• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

බයිසිකලේ… බයිසිකලේ… පෝසත් අපගේ බයිසිකලේ…!

February 8, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
බයිසිකලේ… බයිසිකලේ… පෝසත් අපගේ බයිසිකලේ…!
Share on WhatsAppShare on Facebook

මහින්ද අමරවීර ඇමැතිතුමාට ඊයෙ පෙරේදා කොරෝනා හැදුණා කියලා ආරංචියි. ඔහුට කොරෝනා හැදුණේ බයිසිකලයෙන් ගමට ගිහිල්ලා නම් නෙවෙයි. පරණ පුරුදු විදියට වාහනවලින් ගමට ගිහිල්ලා. මෙහෙම වාහනවලින් ගමන් යනකොට මහින්ද අමරවීර ඇමැතිතුමා පහුගියදා මාර කතාවක් කියලා තිබුණා. ඒක තමයි මිනිස්සු වාහනවලින් වැඩට එන්නෙ නැතුව බයිසිකල්වලින් වැඩට එන්න ඕනෙ කියලා. මිනිස්සු වාහනවලින් වැඩට එනකොට ආණ්ඩුවට රුපියල් 103ක් පාඩුයි කියල තමයි ඇමැතිතුමා කියලා තිබුණේ. මිනිස්සු බයිසිකල්වලින් වැඩට එනවා නම් ආණ්ඩුවට රුපියල් තුන්සිය ගණනක් ඉතිරියි කියලා මහ ලොකු කයිවාරුවකුත් ගහල තිබුණා. මහින්ද අමරවීර ඇමැතිතුමා විතරක් නෙවෙයි රෝහිත අබේගුණවර්ධන ඇමැතිතුමත් මේ කතාවම කියල තිබුණා. ඔහුත් කිව්වේ වාහනවල වැඩට එන මිනිස්සුන්ට බයිසිකල්වලින් එන්න කියලා. ‘ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට’ කියලා කතාවක් තියෙනවා. මහින්ද අමරවීර වගේම රෝහිත අබේගුණවර්ධන ඇමැතිතුමත් ඒ මත පිහිටල කටයුතු කරනවා නම් මේ තෙල් ප්‍රශ්නෙ මෙච්චර දුර යන්නෙ නෑ.

පළමුවෙන්ම බයිසිකල්වලින් පාර්ලිමේන්තු, අමාත්‍යාංශවලට, ගමට ගිහින් පෙන්වන්න ඕනෙ ඇමැතිවරුයි, මන්ත්‍රීවරුයි. මොකද මේ ඇමැතිවරු, මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට යනකොට, ගමට යනකොට යන්නෙ එක වාහනයකින් නෙවෙයි. වාහන පිරිවරාගෙන. මේ පිච්චෙන තෙල්වලට සල්ලි ගෙවන්නේ මේ රටේ අහිසංක මිනිස්සු. එහෙව් මිනිස්සුන්ට බයිසිකල්වලින් පලයල්ලා කියලා ඇමැතිවරු වාහන පිරිවරාගෙන යනවා. මහින්ද අමරවීර කිව්වේ මිනිස්සු බයිසිකල්වලින් වැඩට ආවොත් පරිසර හානියත් අවම වෙනවා කියලා. වාහනවලින් යන මිනිස්සු මේ වාහනවලට රජයට විශාල බද්දක් ගෙවනවා. ආදායම් බලපත්‍රයට සල්ලි ගෙවනවා. තව කාබන් බද්දකුත් ගෙවනවා. වාහන තියෙන මිනිස්සුන්ගෙන් මේ සල්ලි අරගෙන තමයි ආණ්ඩුව ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට වාහන ගන්නෙයි, තෙල් ගහන්නයි සල්ලි දෙන්නේ. මේ ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට වාහන මේනියාව හැදුණේ අද ඊයෙ නෙවෙයි. මේ වාහන මේනියාව හැදුණේ ජේ.ආර්. ජයවර්ධනගෙ කාලෙ. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව තමයි මන්ත්‍රීවරු 225ටම වාහන ගන්න වාහන පර්මිට් දුන්නේ. මේ වාහන පර්මිට් එකෙන් ලංකාවට බිලියන ගණනක් අලාභයි කියලා පහුගිය දවසක නාගානන්ද කොඩිතුවක්කු කියලා තිබුණා. ‘රාවය’ කර්තෘ වික්ටර් අයිවනුත් මේ ගැන මරු කතාවක් කියල තිබුණා. ප්‍රේමදාසගෙ ආණ්ඩු කාලෙ බණ්ඩාරනායකවරුන්ගෙ මහ ගෙදර වූ රොස්මිඩ් වලව්වේ දවසක් සාකච්ඡාවක් තිබිලා තියෙනවා. මේ සාකච්ඡාවෙ මුලසුනේ ඉඳලා තියෙන්නේ ඒ කාලේ විපක්ෂ නායිකාව වූ බණ්ඩාරනායක මැතිනිය. නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ දොස්තර නෙවිල් ප්‍රනාන්දුත් මේ සාකච්ඡාවට සහභාගි වෙලා තියෙනවා. මේ සාකච්ඡාවෙදි වික්ටර් අයිවන් යෝජනාවක් ගෙනාවලු මන්ත්‍රීවරුන්ගේ වාහන පර්මිට් අවලංගු කරන්න. බණ්ඩාරනායක මැතිනිය එකපාරටම කිව්වලු ඕක කොහොමද අපේ මන්ත්‍රීවරුන්ට තේරුම් කරන්නේ කියලා. ඊට පස්සේ සාකච්ඡාව ඉවර වෙලා කෑමවලිනුත් සප්පායම් වෙලා වික්ටර් අයිවන් අත හෝදන්න කුස්සියට යනකොට නෙවිල් ප්‍රනාන්දුත් විකටර් අයිවන් පස්සෙන් ඇවිල්ලා. නෙවිල් ප්‍රනාන්දු කිව්වලු ‘වික්ටර් ඔයාට මෙච්චර කල් හතුරෝ හිටියේ යූ.ඇන්.පී.යෙ විතරයි, ඔයා ශ්‍රී ලංකා එකෙත් හතුරො හදාගන්නය යන්නෙ’ කියලා. වික්ටර් අයිවන්ට ඒ කතාවට හිනාවක් ගියාලු. ඉතින් මේකට ජේ.ආර්.ට විතරක් බැණලා වැඩක් නෑ. මේ වාහන මේනියාව හැමෝටම තියෙනවා. ජේ.වී.පී. එකත් මේ වාහන පර්මිට් එක ගන්නවා. ඉතින් මේ කාටවත් බයිසිකල්වලින් යන්න කිව්වට, බයිසිකල්වලින් යයි කියලා හිතන්න බෑ. හැබැයි බි්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් නම් ඩවුනින් වීදියේ එයාගෙ අගමැති කාර්යාලයට යන්නේ ෆුට් බයිසිකලයෙන්. මෙහෙම ෆුට් බයිසිකලයෙන් යන්න ගිහින් එයාට ලොකු අවනඩුවකුත් වැටුණා. එයා කොරෝනා නීති කඩනවා කියලා. බොරින් ජොන්සන්ගේ මේ බයිසිකල් මේනියාව දැනගෙන ඇමෙරිකාවෙ ජනාධිපති බයිඩන් මරු වැඩක් කළා. ඒ තමයි විදේශ සමුළුවකට සහභාගි වෙන්න බි්‍රතාන්‍යයට එනකොට බොරිස් ජොන්සන්ට බයිසිකලයක් තෑගි දුන්නා. ඒකත් මරු කතාවක්.

