ඉදිරියේදී රට තුළ ආනයන භාණ්ඩ හිගයක් ඇති වීමේ ලකුණු මේ වනවිට පහළ කරමින් ඇති බව වාර්තා වේ.
විදේශ සංචිත ප්‍රමාණය අඩුකර ගැනීම වලක්වා ගැනීමට ආනයන තවදුරටත් සීමා කිරීම ඇතුළු යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබීම මේ සදහා හේතු වී තිබේ.
විදේශ ආයෝජන වැඩි වශයෙන් ලබා ගැනීම, අපනයන ආදායම වැඩි කරගැනීම ,විදේශ රටවලට ඇදී යන විදේශ විනිමය අඩුකර ගැනීම ඇතුළු යෝජනා රැසක් මහ බැංකුව මුදල් අමාත්‍යංශයට යවා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කර තින්දුවක් ලබා ගත යුතුව ඇති බව ද මහබැංකුව මුදල් අමාත්‍යාංශයට දන්වා ඇතැයි ආරංචි මාර්ග කියයි.










