• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

November 13, 2019
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

ලංකාවේ පළමු වන ජනාධිපතිවරණය වූ 1982 ජනාධිපතිවරණයේ සිට බලයේ සිටින ආණ්ඩුව ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයකු පරාජය වී ඇත්තේ එක් වරකි. ඒ 2015 ජනාධිපතිවරණයට තරග කළ මහින්ද රාජපක්ෂය. අනෙක් හැම අවස්ථාවකම බලයේ සිටින ආණ්ඩුව නම් කළ ජනාධිපති අපේක්ෂකයා ජය ගෙන ඇත. එය 2015 වෙනස් වුණි. ජේ.ආර්. හදපු විධායක ජනාධිපති ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයකුට තෙවැනි නිල කාලයකට තරග කළ නොහැකිය. එහෙත් මහින්ද මේ ව්‍යවස්ථාව වෙනස් කොට තෙවැනි වරට තරග කරන්න ගොස් පරාජයට පත්විය. මහින්ද අලුත් මුහුණක් දැම්මා නම් දිනන්න ඉඩ තිබිණි. ජේ.ආර්. ජනාධිපතිවරණයකට තරග කිරීමට ජනාධිපතිවරයෙක්ට ඇති අවස්ථාව වාර දෙකකට සීමා කළේ තෙවැනි වර තරග කරන ජනාධිපතිවරයෙක්ව කවදාවත් ජයගත නොහැකි බව දැනගෙන විය යුතුය. ඔහු ඒ ව්‍යවස්ථාව හැදුවේ යූ.ඇන්.පී.ය ඔළුවේ තියාගෙනය. ඔහු සිතුවේ යූ.ඇන්.පී.ය හැමදාම බලයේ තියාගන්න වාර දෙකකට පසු ජනාධිපති සහ ආණ්ඩුව අප්‍රසාදයට පත්වූ පසු අලුත් මුහුණක් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කොට පක්ෂය දිනවන්නටය. ජේ.ආර්.ගේ ඒ තියරිය 1988දීත් 2005දීත් හරි ගියේය. 2005 දී හරි ගියේ යූ.ඇන්.පී.යට නොව ශ්‍රී ලනිප ප්‍රමුඛ සන්ධානයටය. මෙවර යූ.ඇන්.පී.ය අත්හදා බලන්නේත් ඒ තියරියය.
මෛත්‍රිපාල වාර දෙකක් තරග නොකළත් අප්‍රසාදයට පත්වී ඇත. යූ.ඇන්.පී. ආණ්ඩුවත් අප්‍රසාදයට පත්වී ඇත. ඉතින් යූ.ඇන්.පී.ය බලන්නේ සජිත්ව දාලා දිනාගන්නටය.
2019 සජිත්ගේ පැමිණීම සහ 1988 රණසිංහ ප්‍රේමදාසගේ පැමිණීමත්, 2005 මහින්දගේ පැමිණීමත් අතර ලොකු සමානකම් තිබේ.

පළමුවැනි සමානකම මේ තුන්දෙනාම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ හොමබ සමතලා කරගෙන වැටුණ ආණ්ඩුවලින්ය.
1988 ප්‍රේමදාස ජනාධිපතිවරණයට එන විට ජේ.ආර්.ගේ ආණ්ඩුව හිටියේ ජවිපෙ ටී-56 තුවක්කුවලට බය වෙලාය. ජවිපෙ රට පුරා ඇඳිරි නීතිය පනවා තිබිණි. යූ.ඇන්.පී.යේ සභාපති, ලේකම් ඇතුළු මැති ඇමැතිවරුන් ඝාතනය කොට තිබිණි. යූ.ඇන්.පී.යේ ගමේ තනතුරු දරන අය ජවිපෙ ටී-56 තුවක්කුවට බයේ තමන් පක්ෂයෙන් ඉවත් වෙන බවට ගේ ඉස්සරහ බැනර් දමන රැල්ලක් නිර්මාණය වී තිබිණි. උතුරට ඉන්දීය හමුදා ගෙන්වීම නිසා ජේ.ආර්.සහ ආණ්ඩුව දේශද්‍රෝහීන් ලෙස හංඩවු ගසා තිබිණි. ජේ.ආර්. මරමු කියා රට පුරා ලේ වැකි ලියා තිබිණි. පක්ෂ යාන්ත්‍රණය සහ ආණ්ඩු යාන්ත්‍රණය කඩාවැටී තිබිණි. ප්‍රේමදාස 1988 ජනාධිපතිවරණයට ආවේ ඒ වගේ වේලාවකය. ඔහු රැස්වීම්වලට යන විට ජවිපෙ ටී-56ට බයේ කඩ වසා ඇඳිරි නීතිය පනවා තිබිණි. රැස්වීමට ආවේ මිනිසුන් දෙතුන් දෙනෙකි.
2005 මහින්ද ජනාධිපතිවරණයට එන විට චන්ද්‍රිකාගේ ආණ්ඩුව ප්‍රභාකරන් සමඟ සුනාමි සහන ගිවිසුම අස්සන් කොට දේශද්‍රෝහී ලේබලය අලවාගෙන තිබිණි. ජවිපෙ ආණ්ඩුවෙන් ඉවත්වී ආණ්ඩුවට බහුතරය නැති වී තිබිණි. සුනාමි සහන ගිවිසුමට එරෙහිව උසාවිය තීන්දු පිට තීන්දු දෙමින් තිබිණි. හෙළ උරුමය සංඝයා පෙරටුකොට මහා උපවාසයක් ආරම්භ කොට තිබිණි. යූ.ඇන්.පී.ය කතරගම සිට කොළඹට මහා ජන බල මෙහෙයුමක් ආරම්භ කොට තිබිණි. ඕනෑම අවස්ථාවක යූ.ඇන්.පී.යට චන්ද්‍රිකාගේ ආණ්ඩුව වට්ටවන හැකියාව තිබිණි. චන්ද්‍රිකාගේ ආණ්ඩුව අප්‍රසාදයට පත්ව තිබුණේ 2004 සුනාමියෙන්ය. සුනාමි අනතුරු හැඟවීම් කර තිබියදීත් මිනිස් ජීවිත බේරා ගන්න කිසිවක් කළේ නැතැයි චන්ද්‍රිකාගේ ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබිණි. ජවිපෙ ආණ්ඩුවට එරෙහිව රට පුරා රැස්වීම් පවත්වමින් තිබිණි. මහින්ද ජනාධිපතිවරණයට ආවේ ඒ වගේ වේලාවකය.
අද සජිත් ජනාධිපතිවරණයට ඇවිල්ලා තියෙන්නේත් ඒ වගේ වේලාවකය. පාස්කු බෝම්බ ප්‍රහාරය ජනාධිපතිවරයාට පමණක් නොව ආණ්ඩුවටත් වැදී පුපුරා ගොස් ඇත. ජනාධිපති සහ ආණ්ඩුවේ කඹ ඇදීම නිසා ජනාධිපතිත්, ආණ්ඩුවත් අප්‍රසාදයට පත්වී ඇත. ආණ්ඩුවට එරෙහිව රට පුරා උපවාස, සත්‍යග්‍රහ, වැඩවර්ජනය. ආණ්ඩුවේ පණකෙන්ද රැඳී ඇත්තේ දමිළ ජාතික සන්ධානය නිසාය. මේ නිසාම ආණ්ඩුවට දේශද්‍රෝහී ලේබලය ඇලවී ඇත. ආර්ථිකය කඩාවැටී ඇත. රට අස්ථාවරය. යූ.ඇන්.පී.ය සජිත්ව නම් කළේ මෙවන් මොහොතකය.
අනෙක 1988 ප්‍රේමදාස එන විට ඔහු ජනාධිපති සහ පක්ෂ නායක ජේ.ආර්. සමඟ තිබුණේ හොඳ සම්බන්ධයක් නොවේ. ජේ.ආර්. හිටියේ ව්‍යවස්ථාව වෙනස් කොට යළි ජනාධිපතිවරණයට තරග කරන්නටය. ඒත් ජවිපෙ භීෂණය සහ උතුරේ ඉන්දීය මැදිහත්වීම නිසා ජේ.ආර්. ඒ අදහස වෙනස් කරගත්තේය. ඉන්දු – ලංකා ගිවිසුමට විරුද්ධ වීම නිසා ප්‍රේමදාස හිටියේ විපක්ෂයේ වීරයා වෙලාය. විපක්ෂයට එක් වෙන්න යැයි ඔහුට ආරාධනා ලැබී තිබිණි. ජේ.ආර්.ඔහුට අපේක්ෂකත්වය දෙන්න අකැමැති විය. ඒත් වසර 11ක රටේ විනාශයට තමන් කොටස්කාරයෙක් නොවන බව ප්‍රේමදාස පෙන්වා දී තිබූ නිසාත්, පක්ෂ ලේකම් ඇතුළු ජේ.ආර්.ගේ ඥාතීන්ගේ බලපෑම නිසාත් ප්‍රේමදාසට අපේක්ෂකත්වය දෙන්න ජේ.ආර්.ට සිදුවිය. ජනාධිපතිවරණය අතරමැද ජේ.ආර්. සහ ප්‍රේමදාස අතර ලොකු ගැටුමක් හටගැනුණි. ඒ, ජේ.ආර්. විපක්ෂයේ අපේක්ෂිකා බණ්ඩාරනායක මැතිනිය සමඟ සාකච්ඡා කොට ජනාධිපතිවරණය අතරතුර පාර්ලිමේන්තුව විසුරුවා හරින්න තීරණය කළ නිසාය. බොරැල්ලේ ජනාධිපතිවරණ රැස්වීමක් අවසන් කොට පක්ෂ ලේකම් රන්ජන් සමඟ ඒ අසල පිහිටි ජේ.ආර්.ගේ බ්‍රේමාර් නිවෙසට ගිය ප්‍රේමදාස ජේ.ආර්.ට තර්ජනය කළේය. තමාට අණ පනත් සම්මත කරගන්න අවශ්‍ය නිසා හයෙන් පහක බලෙයන් යුත් පාර්ලිමේන්තුව විසුරුවා නොහරින ලෙස ඔහු ජේ.ආර්.ට බලපෑම් කළේය. ජේ.ආර්. ප්‍රේමදාසගේ රැස්වීම්වලට ගියත් ජේ.ආර්. රැස්වීමවලට එනවට ප්‍රේමදාස කැමැති නොවීය. ඔහු හිතුවේ ජේ.ආර්.ට ඇති අප්‍රසාදය නිසා තමන් පරාජය වෙයි කියාය.

2005 මහින්ද ජනාධිපති අපේක්ෂකත්වය ගත්තෙත් චන්ද්‍රිකාගේ ආශීර්වාදයෙන් නොවේ. ඔහු චන්ද්‍රිකාගේ ගෝලයන් වන මංගල, කදිරගාමර් අල්ලාගෙන තමාට අපේක්ෂකත්වය නොදී සිටිය නොහැකි තැනකට චන්ද්‍රිකාව තල්ලු කළේය. ඔහුට චන්ද්‍රිකා සමඟ ප්‍රශ්න තිබිණි. ඔහු චන්ද්‍රිකාගේ දේශපාලන පැකේජයට සුනාමි සහන ගිවිසුමට විරුද්ධ වී පක්ෂයේ වීරයා වී තිබිණි. ඔහුට විපක්ෂයට එන ලෙස ආරාධනා තිබිණි. ඔහු අපේක්ෂකත්වය ගෙන පෙන්නුවේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ පව්වලට තමන් සම්බන්ධ නැති බවය. ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකාගේ මෙහෙයුම් කමිටු සහ මහින්ද අතර ප්‍රශ්න ඇති විය. චන්ද්‍රිකා මහින්දගේ රැස්වීමකට ආ පළමු දවසේම මාධ්‍යයට සහ ජනතාවට පෙනෙන්න ගැටුම් ඇතිකරගනු ලැබීය. මහින්ද චන්ද්‍රිකා රැස්වීම්වලට එනවාට අකැමැති විය. ඒ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ පව් නිසා තමන් පරාජය වේ යැයි යන බියෙන්ය.
2019 සජිත් යූ.ඇන්.පී. අපේක්ෂකත්වය ගත්තේත් රනිල්ගේ ගෝලයන් අල්ලගෙන රනිල්ව තනිකොට කොටු කරලාය. රනිල් ජනාධිපතිවරණයට තරග කරන්න හිටියත් රටේ ඔහුට සහ ආණ්ඩුවට ඇති අප්‍රසාදය නිසාත් පක්ෂයේ බල කිරීම මතත් ඔහුට සජිත්ට අපේක්ෂකත්වය දීමට සිදුවිය. සජිත් ආණ්ඩුවේ පව් කරනොගහ ගත් නිසා ඔහු විපක්ෂයේ වීරයකුව සිටියේය. ඔහුගේ සිංහල බෞද්ධ සහ රණවිරු ප්‍රතිපත්තිය විපක්ෂයේ ප්‍රතිපත්තියට ගැලපුණේය. ඔහුටද විපක්ෂයට එක්වන ලෙස ආරාධනා ලැබුණේ 2015 සිටය. ජනාධිපතිවරණයට නම් කිරීමෙන් පසු ඔහුත් රනිල් සමඟ ප්‍රශ්න ඇතිකරගෙන තිබේ. ඒ අගමැති ධුරයට අලුත් අයෙක් පත්කරන බවට ඔහු කරන ප්‍රකාශ නිසාය. රනිල්ගේ ආණ්ඩුවේ පව් නිසා සජිත් පරදියි කියා රනිල්ව ජනාධිපතිවරණ ව්‍යාපාරයෙන් ඈත් කර තියාගන්න යැයි සජිත්වාදීන් සජිත්ට බලපෑම් කරමින් සිටී.