දවසක් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඇමෙරිකාවෙ බයිසිකල් අලෙවිසලකට දුරකතන ඇමතුමක් ආවා. ඒ ඇමතුමෙන් කිව්වේ ඇමෙරිකානු ජනාධිපති ජනාධිපතිට ෆුට් බයිසිකලයක් ඕනෙ කියලා. ඒ අලෙවිසලේ අය ඒක අහලා පුදුම වුණා. හැබැයි රාජ්‍ය දෙපාර්තමේන්තුව කිව්වා මේ බයිසිකලය හදන්න ඕනෙ ඇමෙරිකානු ජනාධිපති බයිඩන්ට නෙවෙයි, බි්‍රතාන්‍යයෙ අගමැතිතුමාට කියලා. බයිසිකලය හදලා ඉක්මනට ගන්න පුළුවන්ද කියලත් රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඇහුවා. ඒගොල්ලො බයිසිකලය හදලා වෙලාවට රාජ්‍ය දෙපාර්තමේන්තුවට දුන්නා. බයිඩන් ඒක අරන් ගිහින් බොරිස් ජොන්සන්ට දුන්නා. බොරිස් ජොන්සන් අදටත් පදින්නේ ඒ බයිඩන් දුන්න බයිසිකලය. බි්‍රතාන්‍යයෙ නීතියක් තියෙනවා විදේශ රාජ්‍යවලින් ලැබෙන තෑගි තමන්ට අයිති කරගන්න බෑ. තමන්ට අයිති කරගන්න ඕනෙ නම් ඒවා සල්ලි දීලා මිලට ගන්න ඕනෙ. ඒත් බි්‍රතාන්‍ය අගමැති බයිඩන්ගෙන් හම්බවෙච්ච මේ තෑග්ග තාම සල්ලි දීලා තමන් සතුකරගෙන නෑ. ඒත් ඔහු ඒකෙන් තමයි අගමැති කාර්යාලයට යන්නේ.

