• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

පැණිය හොඳයි කියපු ජයකොඩි ඇමැතිගේ මිලියන 250ක ‘සුවධරණි මංජුසාව’ ගෙදරටම ඇවිත්! හැබැයි හීනෙන්…!

November 30, 2021
in Exclusive, Politics
Reading Time: 6 mins read
A A
පැණිය හොඳයි කියපු ජයකොඩි ඇමැතිගේ මිලියන 250ක ‘සුවධරණි මංජුසාව’ ගෙදරටම ඇවිත්! හැබැයි හීනෙන්…!
Share on WhatsAppShare on Facebook

රාත්‍රී නින්දෙන් අනතුරුව උදෑසන අවදිවෙද්දී නිවෙස ඉදිරිපිට වටිනා යමක් දක්නට ලැබෙන්නේ නම් සැබවින්ම එය වාසනාවකි. අතීතයේදී නත්තල් සීයා ඒ ආකාරයෙන් නිවෙස් ඉදිරිපිට වටිනා ත්‍යාග දමා ගිය බවට විශ්වාසයක්ද ජනතාව තුළ ඇත. එහෙත් දැන් එවැනි නත්තල් සීයලා ලෝකය පුරා ඉතා විරලය. ජනතාව එදිනෙදා මුහුණ දෙන විවිධාකාරයේ ජීවන ගැටලු රාශියක් තිබුණද, තවමත් බොහෝ දෙනකු තුළ ඇති ප්‍රධානම අභියෝගය කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීමය. ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් සිදු කිරීමේ සූදානමක් ජනතාව තුළ ඇත.

උදෑසන අවදි වෙද්දී කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා විය හැකි ඖෂධ මංජුසාවක් තම නිවෙස් දොරකොඩ තිබෙනු දකින්නට හැකි වේ නම් එය මේ දිනවල ජනතාවට මහමෙරක් බඳු දෙයක් වනු ඇත.

සුපුරුදු පරිදි නින්දට ගිය එක්තරා පුද්ගලයකු පසුවදා අවදි වී තම දොර විවර කර බැලීමේදී දක්නට ලැබුණේ වෙනදා නොදුටු දර්ශනයකි. නිවෙස ඉදිරියේ ආගන්තුක යමක් දක්නට ඇත. වහා එය රැගෙන නිවෙසට ගිය ඔහුට දැකගත හැකි වූයේ එය කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා සකස් කළ ඖෂධ මංජුසාවක් වන බවය. එය දුටු ඔහුගේ ප්‍රීතිය ඉවවහා ගියේය. අධික ප්‍රීතිය හේතුවෙන් ඔහුට කෑ ගැසුණු අතර එම ශබ්දයට නිවෙසේ අනෙක් අයද එතැනට රොක් විය.

ඖෂධ මංජුසාව පිරික්සීමේදී නිවැසියන්ට තේරුම් ගියේ එය මීට මාසයකට පමණ පෙර දේශීය වෛද්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විසින් රට පුරා සෑම නිවෙසකටම ලබා දෙන බවට පොරොන්දු වූ ඖෂධ මංජුසාව වන බවය. අනෙක් ඇමැතිවරුන් මෙන් නොව සිසිර ජයකොඩි රාජ්‍ය ඇමැතිවරයා කිවූ දේ එලෙසින්ම සිදුකරන ඇමැතිවරයකු බව නිවෙසියන් එකිනෙකා සමඟ පවසන්නට විය. රජය පිළිබඳවද ප්‍රශංසාත්මක මුඛයෙන් අදහස් දැක්වූ නිවෙසියන් තුළ වූ කොවිඩ් පිළිබඳ බියද පහව ගොස් තිබිණි.

නමුත් මඳ වේලාවක් යෑමේදී එම පුද්ගලයාට තේරුම් ගියේ තමන් දකිමින් සිටින්නේ සිහිනයක් වන බවය. මොහොතකට සිහිනයෙන් විඳි සතුට කේන්තියක් බවට පත් වූයේ නිමේෂයකිනි.

ජනතාව දකින මේ ආකාරයේ සිහිනවලට හේතු වූයේ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය සහ ප්‍රාදේශීය රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විසින් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සුවධරණී දේශීය ඖෂධ මංජුසාව දොරින් දොරට බෙදා හැරීමට සැලසුම් කර ඇති බවට සිදු කළ ප්‍රකාශයය. ඇමැතිවරයා එම ප්‍රකාශය සිදු කළේ ඉකුත් සැප්තැම්බර් මාසයේදීය.

කොවිඩ් වසංගතය ආරම්භයේ සිටම මෙරට රජය එය වැළැක්වීම සඳහා විවිධාකාරයේ අත්හදා බැලීම් සිදු කළ ආකාරය දැකගත හැකි විය. ශ්‍රී ලංකාව යනු වසර දහස් ගණනක් පුරා දේශීය වෙදකම උපයෝගී කර ගනිමින් ලෙඩ රෝග සුව කළ ජාතියක් වාසය කරන රටකි. කොවිඩ් වෛරසය මැඩලීම සඳහාද හෙළ වෙදකම අත්හදා බැලීමට රජය නොයෙක්වර උත්සාහ කළේ ඒ හේතුවෙනි.

