මාර්ගගත ක්‍රමය හරහා නැගෙනහිර පළාතේ මගීන්ට දුරගමන් සේවා බස් රථවල ආසන කළින් වෙන් කර ගැනීමේ අවස්ථාව ඊයේ පළමුවරට හිමිවිය.
මඩකලපුව නගරයේ අභිනවයෙන් ඉදිකරන ලද බස් නැවතුම්පොළේ දුරගමන් සේවා මගීන්ට ආසන වෙන් කර ගැනීමේ මධ්‍යස්ථානය ඊයේ විවෘත කෙරිණි.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම නව බස් නැවතුම්පොළ විවෘත කරනු ලැබීය.
නව මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව බස් නැවතුම්පොළට පැමිණි කොළඹ බලා පිටත් වන සුඛෝපබෝගි බස් රථයේ පළමු ගමන් වාරය එම බස් රථය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය විසින් පදවමින් ආරම්භ කිරීමද මෙහිදී සිදුකෙරිණි.









