මෛත්‍රීපාල සිරිසේන මහතාෙගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) රාත්‍රීයේ පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම අතරතුරදී සිරිසේන මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත දුරකතන ඇමතුමක් ලබා ගෙන තිබේ.
ඒ, අමාත්‍යවරුන් පත් කිරීමේදී ශ්‍රීලනිපයට හිමි අමාත්‍ය ධූර සංඛ්‍යොව පිළිබදව නිශ්චිතව දැනගැනීම සදහාය.
ඒ අනුව අමාත්‍ය ධූර 3ක් ශ්‍රීලනිපය වෙත ලබා දෙන ලෙස සිරිසේන මහතා මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
නමුත් වහාම ඊට පිළිතුරු දී ඇති රාජපක්ෂ මහතා කියා ඇත්තේ ‘3ක් බෑ… 2ක් විතරක් දෙන්න පුලුවන්…” යැයි කියාය.
කෙසේවෙතත් ඇමැති ධූර සංඛ්‍යාව වැඩි කර ගැනීමට සිරිසේන මහතා උත්සාහ කළද මහින්ද රාජපක්ෂ මහතා ඒ කිසිවක් කනකට නොගෙන දුරකතනය විසන්ධි කර ඇති බව දැනගන්නට ඇත.










