඳහන්ව ඇත. තම පාලනය කාලය තුළ දූෂිතයන්ට, වංචාකරුවන්ට කිසිදු ඉඩක් ලබා නොදෙන බවද, එතුමන් කිහිප වරක්ම ප්‍රකාශ කර ඇත. එබැවින් මෙරට ක්‍රීඩාව විනාශ කළ, ක්‍රිකට් ආයතනය මෙරට පවතින අංක එකේ දූෂිත ආයතනය බවට පත් කළ, මාෆියාකරුවන් ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත් කර, මුදලට නොව ක්‍රීඩාවට ආදරය කරන පිරිසක් හරහා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගැනීමට ජනාධිපතිතුමන් ක්‍රියා කරන තෙක් ජනතාව මඟ බලමින් ඇත. දූෂිතයන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් කිරීම සඳහා එතුමන් නොපැකිළෙනු ඇතැයි යන බලවත් විශ්වාසය ජනතාව තුළ ඇත. ක්‍රිකට් ක්‍රීඩාව නැවත නඟා සිටුවීම හරහා සිදු වන්නේ මෙරට ජනතාවගේ එක් බලාපොරොත්තුවක් ඉටු වීම පමණක්ම නොව, ඒ හරහා සංචාරක ව්‍යාපාරයට එල්ල වන සෘජු බලපෑම මත එය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයටද මහත් රුකුලක් වනු ඇත. එබැවින් සෘජු තීන්දු තීරණ ගෙන, ජනතාවගේ නාමයෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව බේරා ගැනීමට ජනාධිපතිතුමන් ඉක්මනින්ම කටයුතු කරනු ඇතැයි යන්න අපගේද විශ්වාසයය.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ආයෙත් විවාහ වෙන්න මං ආසාවෙන් හිටියෙ

Next Post

පොලිසිය කණපිට ‌පෙරළෙයි

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.