• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මවකගේ හදගැස්ම

November 26, 2019
in Heart
Reading Time: 2 mins read
A A
මවකගේ හදගැස්ම
Share on WhatsAppShare on Facebook

‘චාරුලතාවක් වී’ ටෙලිනාට්‍ය කලාවට පය තැබූ සුසන්තා චන්ද්‍රමාලි වැඩිහරියක්ම වාගේ ප්‍රේක්ෂකයන් හමුවේ තැබුවේ කඳුළට නෑකම් කියන අවිහිංසක චරිත නිරූපණයන්ය. ඒ නිසාමදෝ සුසන්තා සුවහසක් ප්‍රේක්ෂක සිත් තුළ සදා නොමැකෙන මතක සටහන් තැබූ රංගවේදිනියක වූවාය. මඟතොටේදී ප්‍රේක්ෂකයන් තමා වෙත ඉතා ළෙන්ගතු ප්‍රතිචාර දක්වන විට සුසන්තා තුළ එක් සිහිනයක් උපන්නේය.ඒ ෂූටිං යන විට නිතරම පාහේ තම සුරතෙහි වෙළී එන පුංචි සුරංගනාවක් වැනි පුංචි දූ පැටියව තමා වැනිම ටෙලි තරුවක් කරන්නටය. සිහිනය සැබෑ විය. තිසුරි යුවනිකා ටෙලි තරුවක පමණක් නොව දක්ෂ රංගවේදිනියකද විය. සුසන්තාටවත් ඇදහිය නොහැකි ලෙස බොහෝ දුර ගිය තිසුරි දුව ගැන සුසන්තා සතුටු වන ආකාරය ගැන ඇගේම වචනවලින් අසන්නට ‘හාට්’ ඈ සොයා ගිය නිමේෂයයි මේ.
කියන්න ඉතින් මොනවද තිසුරි ගැන ඔබට හිතෙන්නේ?
අප්පච්චියේ තිසුරි ගැන හිතෙන දේවල් ලියන්න කියන්න ගියොත් දවසක් මදිවෙයි මට.
එහෙම නම් අපි ඒ ළෙන්ගතු හැඟීම කෙටියෙන් විස්තර කරමු?
කෙටියෙන්, ඒම කොහොමද ඒක කෙටියෙන් කියන්නේ. හොඳියි මම තිසුරි ගැන මෙහෙම කියන්නම්. මගේ දුව මට විශ්වයක් වගෙයි. ඈ ගැන මට ආඩම්බරයි. ඒ වගේම තවමත් මට තිසුරිව දැනෙන්නේ මගේ දෑතින් වඩාගත්ත පුංචිම පුංචි කෙළි පැටික්කිය ගානටයි.
ඔන්න ඔබේ ඇස් දෙකට කඳුළුත් ඉනුවා?
ඔව්. ඒ තරමට අපේ බැඳීම හරිම ළෙන්ගතුයි. ඇත්තටම අපි යාළුවො වගේ. තිසුරි විවාහ වෙන දවසට ඒක කොහොමද දරාගන්නෙ කියන හැඟීම නිතර මගේ හිතේ නළියෑව කාරණයක්.
ඒ හින්දද තිසුරි විවාහ වූ දවසේ දෙන්නම ඇතිවෙන්න ඇඬුවෙ?
ඇත්තටම ඔව් අනේ. තිසුරි මාව දාලා ඈතක යන්න හදනවා වගේ මම ඇඬුවේ. කවදාක හරි එයා අපේ ගෙදරම ඉන්න බව දැනගෙනත් මට දැනුණේ මගෙ ඇඟෙන් කොටසක් වෙන් වෙලා යනව වගෙයි. එකම ගෙදර උන්නයි කිව්වත් තිසුරි දැන් අයිති වෙන කෙනකුටනේ කියන හැඟීම මට මහ දුකක් වුණා.
තිසුරි තවමත් මොනව හරි යමක් කරන්න යන විට ඔබේ අවසර ඉල්ලනවා කියන්නෙ ඇත්තද?
අනේ ඔව්. අම්මා මම මෙහෙම කරන්නද? අරම කරන්නද? මෙහෙ යන්නද? මෙහෙම හොඳද කියල අහලා තමයි එය කරන්නේ.
තිසුරි නිළියක වුණේ ඔබේ බලපෑම මතද?
