ආණ්ඩුව හදිසියේම පළාත් සභා ජන්දය පැවැත්වීමට තීරණය කොට ඇති බවත්, එම සටනට ඉදිරිපත් කිරීම සදහා මේ වනවිට ජනප්‍රිය චරිත සොයමින් සිටින බවත් ආණ්ඩුවට සමීප විශ්වාස කටයුතු ආරංචිමාර්ග තහවුරු කරයි.
ඒ අනුව පසුගිය දින කිහිපය ඇතුළත දිවයිනේ නමගිය ප්‍රකට චරිත කිහිපයකටම ආරාධනා කොට ඇති බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පෙන්වා දෙයි.
එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ බොහෝ දුරට ලබන අප්‍රේල් මාසය වනවිට පළාත් සභා ජන්දය පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවකි.
මේ අතර ජාතික මැතිවරණ කොමිසමද මේ වනවිට සියලුම පක්ෂ නියෝජිතයන් ලබන 24 වැනි දින සාකච්ජාවක් සදහා කැදවා අත.
එමෙන්ම මැතිවරණයක් පැවැත්වීම සදහා ඔවුන්ද මේ දිනවල සූදානම් වන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.










