• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දකුණ හොල්ලපු චීනා මේ හදන්නේ උතුරත් අල්ලන්නද?

December 28, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
දකුණ හොල්ලපු චීනා මේ හදන්නේ උතුරත් අල්ලන්නද?
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර දේශපාලන අරගලයට ශ්‍රී ලංකාව කොයි ආකාරයකින් මැදිහත් වේ දැයි යන්න සම්බන්ධයෙන් දැඩි කතාබහක් මේ වන විට මතුව ඇත. එම කතාබහ උණුසුම් වී ඇත්තේ ඉන්දියාව සහ චීනය තරගයට මෙන් ශ්‍රී ලංකාව තුළ තම බලය වැඩිදියුණු කර ගැනීම සඳහා කටයුතු කිරීමත් සමඟය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කී. සෙන්හොංගේ මහතා දින තුනක කාලයක් උතුරු කරයේ සංචාරයක නිරත වූයේ මෙවැනි පසුබිමකය. ඒ හේතුවෙන් චීන තානාපතිවරයාගේ උතුරු සංචාරය පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවට පත්ව එන ඉන්දීය මහකොමසාරිස්වරයෙකු උතුරුකරයේ සංචාරයක නිරත වීම සාමාන්‍ය දෙයක් වුවද, චීන තානාපතිවරයෙකු උතුරේ සංචාරයක නිරත වීම ඉතාම අහඹු සිදුවීමකි. එමෙන්ම මෙය චීන තානාපති කී. සෙන්හොංගේ මහතාගේ පළමු උතුරු සංචාරය වීමද විශේෂත්වයකි.

උතුරු සංචාරය අරඹමින් චීන තානාපතිවරයා පළමුව ගමන් කළේ යාපනයේ මහජන පුස්තකාලය වෙතටය. එහිදී යාපනය පුස්තකාලය සඳහා ලැප්ටොප් සහ පොත් පරිත්‍යාග කිරීමටද තානාපතිවරයා කටයුතු කළේය. ඉන් පසු තානාපතිවරයා ගමන් කළේ ශ්‍රී ලංකාවේ උතුරු කෙළවර ලෙස සැලකෙන පේදුරුතුඩුව ප්‍රදේශය වෙතටය.

එහිදී ඡායාරූප කිහිපයකටද මුහුණ දුන් තානාපතිවරයා ඇතුළු කණ්ඩායම එහි සිට ඩ්‍රෝන කැමරා නිරීක්ෂණය කිරීම් කිහිපයක්ද සිදු කර ඇත. එමෙන්ම පේදුරු තුඩුවේ සිට ඉන්දියාවට ඇති දුර ප්‍රමාණය පිළිබඳවද විමසීමට චීන තානාපතිවරයා පියවර ගෙන තිබීම කැපී පෙනෙන කරුණකි.

සංචාරයේ දෙවැනි දිනය අරඹමින් තානාපතිවරයා ගමන් කළේ චීන සමාගමක් යටතේ ක්‍රියාත්මක අරියාලේ කූඩැල්ලන් අභිජනන ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සඳහාය. ඒ අවස්ථාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාද එක් වී තිබිණි.

“ලංකාවත් චීනයත් අපි දෙගොල්ලොටම එකට වැඩ කරලා අනාගතය දීප්තිමත් කරන්න පුළුවන්. මම හිතනවා ඒකට මේක ආරම්භයක් කියලා. ඉදිරියේදී සහයෝගිතාවයෙන් වැඩ කිරීමට අවස්ථා සොයා ගැනීමට අපි බැඳී සිටිනවා”

එහිදී චීන තානාපතිවරයා අදහස් දැක්වූයේ එසේය. එමෙන්ම එහිදී උතුරේ ධීවර ජනතාවට ධීවර ආම්පන්න තොගයක් පරිත්‍යාග කිරීමටද තානාපතිවරයා කටයුතු කළ අතර උතුරේ දිස්ත්‍රික්ක පහ සඳහා ජංගම ජන පිරිපහදු පහක් ලබා දීමටද පියවර ගත්තේය. අනතුරුව යාපනයේ සුප්‍රසිද්ධ නල්ලූර් කෝවිල වෙත ගමන් කළ තානාපතිවරයා සාම්ප්‍රදායට ගරු කරමින් උඩුකය නිරුවත්ව, පලතුරු අඩංගු පූජා වට්ටියක්ද රැගෙන යමින් කෝවිල වන්දනාමාන කිරීමටද කටයුතු කළේය.

යාපනය සංචාරය නිම කළ තානාපතිවරයා යළි කොළඹට පැමිණියේ මන්නාරම හරහා වීමද විශේෂත්වයකි. එහිදී මතභේදයට තුඩු දී ඇති ආදම්ගේ පාලම නිරීක්ෂණය සඳහා චීන තානාපතිවරයා කටයුතු කිරීම බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ කාරණයක් විය.

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට ඇති ආසන්නතම භූමි භාගය වනුයේ මෙම ආදම්ගේ පාලම නැමැති වැලි පරයය. තලේමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා පිහිටා ඇති මේ කලාපය තුළ කුඩා වැලිපර 16ක් පිහිටා ඇත. ඒ අතරින් 8ක අයිතිය ඇත්තේ ශ්‍රී ලංකාවටය. නාවුක හමුදා යාත්‍රාවක නැඟී මෙම වැලිපර නිරීක්ෂණය කළ චීන තානාපතිවරයා වැලිපර කිහිපයකට ගොඩ බැසීමටද කටයුතු කළේය. එම සංචාරය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ තානාපතිවරයා සඳහන් කළේ “මෙය අවසානයක් මෙන්ම ආරම්භයක්” ද යනුවෙනි.

