• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යූ.එන්.පි.යට බැසිල් රාජපක්ෂ ‌කෙනකු වුවමනා කර තිබේ (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

November 23, 2019
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
යූ.එන්.පි.යට බැසිල් රාජපක්ෂ ‌කෙනකු වුවමනා කර තිබේ (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දී හිමිදිරි පාන්දර ජාමයේ සමාජජාලාවල අධිවේගයෙන් සංසරණය වූ ඡායාරූපයක් විය. එනම් බැසිල් සහ බිරිය කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමෙරිකාව බලා පිටත්ව යන්න ගුවන් තොටුපොළ පර්යන්තයේ බිය සැක මුසු පෙනුමෙන් ඇවිද යන ඡායාරූපයකි.
“බැසිල් රට පනී…”
පසු දින මාධ්‍යවල එය ප්‍රධාන පුවතක් විය. හැමෝම හිතුවේ බැසිල් ආපහු කවදාවත් ලංකාවට නොඑයි කියාය. ඒ දිනවල මැදමුලනේ සිටිය මහින්ද බලන්න ගිය හැමෝම පරාජය තියල කැපුවේ මහින්ද පිටය. හැබැයි බැසිල්ගේ නාගරික මන්ත්‍රි ජාලය හරහා මහින්ද බලන්න මැදමුලනට යන සෙනඟ සංවිධානය කරන්නේ ඇමෙරිකාවේ සිට රිමෝට් කන්ට්‍රෝල් එකකින් බව කවුරුත් දැන සිටියේ නැත. ඒ රිමෝට් කන්ට්‍රෝල් එක තිබුණේ බැසිල් අතේය. මහින්ද එක්ක නැඟිටිමු කියා රට වටා ගිය කට්ටිය මෙය දැන සිටියේ නැත. ඔවුන් හිතුවේ බැසිල් මහින්ද අමාරුවේ වැටුණු වෙලාවේ දමලගහල ගිය නිසා මහින්ද බැසිල් සමඟ අමනාපයෙන් ඉන්නවා කියාය. ඒත් මහින්ද සහ බැසිල් අතර දුරකතනයෙන් සංවාදයක් යන බව ඔවුන්ට ඉව වැටුණේ රාජපක්‍ෂ පවුල තුළින්මය.
“බැසිල් රාජපක්‍ෂ, මහින්ද රාජපක්‍ෂව පරාජය කරන්න පුළුවන් හැම දෙයක්ම කළා. බැසිල් හිටියේ නැත්නම් අපි 2015 ජනාධිපතිවරණය දිනලා. බැසිල් ජාත්‍යන්තර බලවේග එක්ක රහසින් වැඩ කළා මහින්ද පරාජය කරන්න…”
මහින්ද එක්ක නැඟිටිමු කී කට්ටිය බැසිල් ගැන කියන්න පටන් ගත්තේ මෙහෙමය. කොරහෙත් කිඹුල්ලු දකින ඔවුන් හිතුවේ මහින්දගේ පරාජය බැසිල්ගේ කුමන්ත්‍රණයක් කියාය. බැසිල් ඇමෙරිකාවේ සිට මහින්ද විනාශ කරන කුමන්ත්‍රණයක් කරනවා යැයි ඔවුන් බිය විය. දිනක් මේ හැමෝම මහින්දව හමුවෙන්න වේලාවක් ඉල්ලා ගියේ බැසිල් ගැන කියන කතාව කියන්න පෙරහුරුවක්ද තියලාය.
“ආපහු බැසිල්ව වද්දගන්න එපා. ඔහු විදේශ බලවේගවල ඉත්තෙක්…”
ඔවුහු කීහ. මහින්ද හයියෙන් හිනාවුණා පමණි. වැඩි කලක් ගියේ නැත. බැසිල් යළි ලංකාවට එන ආරංචිය ලැව්ගින්නක් සේ පැතිර ගියේය. විදේශ බලවේග මැදිහත් වී බැසිල් ඉන්නේ මෛත්‍රි එක්කයි, රනිල් එක්කයි ඩීල් එකක් දමාගෙන යැයි හැමෝම කීහ. බැසිල් ආවේය. ආ විගස ඔහුව අත්අඩංගුවට පත්වෙද්දී හැමෝගේම ඇස් උඩ ගියේය. හේතුව රාජපක්‍ෂ පවුලේ අත්අඩංගුවට පත්වූ පළමුවැනියා බැසිල්ය. බැසිල් ලංකාවට ආවේ තමන් අත්අඩංගුවට පත්වන බව දැනගෙනය. ඔහු ආවේ 2015 මහමැතිවරණයෙන් මහින්ද දිනවන්නටය. හැබැයි වැඬේ වැරදුණි. ඒත් ඔහු තෙවරක්ම අත්අඩංගුවට පත්විය. ඔහු අලුත් පක්‍ෂයක් හදන්න හිතුවේ අත්අඩංගුවේ සිටියදී විය යුතුය. එය ලේසි වැඩක් නොව අමාරු වැඩකි. අලුත් පක්‍ෂ හදල ලංකාවේ ආණ්ඩු හැදුවෙ දෙන්නෙකි. එක්කෙනෙක් ඩී. ඇස්. සේනානායකය. අනෙකා එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකය. ලංකාවේ ජනප්‍රියතම නළු විජය කුමාරතුංග ශ්‍රීල.නි.ප.ය කඩාගෙන ගොස් අලුත් පක්‍ෂයක් හදන්න ගිහින් ඝාතනය විය. ලලිත් සහ ගාමිණී යූ.ඇන්.පී.ය කඩාගෙන ගොස් අලුත් පක්‍ෂ හදන්න ගොස් ඝාතනය විය. විජයගේ පක්‍ෂයත් විනාශ විය. ලලිත්ගේ සහ ගාමිණීගේ පක්‍ෂයත් විනාශ විය. මේ නිසාම අලුත් පක්‍ෂ හැදීම අසුබ ලකුණක් සේ පෙනුණි.

