• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ඇලෝෂියස්ලගේ මහබැංකුවේ සල්ලි බැසිල්ට ගන්න පුළුවන්ද?

November 24, 2021
in Exclusive, News
Reading Time: 4 mins read
A A
ඇලෝෂියස්ලගේ මහබැංකුවේ සල්ලි බැසිල්ට ගන්න පුළුවන්ද?
Share on WhatsAppShare on Facebook

අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝෂියස් මෙරට ඉතිහාසයට එක්වූ ප්‍රකට නම් දෙකකි. ශ්‍රී ලංකා මහබැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධව ඉතිහාස පොතට එක්වූ මේ දෙදෙනාට එරෙහිව මේ වන විට අධිකරණය හමුවේ නඩු පවරා තිබේ. ඒ අනුව එය මේ වන විට අධිකරණ කටයුත්තක් බවට පත්ව හමාරය. කෙසේ වෙතත් මහබැංකු බැඳුම්කර සිද්ධිය යළිත් කරළියට එන්නේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් දා සිදුකළ අයවැය කතාවේදී මහබැංකු භාරයේ පවතින අදාළ මුදල් බිලියන අටහමාර අයවැයට යොදාගන්නා බවට කළ ප්‍රකාශය නිසාය. ඒ සමගම සමාජයෙන් විවිධ අදහස් පළවූ අතර ඇතැමුන් කියන්නේ එසේ මුදල් ලබාගත නොහැකි යැයි කියාය. මෙවැනි ක්‍රියාවලියක් වත්මන් අය-වැය යෝජනාවන් හරහා සිදුකළ හැකිද? බැලූ බැල්මට මෙය පහසු ක්‍රමවේදයක් බැව් පෙනෙන්නට ඇත. එහෙත් එය නීතිය හා බැඳුණු ක්‍රියාවලියක් නොවේද? මේ ගැන සැබෑ තත්ත්වය දැනගැනීම සඳහා අප ‘මව්රට’ පුවත්පත කටයුතු කළ අතර, ඒ සඳහා ප්‍රකට නීති විශාරදයකුගෙන් කරුණු විමසා සිටියෙමු. ඔහු ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණ නීති විශාරදයකු වන අතර, ප්‍රකට ජනාධිපති නීතිඥයකුද වෙයි. මෙහිදී ඔහු පෞද්ගලික හේතූන් මත තම අනන්‍යතාවය ප්‍රකාශ නොකරන ලෙස ඉල්ලා සිටි අතර, මේ ඔහු සමග යෙදුණු සංවාදයයි.

මහබැංකු බැඳුම්කර වංචාවේදී, ‘පර්පෙචුවල් ටේ‍රෂරීස්’ සමාගම ශ්‍රී ලංකා මහබැංකුවේ ව්‍යවස්ථා සහ නීති සංග්‍රහය කඩකරමින් උපයන ලද රුපියල් බිලියන 8.5ක මුදල මහා භාණ්ඩාගාරය වෙත මාරු කිරීමට යෝජනා කර තිබෙනවා. මෙය මෙවර 76 වැනි අය-වැයෙහි ඇති යෝජනාවක් විදියටයි ඉදිරිපත් වී ඇත්තේ. මෙසේ කළ හැකිද?
මේක මහ පුදුම යෝජනාවක්. එහෙම කරන්නේ කොහොමද? මේ පාඩුව තවම මහාධිකරණයේ විභාග වෙන නඩුවක්. අධිකරණ නියෝගයකින් තමයි මේ මුදල් තහනමකට ලක්කරල තිබෙන්නේ. එහෙම තිබෙන කොට කැමැති කෙනෙකුට ඇවිල්ලා ඒ මුදල් ලබා ගන්න බැහැ. මේ කරන්න යන්නේ හරියට ‘ගේ වහලා තියෙන කොට හොරු බින්දා වගේ’ වැඩක්. අය-වැය යෝජනාවකින් තබා කිසිම ආකාරයකින් ඒ මුදල් හිතූ මනාපයට ලබාගන්න බැහැ. ඒක හරිම විහිළු කතාවක්.

ඒත් සමහර පාර්ශ්ව ප්‍රකාශ කර සිටිනවා, මුදල් ඇමැතිවරයකුට එවැන්නක් සිදුකිරීමට බලතල තිබෙනවා කියලා. එනම් ඒ තහනම් කළ මුදල් භාණ්ඩාගාරයට ලබාගැනීමට හැකිය කියා ඔවුන් ප්‍රකාශ කරනවා?
එක, එක ‘හාරත බූරුවන්’ ඉන්නවා ඔය වගේ කතා කියන, හැට නම ලක්‍ෂයකුත් ආණ්ඩුවට ඡන්දය දුන්නානේ. ඒත් අපි හැම විටම බුද්ධිමත්ව සිතන්න ඕනෑ. යමක් අවබෝධ නැත්නම් ඒ ගැන නිසි ලෙස සොයා බලා අවබෝධ කරගන්නට ඕනෑ. අධිකරණය කියන්නේ උත්තරීතර තැනක්. එහෙම තැනකින් තහනම් කරලා තිබෙන මුදල් තවත් කෙනෙකු ගන්නේ කොහොමද? මුදල් ඇමැතිවරයකුට වුණත් ඒකට අතගහන්න බැහැ. ඔහුට වෙනත් කටයුතු සඳහා බලතල තිබෙන්නට පුළුවන්. ඒත් අධිකරණ කටයුතුවලට ඔහුට අතගහන්න බැහැ.

