• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේක හැම ගින්දරක්ම නිවෙන්න කරපු ප්‍රාර්ථනාවක්!

December 26, 2021
in Exclusive, Heart
Reading Time: 4 mins read
A A
මේක හැම ගින්දරක්ම නිවෙන්න කරපු ප්‍රාර්ථනාවක්!
Share on WhatsAppShare on Facebook

අද හොඳ දේවල් කළොත් ඒවා අනාගතෙත් තියේවි!
81 කියපු සිංදුත් නත්තල් තරුව එක්ක තියෙනවා…
මං එදා කරපු දේ වලින් අද ගොඩක් අය වැඩ ගන්නවා…

රූකාන්ත ගුණතිලකගේ සිංදු කවදාවත් පරණ වෙන්නේ නැහැ. එහෙම තමයි බොහෝ දෙනා කියන්නේ. ඒත් රූකාන්තගේ අලුත් වැඩක් අපි සෑහෙන්න කාලෙකින් දැක්කේ නැහැ. ඔන්න මෙදා සැරේ නත්තලත් එක්ක අපිට ඒ සුබ ආරංචිය ලැබිලා තියෙනවා. ඒ නත්තල වෙනුවෙන් රූකාන්ත කරන අලුත්ම වැඩක් ගැන. ඒ අලුත් වැඩේ ගැන වගේම තවත් විස්තර රාශියක් කතා කරන්න රූකාන්ත ගුණතිලක මහත්මයා අපි එක්ක එකතු වුණේ මෙන්න මෙහෙමයි.

රූකාන්තගෙන් අලුත් දෙයක් එනතුරු රසිකයන්ට සෑහෙන්න කාලයක් බලා ඉන්න වුණා. ඇයි ඒකට මේ තරම්ම කාලයක් ගත්තේ?
ඒකට කාරණා කිහිපයක් බලපෑවා. අවුරුදු 13ක් රටෙන් පිට හිටිය එක තමයි ප්‍රධාන කාරණාව. ඒ වගේම ඒ කාලේ අලුත් දෙයක් කරන්න වාතාවරණයක් තිබුණෙත් නැහැ. මානසික තත්ත්වයක් තිබුණෙත් නැහැ. නමුත් පසුගිය කාලේ ආව කොරෝනා වසංගතයත් එක්ක බොහෝ දෙනා අලුත් දේවල් කරන්න පටන් ගත්තා. කොරෝනා හින්දා මටත් අලුත් දෙයක් කරන්න වාතාවරණය සකස් වුණා කියලයි මම හිතන්නේ.

නත්තල් තරුව තමයි ඔබේ අලුත්ම ගීත වැඩසටහන්. ඒ සඳහා නත්තල් සමයම තෝරා ගන්න විශේෂ හේතුවක් තියෙනවද?
ඔව්. මේ වැඩසටහන කළේ නත්තල වෙනුවෙන්මයි. ඒ හින්දා ඒක එහෙම වෙන්න ඕනෑ. නත්තල් පණිවිඩ, සතුට, සාමය තමයි මේ වැඩසටහන පුරාවට තියෙන්නේ. ආදරය, කරුණාව, දෙවියන් වහන්සේ මනුෂ්‍ය ලෝකයට පැමිණීම ඒවා අපේ රටට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන කාරණා තමයි මේ ගීත හරහා අපි කතා කරන්නේ. මිනිසුන්ගේ සිත්වල තියෙන පහන් හැඟීම. වර්තමානයේදී ඒවා දුරු වෙලා තියෙන ආකාරය වගේ ගොඩක් දේවල් මේකෙදි කතා කරනවා.

