ඉන්දීය ධීවරයන් උතුරු මුහුදේ නීත්‍යානුකූල නොවන ආකාරයට මසුන් මැරීමට එරෙහිව සහ උතුරේ ධීවරයන් මුහුණ දෙන ප්‍රශ්න පිළිබදව දෙමළ ජාතික සන්ධානය විසින් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ කල්තැබීමේ යෝජනාව එම සන්ධානය විසින්ම ඉවත් කර ගැනීමට පියවර ගෙන ඇත.
මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ගජේන්ද්‍රන් මහතා විසිනි.
කෙසේවෙතත් මෙම යෝජනාව ඉල්ලා අස්කරගත් හේතුව කුමක්ද යන්න මෙතෙක් පැහැදිලි නැතත් බොහෝ දෙනා පවසන්නේ ඉහළින් පැමිණි යම් ප්‍රබල බලපෑමක් හේතුවෙන් මෙම යෝජනාව ඉල්ලා අස්කරගෙන ඇති බවකි.










