• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල්ගේ භාරත් යුද්ධය (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

December 26, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
බැසිල්ගේ භාරත් යුද්ධය (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ ප්‍රධාන පෙළේ පුවත්පතක් වන ඉකොනොමික් ටයිම්ස් පුවත්පත පසුගිය දිනෙක ආණ්ඩුව ඇතුළේ ඉන්න බැසිල් විරෝධීන්ටත් විපක්ෂයටත් කන කිස්කන පිළිතුරක් ලබාදුන්නේය. ඒ වගේ පිළිතුරක් ලංකාවේ පත්තරයක පළවූවා නම් ආණ්ඩුව ඇතුළේ සිටින බැසිල් විරෝධීන් සහ විපක්ෂයේ දේශපාලකයන් එය බැසිල්ගේ ප්ලාන්ට් එකක් බව කියන්නට ඉඩ තිබිණි. නමුත් එය පළවූයේ ඉන්දියාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික පුවත්පතක නිසා කවුරුවත් ඒ ගැන වචනයක්වත් කතා කරන්නට ගියේ නැත. එහි සඳහන්ව තිබුණේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව විසින් ලංකාවට සහන පැකේජයක් ලබාදීමට සැලසුම් කර ඇති බවය. තවමත් මේ සහන පැකේජය ලංකාවට හිමිව නැතත් ඉන්දියාව පාර්ශ්වයෙන් කියා තිබුණේ තවමත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා යැයි කියාය.

ලංකාව මේ වන විට ඉන්දියාවෙන් ‘ස්වැප්’ පහසුකමක් ඉල්ලා අවුරුද්දකටත් වැඩිය. නමුත් ඒ අවුරුද්දක කාලය පුරාම ඉන්දියාවේ ස්වැප් පහසුකම ලබාදුන්නේ නැත. ලංකාව අහන අහන සැරේට ඉන්දියාව කිව්වේ ඒ ගැන තවමත් සාකච්ඡා වෙමින් තිබෙනවා යැයි කියාය.

හැබැයි බැසිල් අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අයවැය විවාදය අතරතුරදීම ඉන්දියාවට ගියේ මේ ගැන සාකච්ඡා කරන්නටය. බැසිල් එහෙම යද්දී විපක්ෂය පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් බැසිල්ට උඩ පැන පැන පහර දුන්නේය. හැබැයි ගෝඨයි මහින්දයි අයවැය විවාදය මැද්දේම බැසිල්ව ඉන්දියාවට යවන්න තීන්දු කළේ ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරන්න ආණ්ඩුවේ ඉන්න හොඳම නියෝජිතයා බැසිල් බව හොඳටම දන්නා නිසාය.

මොකද යුද්ධය පැවැති කාලයේදී මහින්දට එදා ලොකුම ප්‍රශ්නය වී තිබුණේ ඉන්දියාව බැලන්ස් කරගන්න එකය. හේතුව යුද්ධය පැවැති මුළු කාලසීමාවේදීම තීරණාත්මක අවස්ථාවලදී ඉන්දියාව යුද්ධයට දැඩිව බලපෑම් කළ නිසාය. ඒ වෙලාවේ බැසිල් ඉන්දියාවට ගිහින් මේ යුද්ධය අවසන් වුවහොත් එය ලංකාවටත් වඩා ඉන්දියාවට වාසි බව පෙන්වාදී යුද්ධය අවසන් කරන්න ඉන්දියාව බැලන්ස් කරගැනීමට සමත් විය. ඒ වෙලාවේ ඉන්දියාවේ තිබ්බේ සෝනියා ගාන්ධිගේ කොංග්‍රස් ආණ්ඩුවය.

අද ඉන්දියාවේ තියෙන්නේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ මෝදිගේ ආණ්ඩුවකි. හැබැයි ආණ්ඩු වෙනස් වුවත් ඉන්දියාවේ බලයට එන හැම ආණ්ඩුවකටම බැසිල් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිරූපයක් තිබේ. කොංග්‍රස් ආණ්ඩුව වගේම මෝදිගේ ආණ්ඩුවත් බැසිල්ගේ බහට යම් අවනතභාවයක් දක්වන්නේ ඒ නිසාය.

යුද්ධය අවසන් කරන කාලසීමාව වගේම දැනුත් රට ඉදිරියේ ඇත්තේ ඉතා බැරෑරුම් අර්බුදයකි. ඒ වෙන මොකක්වත් නොව ආර්ථික අර්බුදයය. රාජපක්ෂ පවුල එදා වගේම මේ අවස්ථාවේදීත් බැසිල්ව ඉන්දියාවට යවන්න තීන්දු කළේ ඒ නිසාය.