ඒ ගීත ගැන වැඩි විස්තර කතා කළොත්?
1981 වසරේ ඉඳන් හැදුව ගීත මේකට ඇතුළත් වෙනවා. ඒ ගීතවලින් හොඳම ගීත ටික තමයි තෝරා ගෙන තියෙන්නේ. මෙහි ඇතුළත් බොහෝ ගීතවල පද මා විසින්මයි රචනා කරලා තියෙන්නේ. ඊට අමතරව සරත්චන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ එක් ගීතයක් සහ සුනිල් සිරිසේන මහතාගේ ගීත දෙකක් මේ එකතුවට ඇතුළත් වෙනවා. සියලුම ගීතවල සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ මා විසින්මයි.

රූකාන්ත කියන්නේ ලංකාවේ සංගීත කලාව වෙනස් කළ දැවැන්තයෙක්. ඒ කාලේ කරපු වෙනස දැන් ඔබට දැනෙන්නේ මොන විදියටද?
ඔව්. යම්කිසි කාලෙක ඒ වගේ වෙනසක් කරන්න මම උත්සාහ කළා කියලා මම හිතනවා. අද ඒකෙන් බොහෝ දෙනා ඵල නෙළා ගන්නවා. විශේෂයෙන්ම තරුණ තරුණියෝ. සාමාන්‍ය දක්ෂතාවයක් තියෙන බොහෝ දෙනෙක් ඒ හරහා එළියට ආවා කියලා මම හිතනවා. ඒක තමයි ලෝකේ වෙන්න ඕනෑ. ආසාවට සින්දු කියනවා කියන්නේ වෙන දෙයක්. හැබැයි වෘත්තීය වශයෙන් ගීත ගායනා කරනවා කියන්නේ වෙන දෙයක්. තමන්ගේ දක්ෂතාවය හොයා ගෙන ඒ පාරේ යන එක තමයි කරන්න ඕනෑ.

ඔබ ඒ කාලේ කරපු බොහෝ දේවල් එදාටත් වඩා අදට ගැළපෙනවා කියලයි බොහෝ දෙනා කියන්නේ. අනාගතය වෙනුවෙන් ඒ වගේ වෙනසක් කරන්න ඔබේ සූදානමක් නැද්ද?
අනාගතය වෙනුවෙන් තමයි මේ හැම දෙයක්ම අපි කරන්නේ. අපි හැම වෙලාවෙම කරන්නේ උත්සාහ කිරීමක්. හැබැයි අනාගතයේදී මම මෙන්න මේක කරනවා කියලා මට කියන්න බැහැ. ඒක දෙවියන්ගේ අතේ තියෙන්නේ. අද අපි කරන දේ හරියට කරනවා නම් ඒක අනාගතය දක්වා දිවෙනවා. ඒ හින්දා අද කරන දේ හරියට කරන එක තමයි කරන්න ඕනෑ.

ලංකාවේ සංගීත කලාවේ ප්‍රවීණයෙක් විදියට, වර්තමානයේ අපේ රටේ සංගීත කලාව ගමන් කරන දිශානතිය ඔබට දැනෙන්නේ කොහොමද?
වර්තමාන සංගීතයේ දෙපැත්තක් තියෙනවා. එකක් ස්වර වැඩියෙන් දාලා තනු නිර්මාණය කිරීම. එහෙම නැත්නම් ස්වර ඉතා අඩුවෙන් දාලා තනු නිර්මාණය කිරීම. ඒ වගේම සමහර වෙලාවට පද රචනාව හින්දා විතරක් ජනප්‍රිය වෙන ගීතත් තියෙනවා. ඒවායේ සංගීතය ගැන ඒ තරම් හිතලා නැහැ. හැබැයි ඒවා ගොඩක් කල් පවතින්නේ නැහැ. ඒත් ගීතයේ තනු ප්‍රබල නම් ඒ ගීත අවුරුදු ගානක් පවතිනවා. මං හිතන්නේ ඒ දෙවිදියේම ගීත අද වෙද්දි ලංකාවේ තියෙනවා. මේක ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේම දකින්න තියෙන දෙයක්.

