• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනාගත ඉලක්ක සාර්ථක කරගන්න සියලු දෙනාටම වෙනස් වන්න සිදු වෙනවා! ඇමැතිවරුත් රටට ආදර්ශයක් වන ලෙස කටයුතු කරන්න ඕනෑ! ජනපති නිදහස් කතාව කරයි! (VIDEO)

February 4, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
අනාගත ඉලක්ක සාර්ථක කරගන්න සියලු දෙනාටම වෙනස් වන්න සිදු වෙනවා! ඇමැතිවරුත් රටට ආදර්ශයක් වන ලෙස කටයුතු කරන්න ඕනෑ! ජනපති නිදහස් කතාව කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

අභියෝග ඉදිරියේ නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය.

ඒ අදට යෙදී ඇති 74 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අමතමිනි.

නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරඝ්‍රයේදී සංවිධානය කර තිබුණි.

“නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක වැසියන් ලෙස අප සියලු දෙනාටම අයිතිවාසිකම් මෙන්ම වගකීම් ද තිබෙනවා. වගකීම් අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතා කිරීම සුදුසු වන්නේ නෑ.”

“රටක් නිසි ලෙස මෙහෙයවීමේදී රටේ සියලුම දෙනාගේ සහය බලාපොරොත්තුවිය නොහැකි බව අපි දන්නවා. වෙනස්විය නොහැකි අය ගැන සිතා අතහැර දැමීමට අපි සූදානම් නෑ.

අනාගතය දෙස සුබවාදීව බලන ධනාත්මක චින්තනයකින් පමණයි අපේ ඉදිරි ගමන සාර්ථක කරගන්න පුළුවන්.”

“විවේචන කරන්නට පමණක් පුරුදුවී ඇති අයට අනාගතය ගැන දැක්මක් නෑ. යම් කාරණාවලදී දේශීය මෙන්ම විදේශීය බලවේගත් අපට එරෙහිව සංවිධානය වෙනවා.”

“ජනතාව නායකයෙකුගෙන් බලාපොරොතු වන්නේ ප්‍රශ්නවලින් පළායෑම නෙමෙයි. රට මුහුණදෙන ඕනෑම අභියෝගයක් ජයගත හැකි නායකත්වය ලබාදීමට මම හැමවිටම සූදානම්. ලෝකය වෙනස් කරන්නේ අනාගතය දෙස සුබවාදීම සිහින දැකපු අයයි.”

“අන් අයව මානසිකව වට්ටන කිසිවෙක් මේ අවස්ථාවේ සමාජයට කරන්නේ යහපතක් නොවෙයි. ධනාත්මක චින්තනය රට තුළ ගොඩනගන්න ඕනේ.”

“පාසල් අධ්‍යාපනය අවසන් කරන සෑම දරුවෙක්ම රටේ ආර්ථිකයට දායකත්වයක් ලබාදිය හැකි ශිල්පීය ක්‍රමයක් ප්‍රගුණ කිරීමට උත්සාහ කළ යුතුයි.”

“දහදිය හෙලන වැඩකරන ජනතාව රටේ ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් ලබාදෙනවා.”

“විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අපිට විශාල සම්පතක්. අවශ්‍ය විටදී ඔවුන් රට වෙනුවෙන් පෙරට පැමිණියා.”

“මම ආරාධනා කරනවා සියලුම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට උපන් බිමේ ආයෝජනය කරන ලෙස.”

“විචාර බුද්ධියෙන් කටයුතු කරන්න කියා මම මේ රටේ සෑම පුරවැසියෙකුගෙන්ම ඉල්ලා සිටිනවා. දත්ත මත තීන්දු තීරණ ගන්න.”

“මා ලබාදුන් ප්‍රතිඥාව සැමවිටම සුරකිනවා කියා යළිත් මතක් කරනවා.”

“මොනම හේතුවක් නිසාවත් මේ රට තුළ යළි අන්තවාදය හිස එසවීමට ඉඩ තබන්නේ නෑ.”

“මගේ ඉදිරි ධූර කාලය තුළ තිරසාර සංවර්ධනයක් උදෙසා සියලු අරමුණු සැලසුම් කර තිබෙනවා. මට රට භාරගැනීමට සිදුවූයේ ඉතා දුෂ්කර කාලයක් තුළ.”

මේ අතර රටට ආදර්ශයක් වන ආකාරයට කටයුතු කරන ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු මැති ඇමතිවරුන්ගෙන් සහ සෙසු දේශපාලඥයින්ගෙන් ඉල්ලීමක් කළේය.

ඔවුන් විසින් එවැනි ආදර්ශයක් ලබාදෙන්නේ නම් රටේ බහුතර ජනතාව ද එය අනුගමනය කරනු ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

සජබයත් නිදහස් උළෙල වර්ජනයක!

Next Post

සජිත් නිදහස වෙනම සමරයි! අලුත් නිදහස් සටනක් ගැනත් කියයි! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper