• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

‘ඇය සහ ඇය’ සමග එන ඇය

November 13, 2019
in Heart
Reading Time: 2 mins read
A A
‘ඇය සහ ඇය’ සමග එන ඇය
Share on WhatsAppShare on Facebook

ස්වාධීන රූපවාහිනී තිරය රසින් රස ගැන්වූ මධු රසාංග ගී තීරය විසි වසරක් පුරාවට මෙහෙය වූ ඉඳුනිල් දිසානායක නම් සොඳුරු කලාකාරිය සොයා යන්නට අපට සිතුණේ, ඈ ගැන හෝ ඈ මෙතෙක් ආ ගමන් මඟ ගැන කතා කරන්නට නම් නොවේය. ඈ ගැන අසනවාට වඩා ඈ විසින් ඉතා මනහර ලෙස මෙහෙයවන ‘ඇය සහ ඇය’ විශේෂාංගය ගැන මේ සොඳුරු හැඩ හිමි කත සමඟ පුංචි සංවාදයක යෙදෙන්නට අපට ඕනෑ විය.
ඉතාම සුහදව ඈ අප හා එක් වූ සොඳුරු විරාමයයි මේ.
ඉතින් ඉඳුනිල්, කොහොමද සුවදුක්?
මම ඉතාම සතුටින් දවස ගෙවනවා. මගේ පෞද්ගලික ජීවිතය සහ වෘත්තීයමය කටයුතු තුළ සුහදව ගනුදෙනු කරනවා.
වසර 38ක් පුරා ඔබ අඛණ්ඩව ක්ෂේත්‍රය තුළ රැඳී සිටීමේ රහස ඒ සුහද බවද?
බොහෝ විට ඔව්, මිත්‍රශීලී බව හෝ සුහද බව නැතිව මෙවැනි ක්ෂේත්‍රයන් තුළ රැඳෙන්නට අපහසුයි.
’ඇය සහ ඇය’ ගැන කතා කරමුද?
අනිවාර්යයෙන්ම එය කතා කළ යුතු වැඩ සටහනක්, ඉතාම කාලෝචිතයි. හැඟීම්බරයි. මම එය මෙහෙයවන්නේ ඉතාම සතුටින්, ඒ වගේම කාන්තාවකගේ ජීවිතය තුළ ගැබ්ව තිබෙන දුක… සතුට… සිනහව… කඳුළ… උපේක්ෂාව සමඟ වූ දරාගැනීම්, ඉලක්ක හඹායෑම් සහ අභියෝගවලට මුහුණ දීම් පවා එම වටිනා විශේෂාංගය තුළ විකාශනය වෙනවා. ඇතැම් අයගේ ජීවිත තුළ බොහෝ විට නුදුටු පැතිකඩයන් ගැනද මෙහිදී දකින්නට ලැබෙනවා.
මෙයට සහභාගි වන්නේ සුවිශේෂී කාන්තාවන්ද?
සමාජය හමුවේ විශාල ප්‍රසිද්ධියක් නොතිබුණාට ‘ඇය සහ ඇය’ සඳහා අප ආරාධනා කරන්නේ යම් ප්‍රසිද්ධියක් ඇති ගෞරවනීය වෘත්තීන්වල නියැළෙන කාන්තාවන්ටයි. එයට වයස් භේදයක් හෝ තරාතිරමක් නැහැ.
‘ඇය සහ ඇය’ ගැන සරලව හඳුන්වා දෙනවා නම්?
ලංකාවේ කිසිම රූපවාහිනී සේවාවක මීට පෙර මෙවැනි වැඩසටහනක් නිර්මාණය වී නැහැ. මෙය ආරම්භ වූයේ 2019 මාර්තු මසයි. එකම ක්ෂේත්‍රයක සිටින කාන්තාවන් දෙදෙනකුට අප ආරාධනා කරනවා.
එක් අයෙක් අත්දැකීම් බහුල ප්‍රවීණයෙක්. අනෙක් කාන්තාව ක්ෂේත්‍රයට නවකයෙක්. මේ දෙදෙනාගේ සිතුවිලි ප්‍රකාශනය තමයි මෙහිදී දියත් වෙන්නේ.
නිදසුනක් ලෙස අවස්ථා කිහිපයක් දැක්විය හැකියි. ප්‍රවීණ සිනමා නිළි මාලිනි ෆොන්සේකා සමඟ ‘ඇය සහ ඇය’ වෙනුවෙන් අප ගෙන්වූයේ සුජානි මේනකාව, සබීතා පෙරේරා සමඟ සමනලී ෆොන්සේකා, චන්ද්‍රලේඛා පෙරේරා සමඟ ආරාධනා ලැබුවේ කුෂාණි සඳරේඛා.
කලාකරුවන් පමණක්ම නෙවෙයි තවත් විවිධ ක්ෂේත්‍රයන් මෙයට ඇතුළත් වෙනවා. එයට හොඳම නිදසුන ලෙස ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිනී වන පුෂ්පා රම්‍යානි සොයිසා දැක්විය හැකියි. ඈ සමඟ අප ආරාධනා කළේ තරුණ හෙදියකටයි.
ඒ වගේම විදුහල්පතිනියන්, මාධ්‍යවේදිනියන්, ඡායාරූප ශිල්පිනියන්, ක්‍රීඩිකාවන් මෙන්ම වෛද්‍යවරියන් මෙන්ම මෙකී නොකී වෘත්තීන් සහ විවිධ ඉසව්හි නියැළෙන්නන් ‘ඇය සහ ඇය’ සඳහා ආරාධනා ලබනවා.
මෙය කාන්තාවන්ට පමණක් විවෘත වූයේ ඇයි?
අදහස ඔඵවට ආවේ කාන්තා ප්‍රතිරූපයක් පමණයි. කාන්තාවක් සමඟ කාන්තාවක් තම සිතිවිලි බෙදා හදාගන්නා ආකාරය මගේ මනසේ මැවුණා. එතැන පිරිමියකුට ඉඩ තිබුණේ නැහැ.
ඒ කියන්නේ ‘ඇය සහ ඇය’ ඔබේ නිර්මාණයක්?
අදහස සහ සිතිවිල්ල පමණයි මට අයිති, හැඩ වැඩකර මෙය ජනතාව වෙත ගෙන එන්නේ ජනජීව වේහැල්ල අධ්‍යක්ෂතුමා. මා තුළ මැවුණු නිර්මාණයට ‘ඇය සහ ඇය’ යන නම දුන්නේ සති අන්ත වැඩසටහන් මෙහෙයවන භාරතී වීරසිංහයි. ඒ වගේම මෙවැනි නිර්මාණ බීජයක් මා තුළ මැවෙන බව මම පළමුව කීවේ සඳුන් රාජකරුණාටයි. ඔහු ජනජීව වේහැල්ලට කීවා. ඉඳුනිල් අක්කා එක්ක මේ විශේෂාංගය නිර්මාණය කරන්න කියලා. සෙනසුරාදා උදේ හතහමාර වැනි වේලාවක් මෙයට දුන්නේ ඇයි? ඒක ඒතරම් ප්‍රශ්නයක් වුණේ නැහැ. යූ ටියුබ් සහ රිමයින්ඞ් ටී.වී. ඔස්සේ බොහෝ දෙනකු මෙය නරඹනවා. ඇත්තෙන්ම සතුටුයි කියන්න ඉතාම හොඳ කාන්තා ප්‍රතිචාරයක් තිබෙනවා. ෆේස් බුක් හරහාද අප මෙයට අවශ්‍ය ප්‍රචාරය දුන් නිසා වේලාව ප්‍රශ්නයක් වුණේ නැහැ.