කොවිඩ් වෛසරය මැඩලීම සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ පැණි මුට්ටි, දුම් හට්ටි මෙන්ම විවිධ පැණිවර්ග ප්‍රවර්ධනය කිරීමද ඒ ආකාරයෙන් සිදු විය. රජයේ ප්‍රබල ඇමැතිවරුන් දිවයිනේ ගංගාවලට පැන් කළ මුදා හැරීම, කතානායකවරයා, සෞඛ්‍ය ඇමැතිවරිය, දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැතිවරයා ඇතුළු රජයේ ප්‍රධානීන් ධම්මික පැණිය ප්‍රසිද්ධියේ පානය කිරීම වැනි ක්‍රියාමාර් දැකගත හැකි වූයේ ඒ අතරය.

එසේ වුවද, කොවිඩ් මැඩලීම සඳහා ඇති එකම විසඳුම එන්නත්කරණය බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිගමනය කිරීමත් සමඟ යම් ප්‍රමාදයකින් පසුව හෝ එන්නත්කරණය සඳහා යොමු වීමට රජය තීරණය කළේය. ඒ අනුව මේ වනවිට මෙරට අවුරුදු 30ට වැඩි බොහෝ දෙනකුට එන්නත් මාත්‍රා දෙකම ලබා දී අවසන් අතර වයස අවුරුදු 60 වැඩි පිරිස සඳහා තෙවැනි මාත්‍රාව ලබා දීමද ආරම්භ කර ඇත.

සෑම නිවෙසකටම “සුව ධරණී” නැමැති ඖෂධ මංජුසාවක් ලබා දෙන බවට රජය විසින් ප්‍රකාශ කළේ එවැනි පසුබිමකය. ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද සඳහන් කළ අමාත්‍යවරයා ආයුර්වේදයේ අනුමත, ආයුර්වේදයේ දැනට ක්‍රියාත්මක ප්‍රතිකාර සඳහා භාවිතා කරන ගුඩුච්ඡාදී චූර්ණය, සුවධරණී ප්‍රතිශක්තිකරණ පානය සහ ප්‍රතිශක්තිකරණ කැඳවර්ගවලින් එම ඖෂධ මංජුසාව සමන්විතවන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

ඖෂධ මංජුසාව බෙදා හැරීම නිල වශයෙන් ආරම්භ කරමින් එය පළමුවරට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම සිදු වූයේ සැප්තැම්බර් 28 වැනිදාය. රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විසින් අදාළ ඖෂධ මංජුසාව අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වූ අතර අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් විය. එහිදීද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීමේ අරමුණ ඇතිව මේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවය.

එම වැඩසටහන සඳහා රජය විසින් රුපියල් මිලියන 250ක මුදලක් වෙන් කර ඇති බවද පසුව අනාවරණය විය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිසිර ජයකොඩි මහතා ඒ දිනවල ප්‍රකාශ කළේ ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 06ක මුදලක් ඉල්ලුම් කළද, එම මුදල අනුමත නොවූ බවය. රුපියල් මිලියන 250ක මුදලකින් දිවයිනේ සෑම නිවෙසකටම ඖෂධ මංජුසාවක් ලබා දිය හැකිද, යන්නද ඒ දිනවල බොහෝ දෙනාගේ ප්‍රශ්න කිරීමට ලක් විය. ශ්‍රී ලංකාවේ සමස්ත නිවාස සංඛ්‍යාව ලක්ෂ 60ක් ලෙස සැලකුවහොත් එක් නිවෙසක් සඳහා වැය කළ හැකි මුදල රුපියල් 41.66ක් පමණක් වීම ඊට හේතු විය. නිවාස පමණක් නොව පන්සල්, කෝවිල් සහ පල්ලි ඇතුළු සියලුම ආගමික සිද්ධස්ථාන සඳහාද එම ඖෂධ මංජුසාව ලබා දීමට සැලසුම් කර තිබිණි.

දැන් එම වැඩසටහන ආරම්භ කර මාසයකට අධික කාලයක් ගත වී ඇත. නමුත් ජනතාව පවසන්නේ අඩුම තරමේ ඖෂධ මංජුසාවක් ලැබුණු පුද්ගලයකු පිළිබඳ හෝ තමන් මේ වන විට නොදන්නා බවය. ඒ හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය සඳහා වෙන් කළ මුදලට සිදු වූයේ කුමක්දැයි යන්නද බොහෝ දෙනකු විමසන්නට විය. එබැවින් අප රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඇමතුවේ එම ව්‍යාපෘතියට සිදු වූයේ කුමක්දැයි යන්න දැන ගැනීම සඳහාය. කොවිඩ් පිළිබඳ සමාජ බිය නැවතත් ඉස්මතු වෙමින් පසුවන අතරවාරයේ දේශීය ඖෂධ මංජුසාව හුදු ජනතා සිහිනයක්දැයි පමණක්ද යන්න දැන ගැනීමටද අපට අවශ්‍ය විය.