බලපෑමක් නෙමෙයි. මම දුවගෙන් ඉල්ලීමක් කළා එයාට අදහසක් ඉදිරිපත් කළා. බලපෑම්, තරවටු කිරීම්, නීති වැනි දේ අපි අතර නෑ. තිසුරි කියන්නේ හරිම කීකරු දරුවෙක්. හැම අම්ම කෙනෙක්ම වාසනා කරන්න ඕනෑ ඒ වගේ දුවක් ලබන්න.
තිසුරිව නිළියක් කරන්න හිතුවේ ඔබ නිළියක් නිසාද? නැත්නම් ඇගේ ලස්සන රුව නිසාද?
ඔය කාරණා දෙකම නෙමෙයි. මට හේතු වුණේ වෙනම දෙයක්. ටෙලිනාට්‍ය නිළියක ලෙස මම ජනප්‍රිය වෙනකොට ප්‍රේක්ෂකයන් මඟතොටේදී මට දක්වන ළෙන්ගතු ප්‍රතිචාර දකිනකොට මට හරි ආස හිතුණා තිසුරිටත් ඒ ගෞරවය දෙන්න. ‘අන්න සුසන්තා චන්ද්‍රමාලි යනවා කියලා මිනිස්සු මට ඇහෙන්න කියනකොට මගේ ළඟට ඇවිත් කතා කරනකොට මට දැනුණු අහිංසක ආඩම්බරය තුළ තිසුරිව හිර කරන්න මට ආස හිතුණා.
හැබැයි තිසුරි මුලින් අදිමදි කළාලු නේද?
ඔව්. එයා අම්ම තාත්තා අස්සෙම හැදුණු ලැජ්ජාශීලී දරුවෙක්. එනිසා නිළියක් වීමේ කැමැත්තක් ඒතරම්ම තිසුරි තුළ තිබුණේ නැහැ. හෙමින් හෙමින් මම ඇගේ හිත හැදුවා. රඟපාන්න ඇයට ආරාධනා ලැබුණු පිටපතක්වත් බලන්න තිසුරි කැමැති වුණේ නැහැ. මමයි එතකොට පිටපත් එයාට ඇහෙන්න කියෙව්වේ.
කොහොම හරි තිසුරි දක්ෂ චරිතාංග නිළි තාරකාවක් වුණා?
ඔව්. මට හරිම සතුටුයි. තිසුරි මම හිතුවටත් වඩා හුඟක් දුර ගියා. සම්මානනීය නිළි තාරකාවක් වුණා.
‘මිණිගංදෑලේ සෙදෝනා’ වෙනුවෙන් ඈ සම්මානයට නිර්දේශ වුණේ ප්‍රවීණයන් සමඟ කරට කර නේද?
ඔව්. ඇත්තෙන්ම එදා මට හරි ආඩම්බරයක් දැනුණා. සම්මානය ගන්න පළමුව තිසුරි මට කිව්වා ‘අනේ අම්මා මෙච්චර ප්‍රවීණයන් එක්ක තරග කරලා මට ඒ සම්මානය ගන්න පුළුවන් වෙයිද’ කියලා. මම එයාගේ අතින් අල්ලාගෙන එයාට කිව්වා හරිම ස්ථිර හඬින්. නෑ මගේ පුතේ ඒ සම්මානය ඔයාටම තමයි කියලා. ඒ කොච්චර කිව්වත් එයාගේ නම කියනතුරු එයා හිටියේ චකිතයෙන් වාගේ.
හොඳ දුවක ලෙස තිසුරිගෙන් ඔබ බලාපොරොත්තු වූ හැමදේම ඈ ඔබට තිළිණ කළා නේද?
බොහෝ දේ දුන්නා. තව එක දෙයක් තියෙනවා. මම ඇයට කිව්වා ඇය දන්නවා මම ආච්චි කෙනෙක් වෙන්න ආසාවෙන් බලා ඉන්නවා කියලා.
දැන් ඒකට සුදුසු කාලය එළැඹිලා නේද?
අනේ… එහෙම කියයන්න බැහැ. කාලය අදද, හෙටද කියලා තීරණය කරන්නට ඕනෑ තිසුරියි, සුරාජුයි. දුව කොයිතරම් අපට කීකරු වුණත් තීරණ ගැනීමේ අයිතිය දැන් ඔවුන් සතුයි. බලාපොරොත්තුව ඵල දරනතුරු අප බලා ඉන්නවා පමණයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ගෙයක් හදන්න කලින් බලන්නම ඕනෑ දේවල්

Next Post

ඇවිදිල්ල සෙල්ලමට ගන්නා කෙල්ලන්ට

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.