ඔබ එය මෙහෙයවන අපූර්වත්වය නිසාද ප්‍රතිචාර ලැබෙන්නේ?
එහෙම හිතන්නත් බැහැ. කාන්තා ප්‍රතිරූපය ඉස්මතු වෙනවාට කාන්තාව තුළ තිබෙන අසීමිත කැමැත්ත මෙයට බලපානවා. අනෙක ‘ඇය සහ ඇය’ වෙත පැමිණෙන කාන්තාවන් බොහෝ දෙනකු විකාශය කරන්නේ මේ රටේ ජීවත් වෙන තවත් කවුරුන් හෝ කාන්තාවකගේ ජීවිත කතාවක් වෙන්නට පුඵවන්. අන්න ඒ නිසා වුවද ‘ඇය සහ ඇය’ කාන්තා සිතට සමීප වූවා විය හැකියි.
ඇතැම් විට ඔවුන් වෙතින් මට ලැබෙන ප්‍රතිචාර තුළින් මම එය අත්දකිනවා. ඒ වගේම බොහෝ කාන්තාවන් මට කතා කරලා ඉදිරි වැඩ සටහන්වලදී මෙහෙම වුණොත් හොඳයි, මේ ප්‍රශ්න අහන්න, මෙහෙම කෙනෙක් ගෙන්වන්න කියන අදහස්ද ප්‍රකාශ කර සිටිනවා.
එය මට සතුටක්, මොකද මට අදහස ආවේ ‘ඇය සහ ඇය’ මුල්කර ගෙනයි, ‘ඇය සහ ඇය’ වෙතින් ලැබෙන මේ උණුසුම් ප්‍රතිචාරය අප හැමෝටම වාගේම මටත් සතුටක්.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සෙලාන්-LOLC බැංකු රක්ෂණ ප්‍රණාම රාත්‍රිය

Next Post

සජිත් මරදානෙන්-‌ගෝඨා ‌හෝමාගමින් ජන්ද සටන අවසන් කරයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා සහකාර අධිකාරිවරිය ලෙස දිස්නා කාරියවසම් මහත්මිය පත්කර තිබේ.Sri Lanka Latest News දශක තුනකට ආසන්න කාලයක් පුරා...

Read more
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.