• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටි තුනහමාරක අල්ලසක් ගත් හඬ පටයක් එළියට එයි! රාජ්‍ය ආයතන ප්‍රධානියෙක් හොරාකාපු හැටි අතේ මාට්ටු!

February 10, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
කෝටි තුනහමාරක අල්ලසක් ගත් හඬ පටයක් එළියට එයි! රාජ්‍ය ආයතන ප්‍රධානියෙක් හොරාකාපු හැටි අතේ මාට්ටු!
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුගේ කෝටි තුනහමාරක අයථා ගනුදෙනුවක් සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරන හඬ පටයක් එම ආයතනයේ නිලධාරීන් අතට පත්ව ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.

එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ විදුලි සෝපානය ඉවත් කර නව විදුලි සෝපානයක් ස්ථාපිත කිරීම, ආයතනය සතු වාහන දහයක් විකිණීම ඇතුළු කාර්යයන් කීපයකට ටෙන්ඩර් කැඳවා ඇති බවටද එම ටෙන්ඩර් පත්‍රිකාවල මිල ගණන් වෙනස් කර තමන්ට හිතවත් ව්‍යාපාරිකයකුට ටෙන්ඩරය ලබාදීම වෙනුවෙන් එම ආයතන ප්‍රධානියාගේ ළඟම ගෝලයකුට මෙම රුපියල් කෝටි තුනහමාරක මුදල ලබාදී ඇති බවට ද එම හඬ පටයේ සංවාදවලින් හෙළිවන බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම ප්‍රශ්නගත ආයතන ප්‍රධානියාගේ ගිණුමකටද එම ව්‍යාපාරිකයා සෘජුවම ලක්ෂ පහළොව හා හතර හමාර බැගින් අවස්ථා දෙකකදී දහනව ලක්ෂ පනස් දහසක මුදලක් ලබාදී ඇති බවද එම හඬපටයෙන් හෙළි වී ඇතැයි වාර්තා වේ.

රුපියල් කෝටි තුනහමාර ලබාගත් බව කියන සේවකයා මාසයක පමණ කාලයක සිට සේවයට වාර්තා නොකිරීමෙන් හා තමන්ගේ ගනුදෙනුව සිදුනොවීමෙන් ඇති වූ සැකය මත අදාළ ව්‍යාපාරිකයා මෙම හඬපටය නිකුත් කර ඇති බවද දැන ගන්නට තිබේ.

මෙම සේවකයා එම ආයතනයේ ප්‍රවාහන අංශයේ හා ප්‍රවර්ධන අංශයේ කළමනාකරුවකු ලෙස පත්වීම් ලබාදී තිබෙන්නේ ප්‍රශ්නගත ආයතන ප්‍රධානියා විසින්ම බවද, එසේ සිදුකර තිබෙන්නේ එම සේවකයා මීට පෙරද මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වසර ගණනාවක සිට වැඩතහනමට ලක්ව සිටියදී එය සමථයකට පත්කර බවද ආරංචිමාර්ගවලින් වාර්තා වේ.

මේ හඬපටය නිකුත් වීමත් සමග එම ආයතන ප්‍රධානියා ඔහුගේ කාර්යාලයට විශේෂ ආරක්ෂාවක්ද යොදවාගෙන ඇතැයිද දැන ගන්නට තිබේ. එහෙත් ආයතනයේ සිටින ආරක්ෂකයන් එයට ප්‍රමාණවත් නොවන නිසා තාවකාලිකව තුන්දෙනකු පමණක් ආරක්ෂාවට ලබාදිය හැකි බවට ආරක්ෂක අංශ ප්‍රධානියා එම නිලධාරියාට දැනුම් දී ඇතැයිද වාර්තා වේ.

ආයතනයේ සිටින ආරක්ෂකයන් ප්‍රමාණවත් නොවන්නේ නම් වෙනත් පෞද්ගලික ආරක්ෂක සේවාවකින් පිරිසක් ගෙන්වා ගන්නා ලෙස ඔහු ආරක්ෂක අංශ ප්‍රධානියාට උපදෙස් දී ඇති බවද දැනගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද අප කළ විමසීමකදී එම ආයතනයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.-ලංකාදීප

SendShareShare
Previous Post

ත්‍රිකුණාමලේ තෙල් ටැංකි අවුරුදු 50කට ගත්ත ඉන්දියාව ලංකාවේ තෙල් ගවේෂණයටත් අත තියයි! (VIDEO)

Next Post

ආණ්ඩුව වට්ටන කුමන්ත්‍රණයක් ගැන ජනපතිගෙන් පළමුවරට හෙළිදරව්වක්! (VIDEO)

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.