අපේ ජනාධිපතියි, අගමැතියි, මැති ඇමැතිවරුයි, මන්ත්‍රීවරුයි ඔක්කොම බයිසිකල්වලින් ගමට යනව නම් හොඳ හොඳ කතා අහන්න පුළුවන් වෙයි. දැන් යනවා ‘හූ’ රැල්ලක්. වාහනවල යනකොට ‘හූ’ කියන සද්දෙ ඇහෙන්නෙ නෑ. හැබැයි බයිසිකල්වලින් යනකොට හොඳට ඇහෙයි. බයිසිකලය නතර කරලා මිනිස්සුන්ට ප්‍රශ්න අහන්නත් පුළුවන්. ‘කෝ ගෑස්?’ ‘කෝ තෙල්’ කියලා අහන්නත් පුළුවන්.

පසුගිය යහපාලන කාලෙ රුපියල් 2කින් තෙල් මිල වැඩි කළා කියලා මහින්දයි නාමලුයි පාර්ලිමේන්තු පාරේ එක පාරක් බයිසිකලුත් පැද්දා.

මේ බයිසිකල් ගැන කියද්දි තවත් අපූරු කතාවක් මතක් වෙනවා. 2019 ජනාධිපතිවරණයට කලින් බැසිල් රාජපක්ෂ ‘ද හින්දු’ පුවත්පතට තමයි මේ කතාව කිව්වේ. ඔහු කිව්වා රාජපක්ෂ පවුල හරියට ට්‍රයිසිකලයක් වගේ කියලා. ට්‍රයිසිකලේ රෝද තුනක් තියෙනවා. ඉස්සරහා රෝදයයි, පිටිපස්සේ රෝද දෙකයි. බැසිල් රාජපක්ෂ කිව්වා ඉස්සරහා රෝදෙ තමයි මහින්ද රාජපක්ෂ. පිටිපස්සේ රෝද දෙක තමයි ගෝඨාභයයි, බැසිල් රාජපක්ෂයි කියලා. බැසිල් මේ කතාව කියල ටික කාලෙකට පස්සේ බැසිල් මුදල් ඇමැති වෙන්න පාර්ලිමේන්තු ආවා. ඒ පාර්ලිමේන්තු ආපු වෙලාවෙ නාමල් රාජපක්ෂත් ටොප් කතාවක් කිව්වා. ඔහු කිව්වා රාජපක්ෂ ට්‍රයිසිකලේ එක රෝදයක් මිසිං කියලා. ඔහු කිව්වේ ඒ රෝදෙ තමයි බැසිල් රාජපක්ෂගෙ රෝදෙ කියලා. ඒ රෝදෙ මිසිං නිසා බයිසිකලය හරියට දුවන්නෙ නෑ කියලා තමයි නාමල් රාජපක්ෂ කිව්වේ. දැන් බැසිල් මුදල් ඇමැති වුණාම රෝද තුනම තියෙන නිසා පොදුජන පෙරමුණ කියන ට්‍රයිසිකලේ හොඳටම දුවයි කියලා නාමල් ආඩම්බරෙන් කිව්වා. අනික මේ බයිසිකල් ගැන කතා කරද්දී භයානක කතාවකුත් මතක් වෙනවා. ඒ තමයි රණසිංහ ප්‍රේමදාසට වෙච්ච නස්පැත්තිය. රණසිංහ ප්‍රේමදාස ඝාතනය වුණේ බයිසිකල්කාරයෙක්ගෙන්. රණසිංහ ප්‍රේමදාසව ඝාතනය කරන්න එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ඝාතකයා බාබු ආවෙ බයිසිකලේකින්. ඒ වෙලාවෙ ප්‍රේමදාස හිටියේ මැයි දින පෙළපාළිය නිරීක්ෂණය කරමින් පාර මැද්දේ. බාබු ආවා මරාගෙන මැරෙන බෝම්බයත් බැඳගෙන බයිසිකලෙන්. ඒ වෙලාවෙ ප්‍රේමදාසගෙ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා මොහිදීන් බාබුව නතර කෙරෙව්වා. පොඩි කතාබහකුත් ගියා. ඒත් බාබු ඔහුවත් තල්ලු කරගෙන බයිසිකලේ ප්‍රේමදාසගෙ ඇඟටම ගෙනගියා. ඒ පුපුරායෑමෙන් තමයි ප්‍රේමදාසයි එතැන හිටපු අයයි ඝාතනය වුණේ. ඒක නිසා මේ බයිසිකල් ගමන ඇඟට එච්චර ගුණ නැති බව නම් කියන්න ඕනෙ. ඒ කාලෙ සින්දුවක් තිබුණා ‘බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ’ කියලා. දැන් වාහන තියෙන හැමෝටම කියන්න පුළුවන් බයිසිකලේ වැඩට යන ගමන් ‘බයිසිකලේ බයිසිකලේ පොහොසත් අපගේ බයිසිකලේ’ කියලා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අපි කාටවත් හැමදාම වැජඹෙන්න බැහැ!

Next Post

ගහපල්ලා බදු පොඩි එවුන්ට නෙමෙයි ලොකු එවුන්ට! ඉන්දියාවෙ එහෙම කියනවා..! අපේ නම් එහෙම කියයිද?

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.