• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දැන් රඟපාල විතරක් ජීවත් වෙන්න අමාරුයි! ඒකට හුරු වෙන්න ටික කාලයක් ගියා!

February 15, 2022
in Heart
Reading Time: 5 mins read
A A
දැන් රඟපාල විතරක් ජීවත් වෙන්න අමාරුයි! ඒකට හුරු වෙන්න ටික කාලයක් ගියා!
Share on WhatsAppShare on Facebook

හැම දෙයකටම සල්ලි ඕනේ… හිත් රිද්දන වැඩ නම් කරන්නේ නැහැ…

රංගන ශිල්පිනියන් අතරින් මේ දිනවල නිතර කතාබහට ලක්වන, පුංචි තිරයේ දක්නට ලැබෙන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි චන්දිමා කරුණාදාස (Chandima Karunadasa) කියන්නේ. ඇය සතු රංගන දක්ෂතාව නිසාම ඇය නිරූපණය කළ චරිතයන් ප්‍රේක්ෂකයන්ගේ කතාබහට ලක්වුණා. ඒ නිසාම ‘මව්රට’ හාට් මේ සොඳුරු කතාබහ ඇයත් සමගයි….

චන්දිමා මේ දවස්වල ‘පාරදිගේ’ යන ගමන් වැහිල තියෙන පාරවල් වෙනුවට විකල්ප මාර්ග භාවිත කරනවා කියලා ආරංචියි…?
පාර දිගේ යමින් ‘පාර වසා ඇත’ නාට්‍යයටත් සම්බන්ධ වෙලා ඉන්නවා. රංගන ශිල්පිනියක් විදිහට මට ඇත්තටම සතුටුයි. රංගනයෙන් දායක වෙන්න ලැබිල තියෙන වෙනස්ම චරිත දෙකක් නිසා. ඒ නිසා හරිම ආසාවෙන් පාර දිගේ යමින් පාර වසා ඇත නාට්‍යයට සම්බන්ධ වෙලා වැඩකටයුතු කරනවා.

‘පාර දිගේ’ නාට්‍යයේ චණ්ඩි රැජින ‘පාර වසා ඇත’ නාට්‍යයේ අහිංසක කාන්තාවක් බවට පත් වෙනවා….?
ඩාලිං අක්කා කියන්නේ කට සැර තමන්ගේ ආධිපත්‍යය පතුරවන සැමියාවත් යටත් කරගෙන ඉන්න කාන්තාවක්. ඩාලිං අක්කාගේ චරිතයේම අනෙත් පැත්ත තමයි ‘පාර වසා ඇත’ නාට්‍යයේ නිරූපණය කරන්නේ. විවිධ චරිත නිරූපණය කිරීමට ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. රංගන ශිල්පිනියක් විදිහට එය මට හොඳ අත්දැකීමක්. මම ඒ චරිත ද්විත්වය වෙනස්ම විදියකට ප්‍රේක්ෂකයන් අතරට රැගෙන යන්නට පරිස්සම් වෙනවා. එහෙම වුණොත් තමයි චරිතාංගමය විදිහට යම්කිසි දක්ෂතාවයක් පෙන්විය හැකි වෙන්නේ.

චන්දිමා සැබෑ ජීවිතයේ නපුරු, චණ්ඩි අයෙක්ද?
මම කතාබහ අඩු මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. මම නපුරු කෙනෙක්වත් කාටවත් නපුරුකම් කරන කෙනෙක්වත් නෙමෙයි.

ඔබ වේදිකාවට මෙන්ම පුංචි තිරයේදිත් චරිතයට උපරිම සාධාරණයක් ඉටුකරන අයෙක්?
මම හැම වෙලාවේම උත්සාහ කරන්නේ ඒකාකාරී නොවූ චරිතයන් භාරගෙන මගේ යම්කිසි දක්ෂතාවක් තියෙනවා නම් එය මගේ චරිතයන් තුළින් ප්‍රේක්ෂකයන් අතරට පත් කිරීමටයි. වේදිකාවෙන් ලබපු අධ්‍යාපනය එක්ක මම හිතනවා සඳමිණිගේ චරිතය සියලු දෙනාගේ සහයෝගය මත දැනට ගොඩක් හොඳින් නිරූපණය කරන්න ලැබුණා කියලා.

