• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

නුග කොළ රන්පත් කළ හෙළයේ රූමතිය

November 13, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
නුග කොළ රන්පත් කළ හෙළයේ රූමතිය
Share on WhatsAppShare on Facebook

ස්වර්ණපාලි යන නාමයට කිසිදු අසාධාරණයක් නොකරන තරමටම ඇය ස්වර්ණපාලියක් වූවාය. ලංකා ඉතිහාසයේ ජනප්‍රිය කාන්තාවන් අතර ස්වර්ණපාලියට ලැබෙන්නේ අද්විතීය ස්ථානයකි. ඇය පණ්ඩුකාභය රජුගේ අග්‍ර මහේෂිකාව වූවාය. ඇය පිළිබඳ ජනප්‍රිය කතාපුවතක් ජනප්‍රවාද අතර එයි. පණ්ඩුවාසදේව රජතුමා මේ දෙදෙනාගේම මුත්තණුවන් වූ අතර පණ්ඩුකාභය චිත්‍රගේ පුතණුවන් වූයේය. චිත්‍රා යනු පණ්ඩුවාසදේවගේ එකම දියණියයි. ස්වර්ණපාලි කුමරිය ගිරිකණ්ඩසිවගේ දියණිය වූවාය. ගිරිකණ්ඩසිව යනු පණ්ඩුවාසදේවගේ පුතණුවෙකි.

පණ්ඩුකාභයගේ උපත නිසා ඔහුගේ මාමාවරුන්ට උරුම වන්නේ යහපතක් නොවන බව දෛවඥයන් ප්‍රකාශ කළදා සිට ඔවුන් සිටියේ පණ්ඩුකාභය ගැන යහපත් සිතකින් නොවේ. එනිසා අවස්ථා කිහිපයකදී කුමරුන් ඝාතනය කිරීමට වෙහෙස දැරුවද ඒ සියලු ප්‍රයත්න ගඟට කැපූ ඉනිමෙන් විය. ක්‍රමයෙන් තරුණ වයසට පත් ඔහු තමා සමඟ යුද්ධයට පැමිණි මාමාවරුන් ඝාතනය කොට ක්‍රමයෙන් අනුරාධපුර ජයදද නැංවීය.

පණ්ඩුකාභය ළමා කාලයේ ඉගෙන ගත්තේ පණ්ඩුල බ්‍රාහ්මණයා සමීපයේය. හොඳින් ඉගෙනගත් ඔහු අවසානයේදී පණ්ඩුකාභය තරුණයාට දුන් අවවාද දෙකක් විය. ඉන් එකක් නම් රජ වූ වහාම තම පුතණුවන් වන චන්ද්‍ර කුමරු පුරෝහිත තනතුරට පත් කිරීමත්, යම් තරුණියක් නුග පත්‍රයක් ස්පර්ශ කරන සැණින් එය රන් බවට පත්වේද ඒ තරුණිය විවාහ කරගන්නා ලෙසත්ය.

එක් දිනක් ගිරිකණ්ඩසිවගේ දියණිය පාලි කුමරිය ගොයම් නෙළමින් සිටින පියාණන් ඇතුළු පිරිසට ආහාර ගෙන යමින් සිටියාය. සේනාව පිරිවරා පැමිණි පණ්ඩුකාභය කුමරුට ඇය හමු විය. ඇය පැමිණි අශ්ව රථය අබිමුවට ගිය කුමරු ඇයගෙන් තොරතුරු විමසා සිටියේය. කුමරිය පිළිබඳ පුවත් ඇසූ ඔහු තමා හා ඇය අතර පවතින ඥාතීත්වයද ඇයගේ ලාලිත්‍යයෙන් සිත වසඟ වූ නිසාද ඇය හා ප්‍රේමයෙන් බැඳුණේය. ඇයද කුමරු ඇතුළු පිරිසට සංග්‍රහ කිරීමට පසුබට නොවූවාය. අසලින් ඇති නුග ගසෙන් පත්‍ර කඩා ගත් අතර එකී පත්‍ර ස්පර්ශ කළ සැණින් රන් බවට පත්විය. මේ අහඹු සිදුවීම පණ්ඩුකාභය කුමරුට පෙනිණි. ඔහුට පණ්ඩුල බ්‍රාහ්මණයා දුන් අවවාදය සිහිවිය. තමා අබිමුව සිටින්නේ තමාගේ සහකාරියම බව ඔහු තීරණය කළේය. ලැබූ සංග්‍රහයෙන් පසු එතැනින් කුමරු ඇතුළු සේනාව නික්ම ගියේය. ඔහු නික්ම ගියේ තනිව නොව පාලි කුමරියද සොරා ගෙනය. එකී සිදුවීමෙන් පසු ඇය ස්වර්ණපාලි නම් වූවාය.

තම දියණිය සොරා ගෙන පලා යන කුමරුට එරෙහි වූ ගිරිකණ්ඩසිව යුද්ධය ප්‍රකාශ කළේය. ඔහු අල්ලා ගැනීමට සේනාවක්ද පිටත් කර හැරියේය. එනමුත් එසේ කුමරු මැරීමට ගිය සේනාව කුමරුගේ සේනාව හමුවේ දරුණු පරාජයක් ලැබූයේය. එම ස්ථානය ‘කලහනගර’ යනුවෙන් පසුව ප්‍රසිද්ධ විය. එයින් නොනැවතුණු සිව තමාගේ සහෝදරයන් පස්දෙනෙකු පණ්ඩුකාභය සමඟ යුද්ධයට එවූ නමුදු ඔවුන් පස්දෙනාද එහිදී ඝාතනය විය. ඒ ස්ථානය ‘ලෝවාකඩ’ නමින් හැඳින්විය. සිදු වූ දේ පිළිබඳ පශ්චාත්තාප වූ ගිරිකණ්ඩසිවට කරගත හැකි දෙයක් නොවූයෙන් කුමරු සමඟ සමගි සමාදාන විය.

ක්‍රමයෙන් අනුරාධපුරයට පැමිණි කුමරු එහි රජ විය. ඔහුගේ පාදපරිචාරිකාව වූයේ ස්වර්ණපාලි කුමරියය. රාජ්‍යාභිෂේකයද විවාහ මංගලෝත්සවයද එකම දිනයේදී ගත් කුමරු මනා කළමනාකාරීත්වයකින් යුතුව රජය මෙහෙයවීය. ඔහුට දාව දරුවන් කිහිපදෙනකු වූ අතර ගණතිස්ස වැඩිමල් පුතු වූයේය. මුටසීව රජුද ඔහුගේ දෙවැනි පුතා විය. රාජ්‍යත්වයට පත් වූයේ මේ පුතුන් දෙදෙනා වුවද තවත් පුතුන් සිටින්නට ඇත. ස්වර්ණපාලි දේවිය තමාගෙන් ඉටු විය යුතු සියලු වත්පිළිවෙත් නොඅඩුව සිදු කළ අතර මියයන තෙක්ම ආදරයෙන් දෙදෙනා විසූහ.

පදියතලාවේ ඥාණවිමල හිමි

SendShareShare
Previous Post

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

ජනිත්ගේ කටඋත්තරය

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.