මෙම වංචාවට අදාළ මුදල් රාජසන්තක කිරීමක්ද කරලා තියෙන්නේ. එහෙමත් නැත්නම් එම මුදල් ක්‍රියා විරහිත කිරීමක් හෝ තහනම් කිරීමකටද ලක්කරලා තිබෙන්නේ?
මුදල් රාජසන්තක කිරීම සිදුකරන්නට පුළුවන් අධිකරණයට පමණයි. ඇමැතිලාට මුදල් රාජසන්තක කරන වැඩ කරන්න බැහැ. දැනට මේ බිලියන 8.5ක මුදල රාජසන්තක කිරීමකට පත්කරලා නැහැ. දැනට මේ මුදල තහනම් කිරීමකට තමයි පත්කරලා තියෙන්නේ. මේ තත්ත්වය හොඳට අවබෝධ කරගන්නට ඕනෑ. මේ මුදල දැනට එම අයිතිකරුවන්ට ලබා ගැනීමට නොහැකි ආකාරයට තහනම් කිරීමකට පමණයි පත්කරලා තියෙන්නේ. අධිකරණයේ මේ නඩුව තවම විභාග වෙනවා. මේතාක් දක්වා මෙම මුදල් අධිකරණය විසින් රාජසන්තක කිරීමකට පත්කරලා නැහැ.

ඒ කියන්නේ මේ බැඳුම්කර වංචාවට සම්බන්ධ වුණු පුද්ගලයන්ගේ පෞද්ගලික ගිණුම්වලද මේ මුදල් තවම තියෙන්නේ?
ඔව්… ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ මුදල් තවම තිබෙන්නේ ඒ පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වල තමයි. එහෙමත් නැත්නම් එම සිද්ධියට සම්බන්ධ වුණු ආයතනවල බැංකු ගිණුම්වලයි. මේ තාක් දක්වා මේ මුදල් රාජසන්තක කිරීමට මහාධිකරණ නියෝගයක් ලැබී නැහැ. එවැනි තත්ත්වයක් තිබියදී මේ මුදල් භාණ්ඩාගාරය වෙත ලබාගන්න බැහැ. මෙම මුදල් තහනම් කිරීමකට පත්කරලා තිබෙන නිසා එම පුද්ගලයන්ට හෝ සමාගම්වලට එම මුදල් කිසිම ආකාරයකින් එළියට ගන්න බැහැ.

ඇමැතිවරුන්ගේ මෙවැනි ප්‍රකාශවලින් මහජනතාව නොමග යනවා නේද? තවත් අතකින් අය-වැය යෝජනාවක් ලෙස මෙවැන්නක් ඉදිරිපත් කිරීම බලවත් වරදක් නේද?
මෙන්න මේ කතාව හොඳින් අහගන්නකෝ. අධිකරණ නියෝගයකින් ගෙයක් ‘සීල් කරලා’ තියෙනවා, එතැනදී අය-වැය යෝජනාවක් ගේන්න පුළුවන්ද මේ ගේ ඇතුළේ තිබෙන බඩුටික අපි අරගෙන යනවා කියලා. අධිකරණ නියෝගයෙන් තමයි ගේ වහලා තියෙන්නේ. ඒකට අතගහන්න කාටවත් බැහැ.

පසුගිය කාලයේ මහින්ද රාජපක්‍ෂ මහතා සහ මංගල සමරවීර මහතා මුදල් ඇමැති ධුර දරද්දී අවස්ථා කිහිපයකදී, ඒ අයගේ නියෝගයන් මත රේගුවේදී තහනම් කළ මුදල් නැවැත නිදහස් කිරීමකට පත්කරලා තියෙනවා. මේ ගැන ලිඛිත වාර්තා තිබෙනවා. විදේශ මුදල් තොග පවා නිදහස් කිරීමේ සිද්ධීන් ගැන, මේ තත්ත්වය කුමක්ද?
ඒක සම්පූර්ණයෙන්ම වෙනම කතාවක්. රේගු පනත යටතේ මුදල් ඇමැතිවරයාට ඒ සඳහා බලතල ලබා ගන්නට පුළුවන්. ඔය කියන ලෙස එම සිදුවීම් වෙලා ඇත්තේ ඒ ආකාරයටයි.

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණ පනත් දෙකක් තිබෙනවා. එකක් 2006 දී සහ අනෙක 2011 දී ප්‍රකාශයට පත්කර තිබෙන එම පනත් හරහා, මෙම මහබැංකු බැඳුම්කර වංචාවේ මුදල් යම් රාජසන්තක කිරීමට පත්කිරීමට පුළුවන්ද?
ඔය කියන මොන පනත යටතේවත් එම මුදල් එකවරම රාජසන්තක කරන්න බැහැ. ප්‍රථමයෙන් අධිකරණ තීන්දුව ලැබෙන්න ඕනෑ මුදල් රාජසන්තක කිරීමට අදාළව, පනත් හරහා යම් නිර්දේශයන් පමණක් ලබාගත හැකියි.

මේ කියන ආකාරයට අධිකරණ නියෝගයකින් මුදල් රාජසන්තක කළහොත් එම මුදල් මහා භාණ්ඩාගාරයට ලබා ගැනීමට හැකිද?
ඔව්, ඊට පසු නිසි ක්‍රමවේදයක් හරහා එය සිදුකළ හැකියි. ඊට පෙර යමක් සිදුකරන්නට ගියහොත් එම මුදල් අයිතිකරුවන්ට අධිකරණ ක්‍රියාමාර්ග පවා ගත හැකියි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කොටකෙතන ගෑනු මැරුවා වගේ වැලිමඩ පිරිමි උස්සන ගමක්!

Next Post

චන්න සියල්ල අතහැර සෝවාන් වෙන්න යනවද?

MORE NEWS

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

මේ වෙනකන් කතා කරපු කිසි කථිකයෙක් කතා කරාද ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ කියලා.මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන්...

Read more
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.