වේදිකාව කියන්නේ ‍රංගන ශිල්පියෙක්ට/ශිල්පිනියක්ට රංගනයයේ තම අඩිතාලම හදාගන්න ලොකු පන්නරයක්?
ඔව්. මම පෞද්ගලිකව එහෙම විශ්වාස කරනවා. වේදිකාව තමයි කෙනෙක්ට හැදෙන්න තියෙන හොඳම තැන කියලා. මොකද වේදිකාව කියන තැනින් හැදෙන කෙනෙක්ට අනිත් මාධ්‍යවල හැසිරෙන එක අපහසු නැහැ. එහිදී අපි ගොඩනගා ගන්නා පුහුණුවීම් හා චරිත, පිටපත් කියවීම් වගේ අප ලබන සෑම පුහුණුවකින්ම හැමදාම ජීවිතයට දෙයක් ඉගෙන ගන්නවා වගේම ඒක රංගනයට ලොකු අභ්‍යාසයක් කියලා මා විශ්වාස කරනවා.

ඔබ වේදිකාවට සමුදීලාද ඉන්නේ…?
මම හැදුණු තැන වේදිකාව. වේදිකාවට තාමත් ආදරෙයි. මගේ දැනට තියෙන වෙලාව වෙන්කර ගැනීමේ ගැටලුව නිසා මේ වෙද්දී වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙලා නැහැ. ආරාධනා ලැබුණත් සමහර ඒවා භාර ගන්න අවස්ථාව ලැබුණේ නැහැ. වේදිකාවෙන් අයින් වෙන්නේ නැහැ කවදාවත්. මම හැමදාම ආදරේ කරන තැන. මම ඒ ගෞරවය හැමදාමත් වේදිකාවට දෙනවා.

වේදිකාවෙන් පුංචි තිරයට පැමිණීමත් සමග තවත් රසික පිරිසක් එකතු වුණා. කොහොමද චරිතවලට ලැබෙන ප්‍රතිචාර?
සමාජ මාධ්‍ය ඔස්සේත් දුරකතන ඇමතුම් මගිනුත් හැම විදිහකටම ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර හම්බෙනවා. සමහර වෙලාවට ෂූටින් ගියාම රසිකයන් අපිව බලන්න එනවා. අපිත් එක්ක කතා කරන්න ආසයි කියලා ෆොටෝස් ගන්නවා. එතකොට ඇත්තටම හරි සතුටුයි.

සිනමා නිර්මාණයන්ට සම්බන්ධ වීමේ අදහසක් නැද්ද?
සිනමාවට ආරාධනා කිහිපයක් ලැබුණා. කාල කළමනාකරණය එක්ක ‍යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වූ නිසා ඒ ආරාධනා භාරගන්න ලැබුණේ නැහැ. අනිවාර්යයෙන්ම සිනමාවටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. මොකද මම සිනමාවට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා නීතිරීති දාගෙන වැඩකරන කෙනෙක් නොවන නිසා.

වෘත්තීය ලෙස රංගනයේ යෙදෙන්නට ඔබේ අදහසක් තියෙනවාද?
දැන් රටේ තියෙන තත්ත්වය එක්ක වෘත්තීය රංගන ශිල්පියෙක් වෙලා ජීවත් වෙන්න අමාරුයි. කොළඹ ජීවත් වෙද්දී අපට වියදම් වැඩියි. හැම දෙයකටම මුදල් අවශ්‍ය වෙනවා. ඒ දේවල් එක්ක අපට හොඳ ආර්ථික පසුබිමක් තියෙන්න ඕනි. වෘත්තීමය රංගන ශිල්පිනියක් වුණොත් ජීවත් වෙන්න පුළුවන්. නමුත් තමන්ට තෝරාබේරා ගැනීමකින් තොරව නිර්මාණයන් භාර ගන්නට සිදුවෙනවා. මම ඒ දෙයට කැමැති නැහැ. මට ලැබෙන චරිතවලින් මට දෙයක් කරන්න පුළුවන් විදිහේ චරිත කරන්න තමයි මම කැමැති. ඒ වගේ සීමාවක ඉඳලා මම රංගනයට එකතු වෙනවා නම් වෘත්තීයමය රංගන ශිල්පිනියක් වෙන්න අමාරුයි.

මේ ක්ෂේත්‍රයේ දක්ෂයාට තැනක් ලැබෙනවා ද?
දක්ෂයාට නිසි තැනක් හම්බවෙන්නේ නැහැ කියන එක කියන්න බැහැ. මේ ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ දෙනෙක් දක්ෂයෝ. අද ඒ අය ක්ෂේත්‍රයේ වැඩකටයුතු කරගෙන යනවා. යම් තැනකදී එක්කෙනෙක් දෙන්නෙක් මඟ හැරෙන්න පුළුවන්. ඒකට ක්‍රමවේදයක් හැදෙනවා නම් හොඳයි. ඒත් මට එක එල්ලේම කියන්න බැහැ දක්ෂයෝ ක්ෂේත්‍රය තුළ නැහැ ඒ අයට අවස්ථාව හම්බෙන්නේ නැහැ කියලා.