ඔබේ දියණියන් දෙදෙනාම අද වෙද්දි ලංකාවේ ජනප්‍රිය ගායිකාවන් දෙපළක්. පියෙක් විදියට ඒ ගැන ඔබට තියෙන හැඟීම මොන වගේද?
පොඩි කාලේ ඉඳන්ම ඒ දෙන්නා ගෙදර ඉඳන් පාසලට වාහනේ ගියත් යන්නේ සිංදු කිය කිය. ඒ අතරතුර ඔවුන්ට සංගීතය ගැන හොඳ දැනුමක් ලැබුණා කියලා මම හිතනවා. ඒවා ඒ ගොල්ලෝ ඇඟට ගියා. හිතට ගියා. දැන් ඒ ගොල්ලෝ වෙන රැකියා කරන්න හිතුවත් සංගීතයට තියෙන ආදරය නිසාම වෘත්තීමය සංගීත ශිල්පීන් වෙන්න තීරණය කරනවා. ඒ දෙන්නා සතුටින් තමන්ට කරන්න පුළුවන් දේ කරගෙන යන කොට තාත්තා කෙනෙක් විදියට මට සතුටුයි. ඒ ගොල්ලෝ කරන දේ රටට ලෝකයටත් හොඳයි කියලයි මම හිතන්නේ.

ඔබ මේ විදියට පුවත්පත් සාකච්ඡාවකට එකතු වුණේ සෑහෙන කාලෙකින්. ඒ හින්දා ඔබේ රසිකයන්ට කියන්න බොහෝ දේවල් ඇති?
මගේ රසිකයන්ට මම කියන්නේ සංගීතය කියන්නේ බොහොම උතුම් දෙයක්. යම් කිසි කල්පනාවකින් ඒක පරිහරණය කරන්න කියලයි මම කියන්නේ. සංගීතය විනෝද වෙන්න භාවිතා කරන්න පුළුවන්. දුක හිතෙන අවස්ථාවලදි භාවිතා කරන්න පුළුවන්. මව් පිය ගුණ ගීත, ආගමික ගීත වගේ දේවලුත් තියෙනවා. ඒ හින්දා ඒ හැම දෙයක්ම රස විඳින්න කියලයි මම රසිකයන්ට කියන්නේ. පද රචනාව විතරක් නෙවෙයි. ගීතයක සංගීතයත් රස විඳින්න ඉගෙන ගන්න කියලයි මම කියන්නේ.

නත්තල් තරුව වැඩසටහන ගැන අවසන් වශයෙන් ඔබට මොනවද කියන්න තියෙන්නේ?
ඇත්තටම මේ වැඩසටහන මේ විදියට කරන්න හේතු වුණු දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි වින්ඩි සහ සනුක. ඔවුන් මාව ගොඩක් දිරිමත් කළා. මෙහි සම්බන්ධීකරණ වැඩ ඇතුළු බොහෝ දේවල් කළේ ඔවුන්. ඒ වගේම චන්ද්‍රලේඛත් මේකට හැම වෙලේම උදව් කළා. මේකට සම්බන්ධ වුණු සංගීත කණ්ඩායමත් ඒ වගේ. මං හිතන්නේ ඒක තමයි නත්තල කියන්නේ. දෙවියන් වහන්සේගේ අනුහසින් හැම සිතක් පහන් වේවා. හැම ගින්දරක්ම නිවේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.

-චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

රටින් බඩු ගෙන්වීම නවත්වන්නම හදයි! භාණ්ඩ හිඟයක් අත ළඟම!

Next Post

‘පවුල් පාලනය-රටේ විනාසය’! සජිත් රාජපක්ෂ බළකොටුවෙන්ම පොළේ යන්න පටන් ගනී! (PHOTOS & VIDEO)

MORE NEWS

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

Load More
එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ආයතන විශාල ප්‍රමාණයක් මේ වනවිට පාඩු ලබමින් සිටින බව මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.