මේ ඔක්කොම කතන්දර ගලපන විට ප්‍රේමදාස, මහින්ද සහ සජිත් කියන්නේ එකම කතාවක චරිත තුනක්ය. මේ කතාවේ පුදුම තැන මේ තිදෙනාටම මහා විනාශයකින් අපේක්ෂකත්වයට පාර කපා දීමය. ප්‍රේමදාසට පාර කැපුණේ ජවිපෙ භීෂණයෙන්ය. මහින්දට පාර කැපුණේ සුනාමියෙන්ය. සජිත්ට පාර කැපී ඇත්තේ පාස්කු බෝම්බයෙන්ය. ප්‍රේමදාස ජවිපෙ භීෂණයෙන් ජනප්‍රිය වූයේ ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහි වීමෙනි. මහින්ද සුනාමියෙන් ජනප්‍රිය වූයේ දකුණේ සුනාමි සහන සේවා ක්‍රියාත්මක කරමින් දකුණට රාජ්‍ය නායකයන් රැගෙන යන පරිවාර ඇමැති වීමෙනි. සජිත් පාස්කු බෝම්බයෙන් ජනප්‍රිය වූයේ සංස්කෘතික ඇමැති ලෙස බෝම්බයෙන් විනාශ වූ පල්ලි හැදීමත්, ප්‍රහාරය හෙළාදකින්න මෙන් ආ ඉන්දීය අගමැති මෝඩිගේ පරිවාර ඇමැති වීමෙනුන්ය.
1988 රණසිංහ ප්‍රේමදාස දින්නේය. 2005 මහින්ද දින්නේය. 2019 සජිත් පරාජය වුණත් පොතේ හැටියට මේ කතාව සම්පූර්ණ වන්නේ නැත.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සූදානමින් සිටින්න! ඉදිරි පැය 72 තුළ අරුම පුදුම සිදුවීම් රැසක්!!

Next Post

නුග කොළ රන්පත් කළ හෙළයේ රූමතිය

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.