හැමදෙනාටම තම ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් තියෙනවා. චන්දිමාගේ මුල්ම හැරවුම් ලක්ෂ්‍යය වුණේ මොකක්ද?
මුල්ම හැරවුම් ලක්ෂ්‍යය තමා උසස් පෙළ සමත් වෙලා කැලණිය විශ්වවිද්‍යාලයට ආපු එක. මගේ ජීවිතයේ තිබූ එකම හීනය විශ්වවිද්‍යාලයට කෙසේ හෝ යනවා කියන එක. ඉතින් ඒ හීනය යථාර්ථයක් වීමත් සමගම මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමෙන් තමයි රංගනය ගැන ප්‍රායෝගිකව හදාරන්න ගත්තේත් වේදිකාව මත රංගනයේ යෙදෙන්නෙත්. මම අද යම්කිසි දක්ෂතාවයක් පෙන්වනවා නම් ඒ ගෞරවය මගේ විශ්වවිද්‍යාලයට හිමිවිය යුතුයි.

බොහෝ දෙනෙක් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වීම එක්ක පවුල් ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. ඔබට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මම විවාහ වෙලා අවුරුදු තුනක් පමණ වෙනවා. මේ වෙනකන් මට ගැටලුකාරී තත්ත්වයන් ඇතිවෙලා නැහැ. හේතුව මගේ සැමියා තමයි මට ඉන්න ලොකුම ශක්තිය. ඔහු තමයි හැම දෙයකටම හෙවණැල්ල වගේ මට ශක්තිය දෙන්නේ.

මේ ආ ගමන ගැන ඔබ තෘප්තිමත් ද?
හරිම දුක් විඳලා ආපු ගමනක්. මොකද විශ්වවිද්‍යාල ජීවිතේ අවුරුදු හතරක් හරිම දුක් කම්කටොලු මැදින් ‍ගලා ගියේ. ඒක නිසා මට හරිම නිහතමානී ආඩම්බරයක් තියෙන්නේ.

ගමක ඉඳන් ඇවිත් කොළඹ ජීවිතයට හැඩගැසෙන්නට අපහසු වුණා නේද?
ගමේ ඉඳන් සරසවි අධ්‍යාපනය ලබන්න ආ මුල් කාලයේ නම් හරිම අමාරුයි. අපි ගම්වල දකින්නේ සරල, හරි නිහතමානී මිනිස්සු. ඒ ලබපු අත්දැකීම් එක්ක කොළඹ පරිසරයේ ජීවත් වන මිනිස් සමාජ ඇසුර සංකීර්ණයි. මට ඒකට හුරු වෙන්න කාලයක් ගතවුණා. සමහර අවස්ථාවන්හිදී අපහසුතාවයට පත්වුණු තැන් තිබුණා. ඒ කිසි දෙයකින් මම ආපස්සට ගියේ නැහැ. ඒ අයගේ හිත් රිදෙන විදිහේ වැඩකරල නැහැ. මගේ හිත රිදෙන තැන් තිබුණත් මම ඔවුන්ගේ හිත් රිදවලා නැහැ. මම ඒක ජීවිතයට අත්දැකීමක් කරගෙන ඉස්සරහට ‍යනවා.

ඉදිරි අනාගත සැලසුම් මොනවද?
මේ වෙද්දී නම් ‘පාර දිගේ’ හා ‘පාර වසා ඇත’ නාට්‍යවල කටයුතු කරගෙන යනවා. ඉදිරියේදී තව නිර්මාණයන් කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් රටේ පවතින කොවිඞ් වසංගත තත්ත්වයත් එක්ක ඒවා මොන විදිහට වෙනස් වෙයිද කියන්න බැහැ.

-ස්ටෙෆනි කොතලාවල

SendShareShare
Previous Post

දානෙ නෑ… බොන්න වතුර නෑ… ලැබෙන දනත් ගමට බෙදලා දුෂ්කරව දිවිගෙවන බුළුගල ‌සෙනසුනේ හිමිවරුන්ට පිහිටක් වෙමුද?

Next Post

අපි උදේ කියපු කතාව කාදිනල් හිමියන් දහවල් තහවුරු කරයි! වතිකානුව එක්ක පාස්කු ප්‍රහාරය ගැන හෙළිකළ නොහැකි ගනුදෙනුවක!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.