අප සමඟ අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අමුද්‍රව්‍ය සපයා ගැනීම ඇතුළු යම් යම් කරුණු හේතුවෙන් ව්‍යාපෘතිය මඳක් පමා වී ඇති නමුත් ගම්පහ දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා මේ වන විටද ඖෂධ මංජුසාව ලබා දී අවසන් බවය.

“මේක තනිකරම අපේ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ හින්දා අමුද්‍රව්‍ය සපයා ගැනීම ඇතුළු ගැටලු රාශියක් තියෙනවා. නමුත් අපි මේ වෙද්දිත් ගම්පහ දිස්ත්‍රික්කයේ තෝරා ගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක තෝරා ගත් පවුල් සඳහා මේ මංජුසාව බෙදා දීලා තියෙනවා. ඒ වගේම දිවයිනේ බොහෝ ආගමික සිද්ධස්ථාන සඳහාත් අපි මේක ලබා දීල තියෙනවා.”

ජයකොඩි මහතා අදහස් දැක්වූයේ එසේය.

ව්‍යාපෘතිය සඳහා බලාපොරොත්තු වූ මුදල නොලැබීම සම්බන්ධයෙන් මෙන්ම ලැබුණු මුදලින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි දැයි යන්නද ඇමැතිවරයාගෙන් විමසීමට අප අමතක කළේ නැත.

“කොහොමත් අපට එක සැරේ මුදල් ලැබෙන්නේ නැහැ. ක්‍රමානුකූලව එක්තරා අනුපාතිකයකට තමයි අපිට මුදල් ලැබෙන්නේ. ඒ හින්දා ඒ දේ සැලසුම් කර ගෙන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න අපිට සිද්ධ වෙනවා.”

ඒ ඇමැතිවරයාගේ පිළිතුරය.

අනතුරුව අප ඇමැතිවරයාගෙන් විමසුවේ එය දිවයිනේ සෑම නිවෙසකටම ලබා දීමේ සූදානම පිළිබඳවය. එයට ඇමැතිවරයා පිළිතුරු දුන්නේ මෙසේය.

“කොවිඩ් අවදානම දැඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අඩු ආදායම්ලාභී පවුල් සඳහා මේ මංජුසාව ලබා දෙන්න තමයි අපි දැනට සැලසුම් කරලා තියෙන්නේ. ඒ හින්දයි අපි බස්නාහිර පළාත මේකට තෝරා ගත්තේ. ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය කිරීමෙන් පසුව බස්නාහිර පළාතේ අනෙක් ප්‍රදේශවල තෝරා ගත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා මේ මංජුසාව ලබා දෙන්න අපි කටයුතු කරනවා.”

එලෙස අදහස් දැක්වූ ඇමැතිවරයා දේශීය ඖෂධ කොවිඩ් මර්දනයට යොදා ගැනීම සම්බන්ධයෙන් එල්ලවන විවේචනයන්ට මෙලෙස පිළිතුරු ලබා දුන්නේය.

“අපි මේ ලබා දෙන්නේ රෝගයට ප්‍රතිකාරයක් නෙවෙයි. අපි ලබා දෙන්නේ රෝගියාට ප්‍රතිකාරයක්. ප්‍රතිශක්තිය වැඩි කරන එක තමයි මේකෙන් කරන්නේ. දැන් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්ත අයටත් කොවිඩ් ආසාදනය වෙලා තියෙනවා. ඒත් දේශීය ඖෂධ ගැන ප්‍රශ්න කරන කවුරුවත් ඒ ගැන ප්‍රශ්න කරන්නේ නැහැ.”

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අදහස් දැක්වූයේ එසේය.

දැන් පෙනී යන්නේ දිවයිනේ සෑම නිවෙසකටම දොරින් දොරට ලබා දෙන බවට සඳහන් කළ සුවධරණී ඖෂධ මංජුසාව ලබා ගැනීමට නම් ඔබ අඩු ආදායම්ලාභී පුද්ගලයකු විය යුතු බවය. එසේ නොමැති නම් ඔබටත් සිදුවන්නේ පෙර කී සිහිනය දැකීමට පමණි. පවතින ආර්ථික තත්ත්වය යටතේ අඩු ආදායම්ලාභීන් යනු කවුරුන්දැයි යන්න තෝරා ගන්නා ආකාරය නම් අප දන්නේ නැත.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ඇමැති එහෙම කිව්වට මෙන්න පොලිසිය කියනවා දවස් 2කට ගෑස් පිපිරීම් 20ක් වෙලාලු!

Next Post

ලෑස්ති වෙන්න බෙහෙතුත් නැති වෙන්නලු යන්නේ!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

Load More
පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා ආයතනය 2026 ජූනි මස 5 වන දින කොළඹ ඔරියන් සිටිහි පිහිටි සිය නව ආයතනික කාර්යාලය නිල...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.