ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.
නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂකවරුන් ලෙස චමින්ද කරුණාරත්න, මොහාන් කරුණාරත්න, විදර්ශන බණ්ඩාර යන මහත්වරුන් පත් කිරීමටද නියමිතය.











