ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී තිබේ.
ඒ අනුව වනිඳුට අද (15) පැවැත්වෙන තෙවැනි තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමි වේ.
මීට පෙර වේගපන්දු යවන බිනුර ප්‍රනාන්දුටද, කුසල් මෙන්ඩිස්ටද කොරෝනා ආසාදනය වී තිබූ නමුත් කුසල් මෙන්ඩිස් අද තරග වැදීමට නියමිතය.