පසුගිය කාලය පුරාම චීන තානාපති කාර්යාලය කටයුතු කළේ දේශපාලනික ගැටුම් ඇති කරන ආකාරයෙන් බව බොහෝ දෙනාගේ අදහස වී ඇත. අර්බුදයකට ලක්ව ඇති චීන පොහොර නැව සම්බන්ධයෙන් සෘජු ප්‍රකාශ සිදු කිරීමට චීන තානාපති කාර්යාලය කටයුතු කළ අතර මහජන බැංකුව අසාදු ලේඛන ගත කිරීමටද කටයුතු කළේය. එමෙන්ම ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය හරහා මෙරට මාධ්‍ය වෙත සෘජු පිළිතුරු ලබා දීමටද චීන තානාපති කාර්යාලය කටයුතු කරන ආකාරය දැක ගත හැකි විය.
චීන තානාපතිවරයාගේ උතුරු සංචාරය තවත් වැදගත් වන්නේ උතුරේ දූපත් තුනක සිදු කිරීමට ගිය විදුලි ව්‍යාපෘති තුනක් නැවැත්වීමට සිදු වූ බව චීන තානාපති කාර්යාලය විසින්ම ප්‍රකාශ කර තිබූ පසුබිමක මෙම සංචාරය සිදු වීමය.

ඩෙල්ෆ්, නයනතිව් සහ අනලතිව් දූපත්වල ක්‍රියාත්මක කිරීමට ගිය විදුලි ව්‍යාපෘති තුනක් අත්හිටුවූ බව චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබූ අතර ඊට හේතු ලෙස ඔවුන් දක්වා තිබුණේ තෙවැනි පාර්ශ්වයක ආරක්ෂක සැලකිල්ල ඒ සඳහා හේතු වූ බවය. චීන තානාපති කාර්යාලය එම නිවේදනය නිකුත් කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක නිරතව සිටියදී වීමද විශේෂත්වයකි.

මෙම ව්‍යාපෘතියට අදාළ ටෙන්ඩර් අනුමැතිය චීන සමාගමකට ලබා දෙනු ලැබූවේ මෙම වසරේ මුල් භාගයේදීය. එම ටෙන්ඩරය චීන සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විරෝධයක් දැක්වූ බවද ඒ දිනවල වාර්තා විය. කෙසේ නමුත් මෙම ව්‍යාපෘතිය අත්හල බව පවසමින් චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කර තිබුණේ සූර්ය බලාගාර 12ක් ඉදිකිරීම සඳහා මාලදිවයින් රජය සමඟ ගිවිසුම් ගත වූ බවය.

චීන තානාපතිවරයා උතුරේ සංචාරයේ නිරතව සිටියදී මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා හමුවීමට කටයුතු කිරීමද බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් කාරණයක් විය. දෙරට අතර ක්‍රියාත්මක ද්විපාර්ශ්වික කටයුතුවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය. එමෙන්ම පසුගියදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සිදු කළ සංචාරයේදී ඇති වූ එකඟතාවයන්ට අදාළ කරුණු රාශියක් මෙහිදී සාකච්ඡා වූ බවද විදේශ අමාත්‍යාංශයේ තොරතුරු අනාවරණය කර තිබිණි.

චීන තානාපතිවරයාගේ උතුරු සංචාරය පිළිබඳ බොහෝ දෙනාගේ දැඩි අවධානයක් යොමු වූයේ මේ කරුණු කාරණා සියල්ල හේතුවෙනි. එක් පසෙකින් දැන ගැනීමට ලැබෙන්නේ ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ ආකාරයෙන් ණය ලබා දීමට චීනය කටයුතු නොකරන බවය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව ඉන්දියාව වෙත වඩාත් නැඹුරු වෙමින් පවතින බවද විශේෂඥයන්ගේ අදහස වී ඇත.

චීන තානාපතිවරයා ලංකාවේ කොහෝ කොතැනක ගියත් එය ශ්‍රී ලංකා රජයට නම් එතරම් විශේෂත්වයක් නොවනු ඇත. ඒ මේ මොහොතේ ඊට එරෙහිව ගත හැකි කිසිදු පියවරක් රජය සතු නොවන නිසාය. නමුත් තම රට ආසන්නයටම පැමිණ චීන තානාපතිවරයා මේ ආකාරයෙන් රැඟුම් දැක්වීම ඉන්දියාව කොයි ආකාරයකින් දරා ගනීවිදැයි යන්න බරපතළ ගැටලුවක් වී ඇත. එක් අතකින් චීන තානාපතිවරයා උත්සාහ කරන්නේ ඉන්දියාව ඇවිස්සවීමට දැයි යන සැකයද බොහෝ දෙනකු තුළ ඇත. ඒ කොයි දේ වුවද, මේ මොහොතේ ඒ දෙස බලා සිටිනු හැර වෙන කළ හැකි දෙයක් අපේ රටට ඇති බවක් නම් අපට පෙනෙන්නේ නැත.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

බෙත්ලෙහෙමෙ ජේසුතුමා උපදින කොට ලංකාවේ මොකද වුණේ? පායපු නත්තල් තරුව වළගම්බා රජ්ජුරුවොත් දැක්කද? බැමිණිතියා සාය ඉවර වුණේ තරුවේ ආශ්චර්යයෙන්ද? පළමු වරට කෙරෙන හෙළිදරව්වක්!

Next Post

මම කැමැතියි වෙනස් දෙයක් කරන්න! මං එක්ක ගනුදෙනු කළ අය ඒක දන්නවා!

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.