පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට සාධාරණය ඉටුකිරීමේ ක්‍රියාමාර්ගයක් ශ්‍රී ලංකා කතෝලික සභාව සහ වතිකානුව එක්ව සංවිධානය කරනු ලබන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද ප්‍රකාශ කළේය.
“ශ්‍රී ලංකා කතෝලික සභාව වතිකානුව සමඟ එක්ව ක්‍රියාමාර්ගයක් සංවිධානය කරනු ලබන නමුත් අපි දැන් ඒ ගැන කිසිවක් හෙළි නොකරමු,” යැයි කාදිනල් හිමි මාධ්‍ය හමුවකදී පැවසීය.
“පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට සාධාරණය ඉටු කිරීමට පල්ලිය ජාත්‍යන්තර සහය ලබා ගන්නේ නම් ශ්‍රී ලංකාවට අත්විඳිය යුතු ප්‍රතිවිපාකවල වගකීම දැරිය යුත්තේ රජයයි,” උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.
කෙසේවෙතත් අද පෙරවරුවේ අප අතිවිශේෂ පුවතක් පළකරමින් කියා සිටියේ කාදිනල් හිමිපාණන් මේ මස අගදී වතිකානුවේ සංචාරයක නිරත විමටද සැලසුම් කර ඇති බවකි.










