• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දරුඵල අහිමි කරවන ග්‍රහ හතුරෝ

November 12, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
දරුඵල අහිමි කරවන ග්‍රහ හතුරෝ
Share on WhatsAppShare on Facebook

විශේෂයෙන් විවාහපත් වූ ඕනෑම ස්ත්‍රියකගේ ඊළඟ පැතුම වන්නේ දරු සම්පතකි. මෙය ස්ත්‍රියකගේ පමණක් ප්‍රාර්ථනයක් නොවන අතර විවාහක දෙපළගේම බලාපොරොත්තුවක් බව කිව යුතුය. ඒ වගේම නිසි කාල සීමාවන් සපුරා ඇත්නම් මාපියන්, නැන්දම්මා / මාමාවරු පවා හීන දකින්නේ තමන්ගේ මුනුබුරකුගේ හෝ මිනිබිරියකගේ මුහුණ දැකීමයි. නමුත් අවාසනාවකට මෙන් මෙවන් කිරි සිහින දකින්නට, විවාහපත් වූ නව යුවළ අපොහොසත් නම් එය පවුල් ජීවිතය පවා දෙදරා යෑමට අවස්ථාව වනු නිසැකය. එසේම පුරුෂ පාර්ශ්වයට වඩා ස්ත්‍රී පාර්ශ්වයට මෙවන් අවස්ථාවකදී එහි වැඩි අවදානම එල්ල වන බවද තරයේ සිහි තබා ගත යුතුය. එනිසා එවන් තත්ත්වයක් උපතින්ම හෝ අවාසනාව මත ස්ත්‍රී ඔබට උරුම දැයි නිවැරදි ජන්ම කේන්ද්‍රය තුළින් හඳුනා ගැනීමට හැකියාව පවතින්නේය.
බෞද්ධ ග්‍රන්ථකරණයේද ජාතක රත්නයේ දරුවන් නොලබන ස්ත්‍රීන් වර්ග අට දෙනෙකු පිළිබඳ අවධාරණය කොට ඇත.

  1. වඳ ස්ත්‍රීන්
  2. වයස්ගත ස්ත්‍රීන්
  3. ව්‍යාධි ස්ත්‍රීන්
  4. ළමා ස්ත්‍රීන්
  5. මළ ස්ත්‍රීන්
  6. මාස් ශුද්ධියෙන් තොර ස්ත්‍රීන්
  7. රළු ගතියෙන් යුතු ස්ත්‍රීන්
  8. තරබාරු ස්ත්‍රීන්
    වශයෙනි. නමුත් මෙය යම් ස්ත්‍රියකගේ තත්ත්වයන්ට සීමාවන හේතූන් නිසාවෙන් මෙහි සඳහන් තරබාරු ස්ත්‍රීන්, රළු ගති ස්ත්‍රීන් ආදීන් දරුවන් ලබන අවස්ථා ද නැත්තා නොවේ. එනිසා මෙම ස්ත්‍රි වර්ගීකරණයටත් එහා ගිය නිසි ජන්ම කේන්ද්‍ර පරීක්ෂාවන් තුළින් ස්ත්‍රියකගේ දාරක ශක්තිය කෙබඳුද යන කාරණාව නිසි ලෙස දැන ගැනීමට හැකියාව පවතින්නේය. ගුරුද, පස්වැන්න අධිපතිද , ලග්නාධිපතිද, සත්වැන්නාධිපතිද දුබල නම් එම තැනැත්තාට දරුවන් නොමැත්තේය. ඔවුහු දරුවන් වෙනුවෙන් කිරි සිහින ළං කර ගන්නට මනසින් පවා පීඩා විඳිති. එසේම කේන්ද්‍රයේ ගුරුගෙන්ද, සඳුගෙන්නද, ලග්නයෙන්ද පස්වැන්නේ ශුභ ග්‍රහයෝ නොවේ නම් හෝ අශුභ ග්‍රහයෝ වෙත් නම් එවැන්නෝද දරුවන් ලබන්නට පිං කර නැත. පස් වැන්නට රාහුගේ සම්බන්ධකම් වේද, පස්වැන්නාධිපතිත් රාහුගේ නැකතක වේද, හෙතෙම සර්පයන්ට කළ තාඩන පීඩන නිසාවෙන් දරුවන් නොලබයි.

    තවත් ලෙසකින් බලවත් අශුභතාවක් වන්නේ කේන්ද්‍රයේ පස්වැන්න අශුභ ග්‍රහයකුට අයත් වේද, තවත් අශුභ ග්‍රහයෝ එහි වෙත්ද, ශුභ දැක්මක් නොවේද ඔහුට කිසිදු දරුවකු ලබන්නට වාසනාවක් නොමැති වීමයි. හත් වැන්නාධිපති පහේ සිටි විටත් බිරිඳට දරුවන් නොමැති තත්ත්වයකි. එසේම 5-6-8-12 යන තැනක පාපීන් සිටි විටද දරුඵල නොමැත. රාහු 05 සිටියදී පස්වැන්න අධිපතියා 6-8-12 යන දුෂ්ට ස්ථානයක වේ නම් ද දරුවන් නොලබන්නට බලවත් වන්නකි. ලග්නාධිපතිත් පස්වැන්න අධිපතිත් පරිවර්තනය වී සිටී නම් දරුවන් ලබන්නට වාසනාව අහිමිය. තවත් කාරණාවක් නම්, පස්වැන්න අධිපතියා රාහු සමඟ යෝගව සිටියදී පහ අධිපතියාගේ භුක්තියේදී දරුවකු ලද විට එවන් දරුවන් දිවි ගෙවන්නේ ඉතා කෙටි කාලසීමාවක් බවද දත යුතුය. මෙවන් අශුභතා සහිත නම් කල් තියාම පවත්නා අශුභතාවලින් මිදීමට අවශ්‍ය පරිසරය යම් තාක් දුරට හෝ සකස් කර ගැනීම අවශ්‍ය වන්නේය. බොහෝ මෙවන් ග්‍රහ තත්වයන්ගෙන් යුක්ත දෙදෙනා නිසි ප්‍රතිපත්ති සම්පූර්ණ කොට ගනිමින් තමාගේ කාරණා කටයුතු මූලික කොට ගත්තා වූ අවස්ථාද මා දැක ඇත. දරුවන් නොමැති මවුවරුන් පත්තිනි මවුන් උදෙසා පවත්වනු ලබන විශේෂිත පුද සත්කාර කිහිපයක් ඉදිරි ලිපියකින් වෙනම ඔබ වෙත ඉදිරිපත් කරන අදහසින් සමු ගනිමි.

    ජ්‍යොතිෂවේදී කේ.පී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන
SendShareShare
Previous Post

පස්දුන් කෝරළේ හැංගුණු මනාලි

Next Post

රතන හිමි පිට පටවමින් ‌මෛත්‍රී ‌රෝයල් පාක් මිනීමරුවාට සමාව දීමෙන් ඇග ‌බේරාගන්න හදයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.