ඒත් බැසිල් අලුත් පක්‍ෂයක් හදන්න තීරණය කළේය. ඔහුට ඒ සඳහා හයියට හිටියේ 2015ට පෙර සිටම ඔහුගේ හයිය වූ පළාත් පාලන මන්ත්‍රී ජාලයය. ඔහු ඒ මන්ත්‍රි ජාලය ප්‍රයෝජනයට ගෙන ගෝල්ෆේස් පිටිය පිරෙව්වේය. බැසිල්ට බැහැ කියල කිව්ව කට්ටිය බැසිල්ට පුළුවන් කියල කියන්න පටන් ගත්තේ එදාය. අලුත් පක්‍ෂයක් හදන්න පුළුවන් කියල හැමෝම පිළිගත්තේ එදාය.
ඔහු පොදුජන පෙරමුණ හදන්න ආදර්ශයට ගත්තේ මෝදිගේ ජයග්‍රහණයේ අදිසි හස්තය වූ භාරතීය ජනතා පක්‍ෂයේ සභාපති වූ අමිත් ෂාය. භාරතීය ජනතා පක්‍ෂයේ ලාංඡනය නෙලුම් මලය. බැසිල් තෝරා ගත්තේ නෙලුම් පොහොට්ටුවය. බැසිල්ගේ මේ අලුත් පක්‍ෂ හැදිල්ලට පක්‍ෂය ඇතුළතින්ම විරෝධතා එල්ල විය. බැසිල් ආණ්ඩු විරෝධී බලවේගය දෙකඩ කරන්න රනිල්ගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරනවා යැයි ඔවුහු කීහ. මේ විෂබීජය මහින්දවාදීන්ගේ ඔළුවට දැම්මේ මෛත්‍රිපාලය. මේ හැමෝටම නඩු සහ චෝදනා තිබුණු අතර, මෛත්‍රි ඒවා ප්‍රයෝජනයට ගෙන ඔවුන් බයකොට බැසිල් හදන පොදුජන පෙරමුණ කඩාකප්පල් කරන්න කුමන්ත්‍රණය කළේය. ඔවුන් මහින්දටයි, ගෝඨාභයටයි කීවේ 2019 ජනාධිපතිවරණය දිනන්න නම් මෛත්‍රිපාල ෂේප් කරගත යුතු බවය. බැසිල්ගේ පොදුජන පෙරමුණ 2018 පුංචි ඡන්දය ජයග්‍රහණය කළ විටද ඔවුන් ඒ ගෞරවය බැසිල්ට දුන්නේ නැත. ඔවුන් කීවේ 2019 ජනාධිපතිවරණය දිනන්න පොදුජන පෙරමුණ ගත් ඡන්ද මදි බවය. ජනාධිපතිවරණය දිනන්න නම් මෛත්‍රි එක්ක යා යුතු යැයි ඔහු කීවේය.
“ඊළඟ ජනාධිපතිවරණය දිනන්න නම් පොදුජන පෙරමුණට ශ්‍රීල.නි.ප.ය අවශ්‍යයි. ශ්‍රීල.නි.ප.ය නැතුව පොදුජන පෙරමුණට තනියම දිනන්න බැහැ…”
මේ ඔවුන් කී කතාය.

