• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මගේ ආදරේ ඉල්ලගෙන එයා ගෙදරටම ආවා

November 21, 2019
in Heart
Reading Time: 2 mins read
A A
මගේ ආදරේ ඉල්ලගෙන එයා ගෙදරටම ආවා
Share on WhatsAppShare on Facebook

දැනට වසර කිහිපයකට පෙර මෙරට රූපවාහිනී නාළිකාවකින් පවත්වපු රියැලිටි වැඩසටහනකට ආපු හුරුබුහුටි කෙල්ලෙක් තමන්ගෙ ලයාන්විත කටහඬින් මුළු ලංකාවම වසඟකර ගන්නට සමත් වුණා. ඇය තමයි ශානිකා මධුමාලි. සුපිරි තරු රැසක් බිහි කළ ඇතුගල් පුරයෙන් ආපු මේ පුංචි කෙල්ල ඒ තරගයේ ජයග්‍රාහී කිරුළ දිනාගනිමින් ලංකාවෙ ජනප්‍රියම ගායිකාවක් වුණා. දවසින් දවස තමන් සොයා එන ජනප්‍රියත්වයත් සමඟින් බොහෝ කලාකරුවන් ගම අත හැර කොළඹට ආවත් තවමත් ගමට ආදරය කරමින්, තමන්ගේ මවත් සමඟින් උපන් ගමේ ගැමි සුවඳ විඳිමින් ජීවිතය ගෙවන ඇගේ අලුත්ම තොරතුරු හොයාගෙන අපි පොල්ගහවෙලට ගියා.
ඉතින් ශානිකා කොහොමද ජීවිතේ. මොනවද අලුත් තොරතුරු?
ප්‍රසංග කටයුතු කරගෙන සතුටින් ජීවත් වෙනවා. ඊට අමතරව ලබන වසරේ අලුත් නිර්මාණයක් රසික රසිකාවියන්ට තිළිණ කරන්නත් සැලසුම් කරගෙන යනවා.
මතකද පොඩි කාලේ කට්ටිය ආදරේට කියපු නම?
හැමෝම කිව්වේ සුදූ කියලා. අම්ම නම් තාමත් කියන්නේ සුදූ කියලම තමයි.
දැන් සුදූ කියන්න විශේෂ කෙනකුත් ඇති?
ඉන්නවා කියලා ලියන්නකො.
පාසල් යනකොට යාළුවො කිව්වෙත් සුදූ කියලද?
අනේ නැහැ. එයාලා කිව්වේ ශානිකා කියලා.
මුලින්ම කෙනෙක් ගැන ආදරයක් ඇති වුණ දවස මතකද?
එතකොට මං දහයෙ පන්තියේ හිටියෙ. ඒ කාලේ කෙනෙක් ගැන පුංචි ආදර සිතුවිල්ලක් පහළවෙලා තිබුණා.
පාසල් ජීවිතයේදී අමතක නොවන දවස?
ඒ කාලේ මම හරි සැරයි. ඉතින් දවසක් ඉස්කෝලේ පිරිමි ළමයකුට මම කන පැළෙන්න ගැහුවා. ඒ සිදුවීම මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ.
ගෙදරට බොරු කියලා යාළුවොත් එක්ක ඇවිදින්න ගිහින් තියෙනවලු නේද?
අනේ නැහැ. කොහොමටවත් නැහැ. ඇත්තම කිව්වොත් ඒ කාලේ එහෙම ගමන් ගියෙත් නැහැ. යන්න චාන්ස් එකක් සෙට් වුණෙත් නැහැ.
ඒ කියන්නේ චාන්ස් එකක් සෙට් වුණානම් යනවා?
ඔව්… ඔව්… සමහරවිට යන්න ඉඩ තිබුණා. කෙල්ලොනෙ ඉතින්.
ශානිකාට හරියට කේන්ති යනව කියන්නෙ ඇත්තද?
අනේ එහෙමම කේන්ති යන්නෙ නැහැ. බැරි වෙලාවත් චුට්ටක් හරි කේන්ති ගියොත්, පැත්තකට වෙලා නිහඬව ඉන්නවා.
දුක හිතුණාම මොකද කරන්නේ?
