• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

චීනය ඇමරිකාවට අනතුරු අඟවයි!

January 30, 2022
in Politics
Reading Time: 3 mins read
A A
චීනය ඇමරිකාවට අනතුරු අඟවයි!
Share on WhatsAppShare on Facebook

චීනය ඇමරිකාවට සම්බාධක පනවන බව පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කෙළේය.චීනය ඇමරිකාවට එකට එක කිරීමක් වශයෙක් මෙ සේ සම්බාධක පනවා තිබේ.
චීනයේ සිංජිඈං ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවල බලයෙන් යොදවා ගනු ලබන බව කියන ශ්‍රමිකයින් ලවා කෙරෙන නිෂ්පාදන ආනයනය කිරීම පසුගිය දා වොෂිංටනය විසින් තහනම් කරනු ලැබුවේය.

ඊට එකටෙක කිරීමක් වශයෙන් ඇමරිකන් පාලන අධිකාරියේ ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ කොමසමේ නිලධාරීන් සිව් දෙනකු අරභයා චීනය මෙසේ සම්බාදක පනවා තිබේ.

යථෝක්ත කොමසමේ සභාපතිනි නාදිනී මේන්සා,නියෝජ්‍ය සභාපතිනි නූරි ටර්කල් සහ සාමාජිකයින්වන අනුරිමා භාරගාවෝ සහ ජේම්ස කාර් යන සිව් දෙනාට චීන දේශයට,හොංකොං සහ මැකෝ යන නගරවලට පා තැබීම ද තහනම් කරමින් සම්බාධක පනවා තිබේ.

මෙ පමණක් නොව චීනයේ ඇති ඔවුන් සිව් දෙනාට අයත් දේ පොළ පවා තහනමට ලක් කර ඇතැයි චීන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ශාවෝ ලිජියෑං ප්‍රකාශ කෙළේය.

චීනයේ සිංජියෑං කර්මාන්ත ශාලාවල බලයෙන් යොදවා ගනු ලබන ශ්‍රමිකයන් ලවා නිෂ්පාදනය කරවා ගන්නා භාණ්ඩ ආනයනය පමණක් නොව ලබන පෙබරවාරියේ බෙයිජිං නගරයේ පැවැත්වීමට නියමිත “වින්ටර් ඔලිම්පික්” ක්‍රීඩා උළෙල පවා වර්ජනය කරන ලෙසට ඇමරිකානු සමාජ ක්‍රියාකාරීහු ජෝ බයිඩන් ගේ ආණ්ඩුවට බල කරති.

තම කර්මාන්තශාලාවල බලයෙන් ශ්‍රමිකයන් යොදවා ගන්නා බවට කෙරෙන ඇමරිකානු චෝදනාව මීට පෙරද කීපවතාවක්ම ප්‍රතික්‍ෂේප කළ චීනය විදේශයේ නිෂ්පාදිත පාවහන් සහ ඇඳුම් පැළැඳුම් ආනයනය කිරීම ප්‍රසිද්දියේම තහනම් කෙළේ ද ඇමරිකාවට එකටෙක කිරීමක් වශයෙනි.

සින්ජිඈං ප්‍රදේශයේ වෙසෙන උයිගර් සහ වෙනත් මුස්ලිම් සුළුජාතිකයින් පිරිසට නිරන්තරයෙන් චීන පාලනය හිරිහැර කරන බව කියන ඇමරිකාව එම පිරිස් බලයෙන් රඳවාගෙන සිටින බවටද එම පිරිසේ කාන්තාවන් ගැබ් ගත් කල්හි බලහත්කාරයෙන් ගබ්සාවවට ලක්කරන බවට ද ඇමරිකාව චෝදනා කරයි.

සින්ජිඈං ප්‍රදේශයේ පාලනාධිකාරියේ සභාපති වශයෙන් 2018 ආරම්භයේ සිට 2020 මුල් භාගය දක්වා රාජකාරි කළ ෂෝරත් සාකි සහ එවකට නියෝජ්‍ය සභාපතිවැ සිට මේ වන විට සභාපති වශයෙන් රාජකාරි කරන එර්කන් තුනියාස් යන දෙදෙදෙනාට ඇමරිකාව පසුගිය දහ(10)වැනිදා එ සේ චෝදනා කරමින් සම්බාදක පැනෙව්වේය.

“ඇමරිකාව පැනවු සම්බාදක ඉවත් කර ගත යුතුයි, සින්ජිඈං ප්‍රදේශයේ කෙරෙන කටයුතු ගැන සෙවීමත් නැවැත්විය යුතුයි.චීිනයේ අභ්‍යන්තර කටයුතුවලට කෙරෙන ඇඟිලි ගැසීම් ද ඇමරිකාව වහා නැවැත්විය යුතුයි.එසේ නැත හොත් ඒවාට උත්තර දෙන්නත් චීනය ලෑස්තියි”යනුවෙන් චීන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ශාවෝ ලිජියෑං ප්‍රකාශ කෙළේය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ඩොලර් ප්‍රශ්නය උග්‍ර අතට! ‘කුවේට් එයාර්වේස්’ කියන්නෙම නැතිව ලංකාවට එන එක නවත්වයි!

Next Post

මෙක්සිකෝව වනසන චීන මත්ද්‍රව්‍ය!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පාලනය සඳහා ක්‍රියාත්මක වන ප්‍රධානතම නීතිමය රාමුව වන 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ...

Read more
ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.