2018 පුංචි ඡන්දයෙන් පොදුජන පෙරමුණ ජයගත් පසු මෛත්‍රිපාල උපායිකව බැසිල්ගේ පොදුජන පෙරමුණ වට්ටවන්න ඔවුන්ව පාවිච්චි කළේය. මෛත්‍රි 2018 කුමන්ත්‍රණයෙන් මහින්දට අගමැති ධුරය දුන්නෙත් බැසිල් සහ පොදුජන පෙරමුණ ඉවර කරන්නටය. කුමන්ත්‍රණය අසාර්ථක වී මහින්ද අගමැති ධුරයෙන් ඉවත් වී විපක්‍ෂ නායක ධුරය ඉල්ලූ විට මෛත්‍රිපාල කීවේ විපක්‍ෂනායක ධුරය ඕන නම් මහින්ද තමන් ශ්‍රීල.නි.ප. සාමාජිකයෙක් බව පිළිගතයුතු බවය. ඉන් පසු ඒකාබද්ධ විපක්‍ෂයේ හැමෝම තමන් ශ්‍රීල.නි.ප. සාමාජිකයන් බව පිළිගත්හ. ඒ කාලයේ මේ කවුරුත් පොදුජන පෙරමුණු පක්‍ෂ කාර්යාලයේ පැත්තේවත් ගියේ නැත. හැමෝම හිතුවේ මහින්ද මෛත්‍රි එක්ක ගමනක් යයි, බැසිල් ඉවර යැයි කියාය. ඒත් බැසිල් පක්‍ෂය ශක්තිමත් කරමින් ගම් ගානේ ගියේය. තමන් කොන් වී කොයි මොහොතේ හෝ යළිත් අත්අඩංගුවට පත්වනු ඇතැයි බියක් තිබුණත් ඔහු ගේම අතහැරියේ නැත. ඔහු කොහොම හරි පොහොට්ටුවට වැඩියෙන්ම පහර දුන් මෛත්‍රිපාලගේ දේශපාලන න්‍යායාචාරීන් වූ එස්.බී.ලා කඩාගන්න සමත් විය. 2019 ජනාධිපතිවරණය දිනන්න නම් පොහොට්ටුවෙන් තරග කළ යුතුය යන මතය මහින්දවාදීන් අතර ශක්තිමත් කරන්න ඔහු සමත් විය. ඔහුත් ගෝඨාභයත් අතර ප්‍රශ්න තියෙනවාය කිව්වට ඔහු ගෝඨාභයට අපේක්‍ෂකත්වය දිය යුතු යැයි මහින්දට කීවෙ ලංකාවෙ පන්සල් 7,000ක සිංහල බෞද්ධ ඡන්ද මෙහෙයුමක් දයත් කරලාය. 2005 සහ 2010 මහින්ද දින්නේ තනිකර සිංහල බෞද්ධ ඡන්දවලින් නොවේ. ඔහුට රිෂාඞ්ගේ මුස්ලිම ඡන්දත් තිබිණි. 2010 සිංහල බෞද්ධ ඡන්දවලින් දිනන්න ලොකුම හේතුව යුද්ධයය. බැසිල් මේ මොහොතේ සිංහල බෞද්ධ ඡන්දවලින් දිනන්න ප්‍රයෝජනයට ගත්තේ පාස්කු ප්‍රහාරයය.
විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නාට පසු ලංකාවේ මැතිවරණ ක්‍රමය තුළ ප්‍රකට නම වූයේ ඡන්ද මැෂිමය. ඒ අතරින් ජනප්‍රිය වූයේ ප්‍රේමදාසගේ කාලයේ කුරේගේ ඡන්ද මැෂිමය. චන්ද්‍රිකාගේ කාලයේ, එස්.බී.ගේ ඡන්ද මැෂිමය. මහින්දගේ කාලයේ බැසිල්ගේ ඡන්ද මැෂිමය. හැබැයි මේ හැමෝම ඡන්ද මැෂින් නිර්මාණය කළේ ආණ්ඩු බලයෙන්ය. ඒ ඡන්ද මැෂිමට තෙල් දැම්මේ රාජ්‍ය බලයය. කුරේ විපක්‍ෂයට ගොස් පුරවැසි පෙරමුණ පක්‍ෂය හැදුවේය. ඡන්ද මැෂිම වැඩ කළේ නැත. එස්.බී. යූ.ඇන්.පී.යට ගොස් 2004 විපක්‍ෂයට ගියේය. 2009 මධ්‍යම පළාත් සභා මහඇමැති අපේක්‍ෂක වූයේ එස්.බී.ය. හැබැයි එස්.බී.ගේ ඡන්ද මැෂිම වැඩ කළේත් නැත. හේතුව රාජ්‍ය බලය නැති වූ විට මැෂිම් අක්‍රිය වන නිසාය. බැසිල් විපක්‍ෂයට ගිය විටත් හැමෝම හිතුවේ බැසිල්ගේ ඡන්ද මැෂිමත් ඉවර යැයි කියාය.
අද ගෝඨාභය ජයග්‍රහණය කළේ බැසිල් විපක්‍ෂයේ ඉඳගෙන හදපු ඒ ඡන්ද මැෂිමෙන්ය. අමාරුම ඡන්ද මැෂිම විපක්‍ෂයේ ඉඳන් හදන ඡන්ද මැෂිමය. අද යූ.ඇන්.පී.යටත් ඕන ඒ වගේ ඡන්ද මැෂිමක්. කට්ට කාගෙන ගම්දනව්වල ඇවිදින බැසිල් රාජපක්‍ෂ වැනි චරිතයකි. හිරේ දමනවාට බය නැති ඒ වගේ චරිතයකි. බැසිල් හරවපු සිංහල බෞද්ධ රැල්ල යළි යූ.ඇන්.පී.යට හරවන්න පුළුවන් බැසිල්ගේ අවතාරයකටය.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මහජන්දය අප්‍රේල් 25: විසුරුවීම මාර්තු 16

Next Post

සෙලාන් බැංකුවේ නවතම ATM යන්ත්‍රයක් “One Galle Face”හි විවෘත කෙරේ

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.