දුක හිතුණාම නම් මම මගේ සුරතල් සත්තු එක්ක දුක කිය කියා ඉන්නවා. එතකොට දුක නැතිවෙලා යනවා.
ජීවිතයේ වැඩියෙන්ම කැමැති කෙනා?
මගේ ජීවිතයේ මට වටිනාම සහ වැඩියෙන්ම මම කැමැතිකෙනා මගේ අම්මා.
ඔයාට වඩා ඔයාගේ යාළුවා ලස්සනයි කියලා කවුරු හරි කිව්වොත් අප්සට් යනවද නැද්ද?
අයියො නැහැ. මම එහෙම හිතන්නෙ නැහැ. මම ඒ ගැන හරිම සතුටු වෙනවා. පුළුවන්නම් ඒ ලස්සන යාළුවාට තවත් ලස්සනට ඉන්න උදව් කරනවා.
ඡන්දෙ ඉල්ලන්න කැමැත්තෙන්ලු නේද ඉන්නෙ?
අපෝ අයියේ… කොහොමටවත් නැහැ. මට දේශපාලනය ගැන කිසිම හැඟීමක් නැහැ.
ගොඩාක් අය කියනවා ශානිකා දවසින් දවස ලස්සන වෙනවා කියලා, මොකද්ද රහස?
එහෙම විශේෂ රහසක් නම් නැහැ. හැබැයි මම මස්, මාළු කන්නේ නැහැ. එළවළු, පලතුරු විතරයි කන්නේ. ඊට අමතරව මම ඉතින් හොඳට නිදාගන්න එකනම් කරනවා.
කොහොමද ඒ කාලෙයි, මේ කාලෙයි?
හොඳයි… ඇත්තම කිව්වොත් ඒ කාලයට වඩා මේ කාලයේ මට වැඩිපුර ෂෝ ලැබෙනවා. එහෙම බැලුවාම ඉස්සරට වඩා දැන් හොඳයි කියලත් කියන්න පුළුවන්.
රසික රසිකාවියන්ගෙ ආදර ඇරැයුම් ගැන අමතක නොවන සිද්ධි ඇතිනේ?
අම්මෝ, ඕන තරම් ඇරයුම් ආවා. එක්කෙනෙක්ගෙන් බේරෙන්නම බැරි වුණා. එයා මාව හොයාගෙන ගෙදරටත් ආවා. අන්තිමට බොරු ගොඩාක් කියලයි ඒකෙන් නිදහස් වුණේ. ඒක නම් අමතකම නොවන සිද්ධියක් තමයි.
ටෙලිනාට්‍යයක රඟපෑමට සම්බන්ධ වෙන්න ආශාවෙන් ඉන්නවා කියන්නෙ ඇත්තද?
නැහැ නැහැ. ඒක බොරු. මට එහෙම ආසාවක් නැහැ.
නළුවෙක්ගෙන් විවාහ යෝජනාවක් ආවොත්?
අපෝ එපා… එපා… මම ආස නැහැ.
ගොඩාක් තරු ජනප්‍රිය වුණාම ගම අත ඇරලා කොළඹට එනවා. ශානිකා තාමත් ගමේ ඉන්නෙ. මොකද්ද වෙනස?
මම ගමට ආදරෙයි අයියෙ. කොළඹ කලබල පරිසරයට වඩා ගමේ ගැමි සුවඳට මම හරි කැමැතියි. ගහේ, කොළේ සිසිල විඳගෙන, අම්මා එක්ක, මගේ ගමේ අය එක්ක, මගේ නෑදෑයන් එක්ක මේ ගෙවන ජීවිතේට මම හරිම ආදරෙයි.
අවසාන වශයෙන් රසික රසිකාවියන්ට මොනවද කියන්න තියෙන්නෙ?
එයාලගේ කැමැත්ත, මනාපය, ආදරය සමඟ එවපු එස්.එම්.එස්.වලින් තමයි මාව මේ තත්ත්වයට ගෙනාවේ. ඒ නිසා මම මගේ රසික රසිකාවියන්ට ආදරෙයි. ගොඩාක් ආදරෙයි.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

අද දවල් 12.30ට මහින්ද අගමැති: 3ට වැඩ බාරගනී

Next Post

වෙල්ලස්සේ පළමු පාසල තැනූ ජේමිස් මුදලාලි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.