යාපනයේ වැල්වැටිතුරෙයි සහ ඩෙල්ෆ් වෙරළ තීරයේ පසුගිය දින දෙක තුළ නාඳුනන මළ සිරුරු තුනක් ගොඩගැසී ඇති බව පොලිසිය පවසයි.
බෝට්ටු අනතුරක් හේතුවෙන් මෙය සිදුව ඇති බවට සැක මතු කරන බව පොලිසිය පවසයි.
පෙරේදා (28) දිනයේදී මළසිරුරු දෙකක් වැල්වැටිතුරෙයි වෙරළ තීරයට ගොඩගැසී තිබූ අතර තවත් මළ සිරුරක් ඊයේ (29) ඩෙල්ෆ්ට් දූපත් වෙරළ තීරයේ ගොඩගැසී තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් ඩෙල්ෆ්ට් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එපමණක් නොව, යාපනය මුහුදු සීමාවට ඇතුළු වීමට උත්සාහ කළ නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළී හෝ මුහුදෙන් ගිලී යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
මීට අමතරව පසුගිය දිනක යාපනයට ඔබ්බෙන් වූ මුහුදේදී ධීවර කටයුතු සඳහා ගොස් අතුරුදන් වූ ධීවරයින් පිරිසක් පිළිබඳව මෙතෙක් තොරතුරක් නොමැත.
ඩෙල්ෆ්ට් පොලිසිය පැවසුවේ මේ පිළිබඳව නාවික හමුදාවට දන්වා ඇති අතර ඔවුන් විසින් අවශ්‍ය පියවර ගන්නා බවයි.