‘කෝ මහ ලොකුවට බැසිල් ඉන්දියාවට ගියාට අඩුගානේ මෝදි එපොයින්මන්ට් එකක්වත් දුන්නෙ නෑනේ’

‘මෝදි බැසිල්ට එපොයින්මන්ට් එකක් නොදුන්නට අන්න දෙමළ සන්ධානෙ නායක ආර්. සම්බන්දන්ට නම් එපොයින්මන්ට් එකක් දීලා’

‘කෝ බැසිල් ඉන්දියාවට ගියාට එහෙන් තඹ දොයිතුවක්වත් ලැබුණෙ නෑනේ…’

මේ බැසිල් ඉන්දියාවට ගොස් නැවත ආ පසු කෝචොක් එකට විපක්ෂයේ මන්ත්‍රීවරුත්, ඇතැම් මාධ්‍යත් කියපු කතාය.

හැබැයි බැසිල් ඉන්දියාවට ගියේ මෝදිව හමුවන්නට නොවේ. ලංකාව වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට මුදල් අමාත්‍යවරයා වශයෙන් මුදල් හොයාගන්නටය. ඒ නිසා බැසිල්ගේ ඉන්දීය ගමනේ ජයග්‍රහණය ඇත්තේ මෝදිව හමුවී පින්තූරවලට පෙනීසිටීම තුළ නොව ලංකාවට මුදල් අරන් එන එක තුළය. බැසිල් ඉන්දියාවේදී කළේ ඒකය. ඉන්දීය රජයේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා කොට ලංකාවට සහන පැකේජයක් ලබාගන්නට මෙම ගමනේදී බැසිල් සමත් විය. එය එසේ මෙසේ කාර්යයක් නොව වෙලාවේ හැටියට අතිදුෂ්කර කාර්යයකි.

එහෙම කියන්නේ වෙන මොකවත් නිසා නොව ගෝඨාගේ ආණ්ඩුව බලයට ආ අවස්ථාවේ සිටම ඉන්දියාවත් සමග එළිපිට ගැටුම් ගණනාවක්ම ඇතිකරගෙන තිබූ නිසාය. පළමු ගැටුම හටගත්තේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදීම හරහාය. මෙය ඉන්දියාවට ලබා දීමට මූලික එකඟතාව පළවී තිබුණත් පසුව එය ආපසු හැරවීමට කටයුතු කිරීම ඉන්දියාව දැක්කේ තමන්ගේ කනට ගැහුවා හා සමාන සිදුවීමක් ලෙසටය. ඉන්දියාවට ඒ හිත් වේදනාව පසුගිය කාලය පුරාම තිබිණි. බැසිල් ඉන්දියාවෙන් සල්ලි ඉල්ලන්න ගියේ ඒ තුවාලවලින් ඉන්දියාව රිදුම්කමින් සිටියදීය. එහෙම වෙලාවකදී ඉන්දියාවෙන් සහන පැකේජයක් ගන්න බැසිල් සමත්වීමම බැසිල් ලැබූ ලොකු ජයග්‍රහණයකටත් වඩා රටම ලැබූ ලොකු ජයග්‍රහණයකි.

‘ලබන ජනවාරි 18 වැනිදා ලංකාව ලොකු ණයක් ගෙවන්න තියෙනවා. ඒක ගෙවාගන්න බැරි වුණොත් රට බංකොලොත්. ආණ්ඩුවට ඒක ගෙවාගන්න බෑ. ඒ නිසා රට අනිවාර්යයෙන් බංකොලොත් කියන පණිවුඩය ලෝකෙට යනවා.’

පසුගිය සතියේ විපක්ෂයේ ප්‍රධානීන් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කියා සිටියේ එහෙම කතාවකි. විපක්ෂය එහෙම කියද්දී බැසිල් ලබන 18 වැනිදා ඉන්දියාවෙන් සහාය අරගෙන මේ ණය ගෙවලා පෙන්නුවොත් තරගයේ වීරයා වන්නේ වෙන කවුරුවත් නොව මුදල් ඇමැතිවරයා විදියට බැසිල් රාජපක්ෂය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

ඔක්කොම බලන් ඉන්න බැසිල් ලබන සතියේ එනවා! ආ ගමන්ම පෙරළි රැසක්!

Next Post

රටින් බඩු ගෙන්වීම නවත්වන්නම හදයි! භාණ්ඩ හිඟයක් අත ළඟම!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.